අගමැති රනිල් ඉන්දීය තිරුපති කෝවිලේ පූජාවක..

December 19, 2016 at 3:50 pm | lanka C news
අගමැති රනිල් ඉන්දීය තිරුපති කෝවිලේ පූජාවක..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අනිද්දා දිනයේ ඉන්දියාව බලා පිටත්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මෙම සංචාරයේ අරමුණ ඉන්දියාවේ තිරුමාලාහි තිරුපති කෝවිලේ පූජාවක් පැවැත්වීමට බවද එම වාර්තාවල දැක්වෙයි.

21දා ඉන්දියාව බලා යන අගමැති රනිල් 22 වනදා මෙම පූජාවට එක්වෙයි. අගමැතිවරයා ගිය වසරේදීද ඉන්දීය ගුරුවායූර් කෝවිලේ විශේෂ පූජාවක් පැවැත්වීය.

14,814 Viewers

21 Comments to “අගමැති රනිල් ඉන්දීය තිරුපති කෝවිලේ පූජාවක..”

  1. love nature says:

    බෞද්ධයන් මරා දමා, ඔවුන් වන්දනාමාන කල පන්සල් කෝවිල් වූ බව නොදැන අපේ හරක් දැනගෙන මේවා වන්දනා කරන්න යනවාද , නොදැන හරක් මෙන් වන්දනා කරනවාද යන්න දන්නේ උන්ම පමණි ….

  2. asaranaya says:

    දරුව, පින්ගුත්තරය!දැන් බයද, එන්නෙ දොරෙ බයම්!, ශාස්තරකාරයා අයියා ගැන මොකුත් කියෝලා නෙහිනේ, බය නොවන්න දරුව, හබැයි කනඩි පුපුරා අබ්බගාතයෙක් වෙනවා ලඟදීම යෙපිව වෙස්කවිය කියන්න පටන්ගත්තා.

    • Alapaluwa says:

      අසරණ සහෝ.නියම ඩබල නේද තිරුපති යන්නේ.රණියා කියනවා අනේ කොහොමහරි මුට මැරෙන්න වැඩේ සෙට්කරන්න කියලා සිරා කියනවා මාගේ මරණ දිනය වෙනස් කරදෙන්න කියා. අර එකෙක් බෙරියන්දෙනවා මගේ මරණය ළඟයි කියා කියා ෂා නියමයිනේද?

      • asaranaya says:

        පඹසිරි අයියයි, පින්ගුත්තරයයි ! හොඳම යාලුවෝ දෙන්නා,
        මාරු මාරුවටයි තිරුපති යන්නේ මේ කපටින් දෙන්නා,
        එකෙක් අසුචියි! අනිකා අලිබෙටියි! තරඟෙට ගා ඉඹ ගන්නා
        කොහොමකළත් දැන් මරණ බයෙන් මුන් දෙපළම දඟලන්නා
        අයියෝ දෙපළම දඟලන්නා!
        සත්තමයි! දෙපළම දඟලන්නා!

      • Lionel says:

        ආ මඟ වැරදී යන මං නොපෙනෙයි
        කවුරු යදින්න ද කුමටද තිරුපති වැන්දේ
        හඬා දොඩා කීවත් කවුරුද ඇසුවේ
        මරණය ආදා යන්නට සිදුවේ

  3. පිනට ලැබුන මගේ අගමැතිකම රැකදුන මැන කියා පොල්ගහනවා වැන්න ඇති එහෙමත් නැතිනම් ජනාදිපති කරදුනමැන කියලා වෙන්න පුලුවන්?

    • UNP blood says:

      මොනවද ඉතින් තිරුපති දෙයියගෙ පිහිටෙන් ජනවාරි 27 උදේ වෙනකොට සුභ ආරංචිය ලැබෙන්න කියල තමයි මේ හදිස්සියෙ ඕකෙ රිංගන්න ගියේ.

      • SAPU says:

        තිරුපති වන්නම
        මම අගමැති සිරා ජනපති
        සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ
        අනඟ යහපාලන බඹරු අපි
        අමර වරම අපිට හිමි
        අපි මැරෙන්නේ නෑ
        තිරුපති අපි වැන්දා
        අපේ අපල දුරු කෙරුවා
        රටේ බලය අපට ඇතේ
        රටට කොපමණ විනකෙරුවත්
        වැරදීමෙන් හුස්ම ගියත්
        අපි හඬන්නේ නෑ.. අපි මැරෙන්නේ නෑ

  4. gadol says:

    අසරන වෙලා වගේ සිතට දැනෙනවා

    http://video.genfb.com/1179867025407613

  5. love nature says:

    සච්ච බද්ධ (තිරුපති) මෙන්න ඉතිහාසය

    දකුණු ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශයේ ‘තිරුමලෙයි’ කඳු මුදුනෙහි බුදුරජාණන් වහන්සේ, සිරිපතුල පිහිට වූහ. එය එම කඳු මුදුනෙහි ඇති ‘ශ්‍රීවෙත්කථෙශ්වර ‘ (තිරුපති) දේවස්ථානයේ දී දැක ගත හැකිය. තිරුමලෙයි කඳු වැටිය පර්වත තුනකින් බැඳි පවතී. ඒ නිසා එය ‘සත්ත බද්ධ ‘ නම් විය. පසුව එය ‘ සච්ච බද්ධ ‘ යනුවෙන් ව්‍යවහාරයට පත්විය. මෙම කන්ද ප්‍රපාතාකාරය. ගමනාගමනය දුෂ්කරය. ලංකාවේ මහියංගන මාර්ගයේ ඇති දහ අට වංගු මෙන් මෙහි වංගු පණහකි. මෙහි සිරිපතුල නරඹන අයගෙන් මුදල් අය කෙරේ.

    පුණ්‍යොදය සූත්‍රයට (මජ්ජිම නිකාය) අට්ඨ කතාවක් සපයන බුද්ධඝෝෂ හිමියෝ ‘සච්ච බද්ධ’ ගැන මෙසේ දක්වති. සච්ච බද්ධ පර්වතයෙහි සච්ච බද්ධ නම් තාපසයකු විසීය. ඔහු සිල්වතෙකි. බුදුරජාණන් වහන්සේ එම තාපසයාට දහම් දෙසා රහත් භාවයට පත් වූහ. එයින්පසු බුදුරජාණන් වහන්සේ සච්ච බද්ධ රහතන් වහන්සේ සමග සුනාපරන්තයට වැඩ ආපසු ගමනේදි නර්මදා නදී තීරයෙහි සිරිපතුල පිහිටුවා නැවත සච්ච බද්ධ පර්වතයට වැඩියහ. එහිදී බුදුරජාණන් වහන්සේ සච්ච බද්ධ රහතන් වහන්සේට එහිම වැඩ වාසය කරන ලෙස දැන්වූහ. ඒ සමගම සච්ච බද්ධ රහතන් වහන්සේගේ ආරාධනය අනුව බුදුරජාණන් වහන්සේ සච්ච බද්ධ පර්වතයෙහි ගල් තලාවක් මත දකුණු සිරිපා සටහන තැබූහ.

    සච්ච බද්ධ ශ්‍රී පාද වන්දනා ගාථාව
    සො සච්ච බද්ධ යති සංගම සත්ථු කප්පො
    ඤත්වා ජිනො සගම් පඤ්ච සතෙහි භික්ඛු
    ඛීණා සවොත්ව අභීයාචිත පාද ලාඤ්ඡනං
    තං පද ලාංඤඡනං මහං සිරසා නමාමි

    • saradieal says:

      මෙවැනි අවිද්‍යාව, මිථ්‍යා විශ්වාස ප්‍රවර්ධනය කරන පාලකයන් අපේ දේශපාලන පක්ෂවලින් සහ පාලනයෙන් ඉවත් කිරීමට ජනතාව වහාම කටයුතුකළ යුතුයි

  6. love nature says:

    බුදුන් වහන්සේ සච්චබද්ධ පර්වත ප්‍රදේශයේ භාවනානුයෝගීව වැඩ වාසය කළ බව තිරුමලා කන්ද අවට සහ එම කන්දෙහි ජීවත්වන ජනයා අදටත් පිළිගනිති. ඔවුන් හින්දු ආගමට අයත් වුවද එම කඳුකරයෙහි බුදුහු භාවනා කළ බව පිළිගනිති. මෙවැනි එක්‌ කතාවක එන පරිදි බුද්ධ කාලයෙහි ආන්ද්‍රd ප්‍රදේශයේ භාවනා කළ බව කියන එක්‌තරා ජන කතාවක එන මානවකයෙක්‌ තවත් මානවකයකු අමතා මෙසේ කියයි. ” තුරඟකු මෙන්ම කෘෂ වූ පාද සහිත, කෙසඟ වූ සිරුරක්‌ සහිත සිද්ධාර්ථ ගෞතම නමැති බුදුවරයා භාවනා කරනු පිණිස සච්චබද්ධ පර්වතයට පැමිණ සිටිති. උන්වහන්සේ දැක බලා ගැනීමට මම එහි යමි. කැමති නම් නුඹටද මා සමඟ එහි යා හැකිය……..”

  7. love nature says:

    සිරිපා සටහනක් සච්චබද්ධ නම් පර්වත මුදුනේ පිහිටා ඇති බව සාම්ප්‍රදායිකව විශ්වාස කෙරේ. සච්චබද්ධ පර්වතය පිහිටා ඇත්තේ දකුණු ඉන්දියාවේය. අද එම ස්ථානය ‘තිරුපති’ යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙය අද වන විට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පැමිණෙන හින්දූන්ගේ පුදබිමක් බවට පත්ව ඇත.

  8. love nature says:

    පිරිත් නූලක් බැඳ ගැනීමට පන්සලට ආවිට හාමුදුරුවරු මෙහි තේරුම ඔහුට කියා දුන්නොත් හොඳය.

  9. love nature says:

    බුදුරජාණන් වහන්සේ සුනාපරන්තයට වැඩම කරද්දී සප්තභද්‍ර නම් තවුසකු මුණ ගැසී තිබේ. එම තවුසා බුදුන් වහන්සේගෙන් ප‍්‍රශ්න විචාරා පසුව පැවිදිවීමට අවසර ඉල්ලා ඇත. සප්තභද්‍ර තවුසා බුදුරජාණන් වහන්සේගේ සෙවණේ පැවිද්ද ලබාගත් අතර මෙහි සිට මට වැඳුම් පිඳුම් කිරීමට පූජනීය වස්තුවක් ලබා දෙන්නැයි’ බුදුහිමියන්ගෙන් ඉල්ලා තිබේ. එම අවස්ථාවේදී භාග්‍යවතුන් වහන්සේ මෙහි සිරිපා සලකුණ පිහිටු වූ බව කියැවේ. ඒ අනුව තිරුපති යනු බෞද්ධ උරුමයක්.

  10. S kumara says:

    Soon u will loose your job like in 2003 /4. No one can stop that happens. You too very well know it

  11. JOY says:

    ඇන්ගලිකන් රනිල් මොකද මේ ? කාවද රවට්ටන්නේ ? හනුමා එපාවෙලාද ? තිරුපති හොයන්නේ ? බලාගෙන සර්වබලදාරී ක්‍රිස්තියානි දෙවියන්වහන්සේ කෝප වෙයි …..මෙවැනි එක ප්‍රතිපතියක් නැති නොපෙනෙන දෙවියන් යදින මෝඩයෙක්ද අද අපේ රටේ අගමැති ? ලජ්ජයි….

  12. SKY says:

    අපේ රටට නව ව්‍යවස්ථා ගෙන්න හදන්නේ ඉන්දියාවේ කෝවිල් වදින මේ මිත්ත්‍යය දුෂ්ටික මෝඩ පුද්ගලයින්ද ?
    දැන් ඉන්දියාවේන් තවත් පනතක් සුදානම් කරගෙන එයි අපේ රට අගාදයට ගෙනියන්න …පුළුවන් නම් තමිල්නාඩුවේ ම නවතින්න තිරුපති වදින්න පහසුයි අපේ රටට සෙතක් …

  13. “ohoma yankoo” tawa tika dawasaking kohamath deyyange pihita tama…oheta

  14. Mahesh says:

    Ara hitapu gramasewaka kenek gena kaudo kiyapu anawekiya ikmanin hariyanna kiyalada thirupathi wadinna yanne?

  15. kala says:

    මොන දේවාලේ ගියත් තමන් කල පව් තමාගේ පස්සෙන් එලවනවා. ඒ ටික දැනගෙන හිටියොත් හොදා.

Main News