ඇමති තෙවරුප්පෙරුම මහතා නිදහස් කරන්නැයි විරෝධතා..

September 15, 2019 at 5:30 pm | lanka C news
ඇමති තෙවරුප්පෙරුම මහතා නිදහස් කරන්නැයි විරෝධතා..

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නියෝජ්‍යය අමාත්‍යය පාලිත තෙවරප්පෙරුම මහතා නිදහස් කරන ලෙස ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් කෝවිලක පුජාවක් පවත්වා පොල් ගසා දේව කන්නලව්වක් කර විරෝධතා ව්‍යපාරයක් අද (15) සිදු කරනු ලැබිනි.

හැටන් පොලිස් වසමට අයත් දික්ඔය ඇන්ෆිල්ඩ් වතුයායේ වතු කම්කරුවන් පිරිසක් දේව පුජාව සහ උද්ඝෝෂනය සංවිධානය කර තිබුණි.

ඉකුත් මස 19 දින කළුතර තෙඹුවන ටොයිස් වතුයායේ මිය ගිය වතු කම්කරුවෙකුගේ මෘත දේහය එම වතුයායේ පාලන අධිකාරිය මගින් මිහිදන් කිරිමට අවස්තාව ලබා නොදිසිටියදි අධිකරණ නියෝගයද නොතකා නියෝජ්‍යය අමාත්‍යය පාලිත තෙවරප්පෙරුම මහතා මැදිහත්වි  එම මෘත දේහය එම වතුයායේ පොදු සුසාන භුමියේදිම වතු පාලන අධිකාරියේ විරෝධය මැද මිහිදන් කිරිමට කටයුතු කිරිම සම්බන්ධයෙන් වතු පාලන අධිකාරිය විසින් මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබු නඩුවකට පෙනි සිටි නියොජ්‍යය අමාත්‍යයවරය මතුගම මහෙස්ත්‍රාත්වරයා විසින් හෙට (16) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කරන ලදී.

උද්ඝෝෂනයේ නියැලි සිටි හැටන් ඇන්ෆිල්ඩ් වතුයායේ වතු කම්කරුවන් කියා සිටින්නේ සුළු ජාතින් නියොජ්නය කිරිමට මේ රටේ දේශපාලන නායකයින් සිටියත්, එම නායකයින්ද එ පිලිබදව අවධාරණය නොකර සිටියදි අමාත්‍යය පාලති තෙවරප්පෙරුම මහතා ඉදිරිපත් වි මිය ගිය තම සහෝදර වතු කම්කරුවෙකුට සාධාරණයක් ඉටු කර දුන් බවයි.

එවැනි අමාත්‍යවරයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරිම සාධාරණ නොවන බවත්, නියෝජ්‍යය අමාත්‍යයවරයාව ඇතුළු සිද්ධියට සම්බන්ධ රක්ෂිත බන්ධනාගාර කර ඇති සියළු දෙනා  නිදහස් කල යුතු බව පවසමින් වතු කම්කරුවන් උද්ඝෝෂනයේ නියැලි සිටියහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

14,214 Viewers

5 Comments to “ඇමති තෙවරුප්පෙරුම මහතා නිදහස් කරන්නැයි විරෝධතා..”

  1. අංකූරා says:

    තෙවරප්පෙරුම වැඩ කරන්නේ හුරේ පාරට මිසක් රට යහපත් දිශාවට ගෙනියන්න නොවෙයි !!, මේ ප්‍රශ්නය විසදාගැන්මට මීට වඩා බුද්ධිමත් විදිහට කටයුතු කරන්න තිබුනා . මේ යකා නීතියත් කඩල මිනිස්සුත් වැරදි තැනක නැවැත්තුවා !!.

  2. පස්දුන්කෝරළේ රාළහාමි says:

    තෙවරප්පෙරුම අහිංසක දුප්පත් මිනිසුන් වෙනුවෙන් පෙනීසිටින මන්ත්‍රීවරයෙක්. අහිංසක ද්‍රවිඩ වතු කමිකරැ ජනතාව ඉන්න හිටින්න තැනක් නැතිව, වැසිකිළි, කැසිකිළි පහසුකමි නැතිව ජරා දුක්විඳිනවා. ඔවුන් රටෙි ආර්ථිකය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබාදී තිබෙනවා. අන්තිමට වතු කමිකරැවෙක් මැරැණාම ඒ මළකුණ වත් තමන් වැඩකළ වත්තේ පොලවට පස්වෙන්න යට කරන්න නොදීම කොචිචර අසාධාරණයක්ද?
    තෙවරප්පෙරුමගේ ක්‍රියාකලාපය හරිම නිරවැරදියි. සාධාරණයි.

  3. Parakum says:

    He is not a LAW MAKER, but a LAW BREAKER, lock him up throw the KEY away.

    • Awithathawe Chandaratana thero says:

      Law should be Break for social justice.
      එකෙකුට වත් කොන්දක් නෑ අහිංසක වතු කමිකරැවන් වෙනුවෙන් පෙනී ඉන්න.
      යකෝ, මුළු ජීවිතයම වත්ත වෙනුවෙන් කඹුරපු එකාගෙ මිනිය දාන්න වත්තෙ හතර රියනක් දෙන්නෙ නැත්තං, වෙන මොනවද කරන්නෙ?
      පොලීසිය, අධිකරණය දෙකම වතු පාලකයගෙ පැත්තෙ.

      තෙවරප්පෙරුම වීරයෙක්.

  4. Boo says:

    ගැලරියේ පරම සතුට සඳහා වැඩ කිරීමට නීති රීති අවශ්‍ය නොවේ. මන්ද එවිට ගැලරිය තමන් වෙනුවෙන් සටනට මෙසේ ඉදිරිපත් වන බැවිනි.

Main News