කරූ ජාතික අපේක්ෂක වී ජනාධිපතිවරණයට.. පොරොන්දුව ජනාධිපති ධුරය අහෝසි කිරීම..
September 16, 2019 at 6:29 am | lanka C news
කථානායක කරු ජයසූරිය මහතාට ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් ජාතික අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කිරීමට යෝජනා කර ඇති බව සති අන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.
ජනාධිපතිවරණය ජය ගත් වහාම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු මත කරු ජයසූරිය මහතා ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂයට යෝජනා කිරීමට කණ්ඩායමක් සූදානම් වෙමින් සිටින බවද එම වාර්තාවල සඳහන්ය.
මෙම ජාතික අපේක්ෂකයාට සිවිල් සමාජ කණ්ඩායම් වල සහාය ලැබෙනු ඇතැයිද වාර්තා වෙයි.
කෙසේ වෙතත් කරූ ජයසූරිය මහතා සඳහන් කර ඇත්තේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් නමුත් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය නොබෙදී තමනට පූර්ණ සහාය දිය යුතු බවයි.
ජනාධිපතිදූරය අහෝසි කරාම රටේ ඒකපුද්ගල ආදායම ඉබේ වැඩි වෙනවා, පාරවල් ඉබේ හැදෙනවා, රටේ ආරක්ශාව ඉබේ තහවුරු වෙනවා, කෝච්චි වැටෙනවා, දැනුම ආශ්රිත කර්මාන්ත ඉබේ පහල වෙනවා, දූශණය අඩු වෙනවා. එහෙමද කරූ?
අනෙ නිකන් තව වටිනා අවුරුදු 5ක් නාස්ති නොකර ගෙදරට වෙලා ඉදපන් කරූ.
මේ රටේ එවුං සමහරකට, අාන්ඩුව දේවල් කරත් වැරදියි, නොකලත් වැරදියි. හැබැයි රටේ එකාලට කරන්න කිව්වත් බෑ කියනව එක්කො දුන්නෙ නැති උනොත් අැයි දුන්නෙ නැත්තෙ කියල අහනව. කට නං තියෙනව හැමදේටම.
පක්ෂයක් පාර්ලිමේන්තු බහුතරයක් නැති ජනාධිපති තෙනෙක් කොහොමද ජනාධිපති ධූරය අහෝසි කරන්නෙ? එනිලා පස්ස දොරෙන් බලයට ගේන්න කියන මුගෙ බය්ලනෙ.
පබත් ඉල්ලයි වගේ
Sulu Jaathika Paksha kisiseth Janaadipathikama ahosi karanna kamathi wenne na, e nisa karuta apekshathwaya ganda labenneth na, Ranil heena mawwata Ranilta balathala wadikara ganna owun kamathi wenneth na, TNA eka hora gal ahulanne mas kuttiyama Sajith gen ganda uthsaaha kireemak witharai.
අපි පබාව ගේනවාාාා
ඔවු , මිනිස්සුන්ට මේ වෙලාවෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ ඉතින් ඒකනේ..🙃
මුහුද හත් ගව්වක් තියා අමුඩ ගහනවා වාගේ.
මනෝ රාජ්‍යෙය් සැරි සරන අයට
එක්තරා තරුණ ගොවියෙක් තමන්ගේ ගෙදර හාන්සි පුටුවේ දිගාවෙලා කල්පනා කරමින් හිටියා.
එයාගේ ගෙදර ගේට්ටුව දෙපැත්තේ ඇති මුරුංගා ගස් දෙක කරල් වලින් බරවෙලා තියෙනවා මේ තරුණයා දැක්කා. “මෙදා නම් මුරුංගා ගස් දෙකම කරල් වලින් බරවෙලා. මේ පලාතටම වෙන මුරුංගා ගස්වල කරල් නැහැ. මෙදා පාර නම් මුරුංගා විකුණලා මට මුදල් බොහෝමයක් එකතු කරගන්න පුළුවන්. මුරුංගා වලින්
ලැබෙන සල්ලි වලින් මම එළදෙනුන් හත් අටදෙනෙක් ගන්නවා.
එතකොට උන් පැටවුන් විසි තිස් ගණනක් බිහි කරාවි. එතකොට එළකිරි විකුණලා මට පවුම් හැට හැත්තෑවක් උපයා ගන්න පුළුවන්. වැඩි කාලයක් යන්නෙම නැතිව තවත් පැටවුන් ලැබෙයි. එතකොට එළදෙනුන් සියගණනක් මං ගාව ඉන්නවා. මාගේ මාසික ආදායමත් සිය ගණනක් වේවි.
එතකොට බැරියැයි මගේ තත්වයට ගැලපෙන විවාහයක් කරගන්න. ගමේ පළවෙනි ගමරාළගේ දූ මගේ බිරිද වශයෙන් ගැලපේවි. ඈ කැන්දාගෙන එන මගුල් උලෙල බොහෝම ලස්සනට කරන්ට ඕනෑ. නෑදෑයෝ බදින තොරණ ඇරෙන්න මාත් තොරණක් බදින්න ඕනෑ. ඒ තොරන මේ පළාතේ වෙන තැනක හැදුවේ නැති තරම් ලස්සන ලොකු එකක් වේවි.
මේ මුරුංගා ගස් දෙක නිසා මගේ මගුල් තොරණ බදින්ට ඉඩ නෑ. ඒ නිසා මේ ගස් දෙක කපන්ට ඕනෑ. මේ විදියට මනෝ රාජ්යෙයේ සැරි සැරූ තරුණයා පොරවක් ගෙන ගොස් මුරුංගා ගස් දෙක කපා දැම්මා. ඉන් පස්සෙයි සිදුවුණ අලාභය ඔහුට වැටහුනේ. අන්තිමේදී සියලුම යස ඉසුරු බලාපොරොත්තු වුණු මුරුංගා ගස් දෙකත් ඔහුට නැති වුණා.