ගෝටාගේ පොහොට්ට්ුව පමණයි.. වෙන කිසිම ලකුණක් බෑ..- පොහොට්ටු කමිටුව යෝජනා ස්ථිර කරයි..

September 12, 2019 at 12:00 pm | lanka C news
ගෝටාගේ පොහොට්ට්ුව පමණයි.. වෙන කිසිම ලකුණක් බෑ..- පොහොට්ටු කමිටුව යෝජනා ස්ථිර කරයි..

ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ස මහතා ඉදිරිපත් විය යුත්තේ පොහොට්ටුව ලකුණින් පමණක් බවට වූ යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුවේදී ඒකමතිකව සම්මත විය.

කමිටු රැස්වීම පැවැත්වුනේ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පසන්න රනතුංග මහතාගේ නිවසේදීය. ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරණ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, පළාත් පාලන ආයතන ප්‍රධානින් මෙම සාකච්ඡාවට එක්ව සටියහ. මේ සදහා මහජන එක්සත් පෙරමුන, ජාතික නිදහස් පෙරමුන, පිවිතුරු හෙල උරුමය හා ලංකා සම සමාජ පක්ෂයේ දිස්ත්‍රික් නායකයන්ද සහභාගී වී සිටියහ.

කුමණ සන්ධාන ගොඩ නැගුණද ගෝඨාභය රාජපක්ස මහතා ජනාධිපති වරණයට ඉදිරිපත් වියයුත්තේ පොහොට්ටුව ලකුණින් පමණක් බවට වූ යෝජනාව එහිදී ඉදිරිපත් කලේ ගම්පහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති තිස්ස ගුණවර්ධන මහතාය.

මෙම යෝජනාව ස්ථීර කරමින් දැක්වූ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී සදහන් කළේ පොහොට්ටුව මෙරට ජනප්‍රිය පකෂ සළකුන බවයි. ලකුන පිළිබදව ගැටලු ඉදිරිපත් කරමින් ශ්‍රිලනිප යේ ඇතමුන් මේ උත්සාහය දරණුයේ නැවත ශ්‍රීලනිපය එක්සත් ජාතික පක්ෂ යට කිරීමටදැයි සැක සහිත බවයි. පොහොට්ටුව ලකුණ වෙනුවට වෙනත් ලකුණක් යොදා ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති පවත් ජනතාව ඉල්ලන්නේ පොහොට්ටුව ලකුණ මිස වෙනත් ලකුණක් නොවන බවත් රණතුංග මහතා මෙහිදී අවධාරණය කළේය.

ඒ අනුව රැස්විමට සහභාගීවූ සියලු නියෝජිතයන් අත් ඔසවා මෙම යෝජනාව ඒකමතිකව සම්මත කළහ. යෝජනාව මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, යන මහත්වරුන් ට ලිඛිතව ඉදිරිපත් කිරීමටද මෙහිදී තීරනය කෙරිණි.

– ප‍්‍රදීප් අනුර කුමාර

26,978 Viewers

10 Comments to “ගෝටාගේ පොහොට්ට්ුව පමණයි.. වෙන කිසිම ලකුණක් බෑ..- පොහොට්ටු කමිටුව යෝජනා ස්ථිර කරයි..”

  1. Saradiel says:

    බුදුන් වහන්සේ බද්ධ පර්යංකයෙන් නෙළුම් මලක් මත (පද්මාසන) අසුන් ගන්නේ මනස සහ ශරීරය ශාන්ත ලෙස තබා ගනිමිනි. නෙළුම් මලේ ඇති චාම් බව මෙන්ම ශ්‍රේෂ්ඨ බව මෙමඟින් ද සංකේතවත් කෙරේ.

    • රන්බණ්ඩා says:

      අදහසට, හිස නමා ආචාර කරමි.
      ඇත්ත බොලං, නෙළුම් මල කියන්නෙ සොබාදහමේ සංකේතය.
      එවන් උතුම් වංශ කතාවකට උරුමකම් කියන නෙළුම් මල, මෙහෙම ලාංජනයක් විදියට යොදා ගන්න එක ගැන අපට සුළුවෙන් හිතන්න බැහැ බොලං.
      ඉඳින් පොහොට්ටුවෙ නායකයොත් මුල, මැද, අග එකම ප්‍රතිපත්තියක නොපිහිටලා කටයුතු නොකළොත් ආපස්සට කරකැවීම නවත්තා ගන්න නං බැරිවෙයි බොලං.
      ඔය යතාර්ථය මේ හැමෝම තෙරුම් අරන් වැඩ කොරන එකයි ඇත්තෙ.

  2. Love nature says:

    බොහොම ගන්ට නම් ගොයමෙන් අස්වනු
    බොහොම හොදට නෙළුමත් ඕනෑ වෙනු
    කොහොම කළත් බෑ නොහෙලා දැනගනු
    නෙළුම තමයි අපේ පුරුදුම කහවනු

  3. MJ says:

    Pohottuwa nemei gombetten illuwath gota dinanawa.

  4. Saliya says:

    It is like this ” In India Suzuki maruti is selling well. So under these conditions , if Suzuki offers to Mercedes to sell Mercedes cars in India under the Suzuki logo Mercedes will agree?”

  5. tra says:

    amarican karyonta kade gihin anthimata kelauna kiyanda epa

  6. PULATHISI says:

    පොහොට්ටුව නිකම්ම පොහොට්ටුවක් නොවේ. එය නෙලුම් පොහොට්ටුවක් බව සක් සුදක් සේ කාටත් පැහැදිලිය. ඒ පිළිබඳව අටුවා ටීකා අවශ්ය නැත.
    ශ්රීද ලංකා පොදුජන පෙරමුණ බිහිවූයේ නොයෙකුත් බාධක සහ කම් කටොලු බිඳ හෙළා දමමිනි. එය ඇරඹී වසර දෙකක් තරම් කෙටි කාලයක් තුළ එනම් 2018 පෙබරවාරි 10 පැවති ප්රාදේශීය සභා මැතිවරණයෙන් සියලු රාජ්ය් බලපෑම් ද අභිබවමින් අතිබහුතරය ලබා ප්රථම ස්ථානය හිමිකරගත්තේ නෙලුම් පොහොට්ටුව යටතේ ලබාගත් ජනතා ප්ර සාදය උපරිම වශයෙන් ලබාගනිමිනි.
    එබැවින් කුමන හේතුවක් නිසාවත් නෙලුම් පොහොට්ටුව ලකුණ වෙනස් කළයුතු නොවේ.

  7. Aurora says:

    ආප්පයා සහ සමාගමේ පඩංගු කොන්දේසිවලට එකඟ නොවිය යුතුය. ඔවුන් බලා සිටින්නේ සජිත් වෙනම ජනාධිපතිවරනෙට තරඟ කරන තෙක් ඔහුට සහය දෙන්න. නැතිව කවදාවත් ආප්පයා සහ සමාගම තනියම තරඟ කරන්නේ නැත. තරඟ කලොත් අමුඩෙත් නැතිව චන්ද ලක්ෂ 1-2 ප්‍රමාණය ලෝකෙට පෙනෙනවා.

  8. Nim says:

    ” VERY GOOD “

  9. Kadiya says:

    මෙය තනිකරම මානසික බිඳ වට්ටවීමක් සඳහා ඉදිරිපත් කරණ කොන්දේසියකි. එය සමාන කල හැක්කේ ඇතැම් ක්‍රෙඩිට් කාඩ් සමාගම් නිවැරදිව යමකුගේ දුරකථන අංකයට අමතා නියම පුද්ගලයාදැයි සනාථ කිරීමට කියා ජාතික හැඳුනුම් පත් අංකය, අම්මගේ නම, ආදී විවිධ තොරතුරු අසමින් එය තම ක්‍රමවේදය කියා ඉල්ලීමයි. ඒ අදාල පුද්ගලයා මානසිකව බිඳවට්ටවා තම අරමුණ කරා යන මෙහෙයුම තමා SLFP එක කරන්නේ කිසිම හේතුවකට ඊට යට නොවිය යුතුය.

Main News