නෙළුම් කුළුණෙන් බිලියන 02ක් ගැහුවාමයි..- ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිල නිවේදනයක්..

September 17, 2019 at 12:02 am | lanka C news
නෙළුම් කුළුණෙන් බිලියන 02ක් ගැහුවාමයි..- ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිල නිවේදනයක්..

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

කොළඹ නෙළුම් කුලුන ජනතා අයිතියට පවරා දෙනු ලබන්නේ මතභේදාත්මක ගිවිසුමකින් ශ්‍රී ලංකාවට අහිමිවීමට ගිය විශාල මුදල් ප්‍රමාණයක් රටට ඉතිරිකර දෙමිනි.

නෙළුම් කුලුන ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත සමස්ත පිරිවැය රුපියල් බිලියන 19ක් වූ අතර එම මුදල සම්පූර්ණ ණය මුදලක් වශයෙන් ශ්‍රී ලංකා රජයට ලබාදීමට චීනයේ EXIM බැංකුව එකඟ වී තිබිණි. එම එකඟත්වයට අදාළ ව මෙම ඉදිකිරීම් සඳහා වන කොන්ත්‍රාත්තුව 2012-01-03 වන දින චීනයේ CEIEC සහා ALIT යන සමාගම් සහ විදුලි සංදේශ නියාමන කොමිසම අතර ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමක් ලෙස ඇතිකර ගැනිණි.

පසුව 2015 දී සිදුකරන ලද විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ එයින් එක් පාර්ශ්වයක් වන ALIT නමින් වන සමාගමක් පිළිබඳව කිසිදු තොරතුරක් සොයාගත නොහැකි බව ය. ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේ පිළිබඳව බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා චීන රජයට ද දැනුම් දී තිබේ. ඒ අනුව ALIT සමාගම පිළිබඳ තොරතුරු ලබා ගැනීමට උත්සාහයක් ගනු ලැබූ නමුත් එනමින් කිසිදු සමාගමක් චීනය තුළ හෝ ඉන් බැහැර රටකින් සොයා ගැනීමට නොහැකි විය. එකී සමාගමට අදාළ ව ගිවිසුමේ අන්තර්ගත ලිපිනය ද ව්‍යාජ එකක් බවට තොරතුරු හෙළි විය.

මේ අතර ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් බිලියන 02ක මුදලක් චීනයේ ALIT සමාගමට ප්‍රථමයෙන් ම අත්තිකාරමක් ලෙස ගෙවා ඇතත් එම රුපියල් බිලියන 02ක මුදලට සිදු වූ දෙයක් පිළිබඳව ද කිසිදු වාර්තාවක සඳහන් නොවේ. ඒ අනුව 2017 නොවැම්බර් මාසයේ දී ගිවිසුම්ගත ත්‍රෛපාර්ශ්වීය එකඟත්වයෙන් එක් පාර්ශ්වයක් වූ ALIT නමින් සඳහන්ව තිබු සමාගම බැහැර කරන ලද අතර එම සිදුවීමෙන් පසු චීනයේ EXIM බැංකුව ලබාදෙමින් පැවති ණය මුදල අත්හිටුවන ලදී.

එහි ප්‍රතිඵලයක් ලෙස චීනයේ EXIM බැංකුවෙන් ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටි රුපියල් බිලියන 16ක ණය ප්‍රමාණය රුපියල් බිලියන 12කට සීමා විය. එහෙත් ඒ වන විටත් ලබාගෙන තිබූ එකී ණය මුදල සඳහා සෑම වර්ෂයක ම ණය වාරිකය ලෙස රුපියල් මිලියන 2400ක මුදලක් හෙවත් රුපියල් කෝටි 240ක මුදලක් ශ්‍රී ලංකාව ගෙවමින් සිටී. 2018 වසරට අදාළ ව ද ශ්‍රී ලංකාව එකී ණය වාරිකය වන රුපියල් කෝටි 240ක මුදල ගෙවා අවසන් කර ඇති අතර, එය තවත් වසර 10ක කාලයක් ඒ ආකාරයට ම වාර්ෂික ව ගෙවීමට සිදුව ඇත. එමෙන් ම 2019 වර්ෂයට අදාළ ණය වාරිකයේ ප්‍රථම අර්ධය වන රුපියල් කෝටි 120ක මුදලක් මේ වන විටත් ගෙවා තිබේ.

මෙවන් පසුබිමක නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව රුපියල් බිලියන 04ක දායකත්වයක් දරමින් අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළ ඉතිරි කර ගැනීමට දායක්තවයක් ලබාදී තිබේ.

ඒ අනුව ඉදි කෙරුණු නෙථම් කුලුනෙහි පාදමේ විශ්කම්භය මීටර් 45න් යුතු වන අතර, මීටර් 356 ක උසකින් යුක්ත ය. කුලුනේ ප්‍රධාන අංගය සන්නිවේදනය වන අතර කුලුනේ ඉහළ ඉදිකර ඇති ඇන්ටනා ආවරණයේ මුළු දිග මීටර් 90ක් පමණ වේ. එම ඩිජිටල් ඇන්ටනාව උතුරට කි.මි. 60ක් හා දකුණට කි.මි. 60 සහ නැගෙනහිරට කි.මි. 50 හා බටහිරට කි.මි. 15ක් ආවරණය කෙරේ. මින් රූපවාහිනී සමාගම් 20 ක් ගුවන් විදුලි එෆ්.එම්. විකාශන සමාගම් 50ක් සහ විදුලි සංදේශ ක්‍රියාකරුවන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට සමත් වේ.

මෙම කුලුන ඉදිකිරීමේ මූලික සැලසුම් 2008 වසරේ දී සැකසෙන අතර 2012 දී එහි ඉදිකිරීම් ආරම්භ කළ අතර ව්‍යාපෘතියේ ප්‍රධාන උපදේශකත්වය මොරටුව විශ්ව විද්‍යාලය වෙතින් ලැබිණි.ඉංජිනේරු විද්‍යාව, ව්‍යුහ ඉංජිනේරු විද්‍යාව, කොන්ක්‍රීට් තාක්ෂණය, උස් ගොඩනැගිලි කම්පන අධ්‍යාපන විද්‍යාව, විදුලි ඉංජිනේරු විද්‍යාව වැනි ක්ෂේත්‍රවල නිපුණතා සහිත ශ්‍රී ලාංකීය විද්වතුන්, ඉංජිනේරුවන් 70ක වඩා මේ සඳහා දායක වූ අතර රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන ඉංජිනේරු, සිසු සිසුවියන් සිය ගණනකට ක්ෂේත්‍ර පුහුණුව ලබාගැනීමට අනගි අවස්ථාවක් ද මෙම නිමැයුම උදා කළේ ය.

– ජනාධිපති මාධ්‍ය අංශය

70,817 Viewers

40 Comments to “නෙළුම් කුළුණෙන් බිලියන 02ක් ගැහුවාමයි..- ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිල නිවේදනයක්..”

  1. Buddhist says:

    Ai ada vanakam Presidential Commission ekak mekata pihitawala naththe? Mehema horakamak wela thiyanawanam EXIM bankuwath meketa waga kyanne oni, egollange due diligence monowada wune. EXIM bankuwata dannawa Chinese Companies gana lankawata wadiyen. Chinuth Horu, Rajapakselath Horu, dennama ekawwela honda gamak gahala. Maithreeth meketa waga kiyanna oni, ai mechchara dawas meketa mona commission ekak wath pihituwe naththe kyala.

    • Dilshan says:

      Sirisena is following Dayasiri s orders Dayasiri wants to get nominated as the presidential candidate of Slfp. He just want to get nominated so that he can boast to his friends and relatives while getting benefits from unp for dividing vote base.
      Sirisena has no proof of anything but he wants to tarnish Rajapaksha name. this is one of Rajitha type lie but what he forgets is that by accusing these banks in China he’s accusing the Chinese government becuse most of these companies are government companies.its well known that Chinese government has zero tolarant for fraud.

      • Kuveni says:

        Is Sirisena a saint as he pretends to be?
        Sometime ago there was an allegation against him in the public media of Australia for demanding financial gratifications for awarding a contract.
        There was another story circulating in the social media that he was personally involved with the allocation of data frequencies to Maharaja Organization.

        Further more his chief of staff Mahanama was caught red handed while taking a bribe!

        The SLPP should know that diplomacy is not a equal to timidity!

    • sirimal says:

      ආ එ්කෙන් තමයි රත්තරන් අශ්වයෝ ගත්තේ. උන්ට දුවන්න බැරි නිසා ආපහු ඇමරිකාවේ බකිම් හැම් මාළිගාවට දුන්නා.

  2. Sarath says:

    කව්ද කුළුණ හදමු කිව්වෙ? රජතුමා නේද. කේටි 200 ක්. සෙල්ලං නැ.

    • ajith says:

      සමාගම බොරුවක් කලානම් බොන්ඩ් එක සීස් කරන්න තිබුනනේ . චිනේ තියෙන්නේ රාජ්‍ය සමාගම් හා රාජ්‍ය බැංකු . ඒක නිසා බොරු කියන්නේ බලාගෙන .

  3. බන්ඩා says:

    ශ්‍රිලනිපය අලි නැට්ටෙ එල්ලල යහපාලනය කොරන්න ගිය ආත්මාර්ථකාමී සිරිසේන තමන් නොහැකියාව වහගන්න අන්තිමේ රටය් ජාතියය් පක්ෂෙය් ඔක්කොම විනාස කලා. උඹට සමාවක් නැහැ ටං.

  4. බන්ඩා says:

    ශ්‍රිලනිපය අලි නැට්ටෙ එල්ලල යහපාලනය කොරන්න ගිය ආත්මාර්ථකාමී සිරිසේන තමන් නොහැකියාව වහගන්න අන්තිමේ පච කෙලමින් රටය් ජාතියය් පක්ෂෙය් ඔක්කොම විනාස කලා. උඹට සමාවක් නැහැ හිටං.

    • suresh says:

      මේ වගේම බිලියන 2 බොරුවක්. කලින් කිව්වා නිල්වලා ගඟ ඇඹිලිපිටියට හරවන ව්‍යාපෘතිය ගැන. අන්තිමට වංචාව වෙලා තියෙන්නේ දුමින්දගේ කාලේ . කතාව එතැනින්ම ඉවරයි . කොහොම හරි සාගලගේ ඉඩම් බේරගන්න ව්‍යාපෘතියත් එතැනින්ම නතර කළා.

  5. Jay says:

    http://www.alitchina.com web site ekata gihin balana.

    • kasun says:

      oka construction company ekak da

      • ponilage lollo says:

        aerospace long march international trading company (ALIT).
        (CEIEC) national electronics import and export corporation ඈ බොල බූරුවො තො කියන්නෙ මෙකත් construction company එකක් කියල්ද?පොල් බූරුවො මෙක telecommunication tower එකක් එකයි මෙ වගෙ ආයතන සම්බන්ද කරගන්නෙ

  6. Dp says:

    What we hear is 2 billion paid as advance gone missing. This was known in 2015. By that time aprox 80% of the structure was completed. So are those funds really missing .

  7. rana says:

    Mr.President, Why did you wait 4.5 years to reveal this allegation against previous government.? At least for the last 3 years, you knew about it according to the way you reveal it. So why don’t you ask police, FCID or CID to conduct an investigation. Is it because you and your family members also engage in the fraudulent activities? And why you choose the day of opening the Lotus Tower to reveal this accusation? I think this is fake accusation. You just want to prevent MR getting the credit of starting the Lotus Tower project. Come on President, don’t be a liar. Do an investigation and tell the truth to the public. U have power.

  8. Susantha says:

    Search the company on the web. You can find the details of the company..

  9. NAK says:

    If he knew for sure that 2Bn was pilfered what has he,as President, done about it for nearly five years?
    Just big mouthing won’t be enough.

  10. Me3 says:

    Why tell the people now? What did the so-called yahapalana government did since 2015 to net the responsible parties and bring before the people and justice?
    Shameful

  11. හෙළ ලකුණ says:

    ඔය අතුරුදහන් වී ඇතැයි කියන සමාගමේ වෙබ් අඩවියට අනුව නම් එය චීන රජයට අයත් සමාගමක්. ඔවුන්ගේ වෙබ් අඩවියේ ඇති ප්‍රවෘත්ති නිවේදනයක් පහත පලකරමි.

    LY-80 Medium Range Air Defense
    source:Jacktime:2018-05-04 read:25

    China Aerospace Long-March International Co., Ltd (ALIT), the core subsidiary of China Aerospace Science and Technology Corporation (CASC), is a leading state-owned enterprise authorized by the Chinese government for export and import of aerospace related weapon systems, products and technologies. Based on first-rate product and technology, 60 years of rich experience, strong manufacturing and supporting capabilities of China aerospace industry, ALIT is committed to serving as a bridge in aerospace industry cooperation between China and the rest of the world.
    ALIT focuses on providing customers with tailor-made systematic solutions, and has a full range of products, including but not limited to missile weapon systems (surface-to-surface missiles, surface-to-air missiles, and airto-surface missiles), multiple launch rocket systems (MLRS), precision guided bombs (PGB), unmanned aerial vehicles (UAV), anti-terrorism / anti-riot equipment, border coastal surveillance and control / command systems, as well as aerospace application equipment. ALIT is also willing to collaborate in joint R&D, co-production, transfer of technology (TOT) and logistics system setup.

    ALIT has demonstrated the characteristics of superior performance, high quality and professional service in the fields of long range precision strike, reconnaissance / surveillance and attack integration, air defense and missile defense, and high lethality etc. ALIT also offers civil goods, engineering construction and relevant technologies, and has been ready to make due contribution to world peace and security. ALIT has maintained broad business relationship and highly efficient sales network with dozens of countries and won trust and esteem all over the

    ALIT always strictly abides by international conventions and Chinese laws and regulations on anti-proliferation. With the philosophy of safeguarding world peace, seeking mutual development and pursuing win-win outcome, ALIT is dedicated to promoting communication and cooperation with friends and partners worldwide.

  12. හරීන්ගෙ ගූගල් බැලුම උඩ තිබුනනම් හරි විස්තරේ හොයාගන්න තිබුන….කෝ හාදය බිම දාගත්තනෙ ඒක…..දැන් ඉතින් හරි තොරතුරක් නැතිව ඇදගෙන නාගන්නව.

  13. Darshana Bandara says:

    මෙච්චර දෙයක් දන්නවනම්, විවෘත කරන දවස වෙනකන් හිටියේ ඇයි ? ඇයි ජනාධිපති හැටියට නීතිය ක්‍රියාත්මක කලේ ?

  14. rajeewa says:

    This information is for the ignorant stupid idiots that work for the SL President. get your facts straight before any media releases. “JOKERS”

    https://www.bloomberg.com/profile/company/0778414D:CH

    Aerospace Long-March International Trade Co Ltd “ALIT”

    ADDRESS
    the No.7 Building, Section 15, No.188, Nansihuan Xilu, Fengtai District Beijing China
    PHONE
    0086-10-56533700
    WEBSITE
    http://www.alitchina.com

    • kasun says:

      dont show your stupidity. please tell me ho aerospace company construct a building?

      • ponilage lollo says:

        aerospace long march international trading company (ALIT).
        (CEIEC) national electronics import and export corporation ඈ බොල බූරුවො තො කියන්නෙ මෙකත් construction company එකක් කියල්ද?පොල් බූරුවො මෙක telecommunication tower එකක් එකයි මෙ වගෙ ආයතන සම්බන්ද කරගන්නෙ

  15. සිරිබිරිස් says:

    විදේශීය සමාගමක් සමග ගිවිසුම් ගත විමෙදී නීතිපති මගින් එම ගිවිසුම පරීක්ෂා කිරීම සිදු කරන අතර අදාල විදේශීය සමාගම් වලට ඈති නිත්‍යානුකුල බව පරික්ෂා කිරීම සදහා එම සමාගම ලියාපදිංචි රටේ විදේශ අමාත්‍යංශයේ සහ එරට පිහිටි අපගේ තානාපති කාර්යාලයේ සහතිකය අත්‍යවශ්‍ය අංගයකි. අපේ රටෙන් රැකියාව සදහා පිටරට යන අයත් මෙවැනි ක්‍රම වේදයක් අනුගමනය කරන අතර , විදේශීය සමාගමක් සමග ගිවිසුම් ගත වීමේදී මෙවැනි ක්‍රම වේදයක් වත් අනුගමනය නොකරයි කියා කිසිසේත්ම පිළිගත නොහැක . එබැවින් මෙම ප්‍රකාශය අමුලික බොරුවක් බව ඉතා පැහැදිලිය.

  16. පොරමෝලා says:

    එතකොට ලොක්කා ඕස්ට්‍රේලියාවේ SMEC සමාගමෙන් මුකුත්ම ගත්තෙම නැද්ද?

  17. පොරමෝලා says:

    එතකොට ලොක්කා ඕස්ට්‍රේලියාවේ SMEC සමාගමෙන් මුකුත්ම ගත්තෙම නැද්ද ?

  18. UNP-GALIBBA says:

    මත්‍රීපාලනම්වූ ආප්ප වලඳා කොකාපෙන්වූ පතිජනාදී මේදාපාර එම ආප්පයම රනිල්ටද ගිල්ලන්නේය සජිත් සමඟ එකතුවී ගෙන යන්නේ ත්‍රීශූල උගුලකි සජිත් පතිජන මත්‍රීපාල අගමැටි කවුරුන් කෙසේකීවද සිදුවන්න යන්නේ මෙයයි ???? මෙදාපාර මේ ගොන් මහජනයා වරදා ගතහොත් මේ කපේදී ලංකාව ගොඩ නොඑන්නේය​????

  19. Sinhalayo says:

    කියන කෙනා කොහොම වුනත්, මොලේ තියන අසන්නනි. බිලියන 200 සල්ලි වලින් දුන්න කියල තමය් මෙය මේ කෙකර ගාන්නේ. නමුත් ලෝකයේ රටවල් අතර ගනුදෙනු කරන්නේ චෙක් පත් වලින් බව නොදන්නේද ? එහෙම නම් චෙච්ක් එක ලියපු බැංකුවට පුළුවන් කොහෙද එක ගියේ කියල බලන්න. ජනාධිපති කියනවා කියල හැම දෙයක්ම ගොන්නු වග පිලි නොගෙන තමුන් හිතා බලල ඇත්තද බොරුද කියා බලනවා නම් අපේ රට මීට වඩා දියුණු විය හැකිය් .

  20. kaluwaa says:

    Go to the following site, ALIT is a subsidiary of China Aerospace Science & Technology Corporation.
    https://en.wikipedia.org/wiki/China_Aerospace_Science_and_Technology_Corporation

  21. SL says:

    What has happened to advance payment bond?? ,

  22. p.d goonawardena says:

    මුගේ කටට හක්ක පටස් එකක් දාන්න හිතෙන්නේ මට විතරද?????

  23. Manoj says:

    ajith says:
    September 17, 2019 at 9:32 am
    සමාගම බොරුවක් කලානම් බොන්ඩ් එක සීස් කරන්න තිබුනනේ . චිනේ තියෙන්නේ රාජ්‍ය සමාගම් හා රාජ්‍ය බැංකු . ඒක නිසා බොරු කියන්නේ බලාගෙන .

    Reply

    GON MOODA “ajith”, බොන්ඩ් එක සීස් kala nam, okkoma LOANS nawathinawaaa. Construction BLOCK wenawaaa. Media Show ekata hari Sirisena ya mehema kiyapu eken kage kageth REDHI gelawunaaa 🙂 🙂 🙂

  24. Laksiri says:

    ප්‍රොජෙක්ට් එකේ මුළු වියදම ඇ. $ මිලියන104 යි. ඒ කියන්නේ රුපියල් බිලියන 200ක් විතර. ගැහුවේ රු. බිලියන 2 යිලු. යකෝ නිකම් මිනිස්සුන්ට අපහාස කරන්ඩ එපා.

  25. Kaluwaa says:

    Cheque the following link:
    https://en.wikipedia.org/wiki/China_Aerospace_Science_and_Technology_Corporation
    ALIT (Aerospace Long-March International Trade Co, Ltd) is a subsidiary of China Aerospace Science and Technology Corporation which is a state owned company.

  26. kaluwaa says:

    Pls check the following link:

    https://en.wikipedia.org/wiki/China_Aerospace_Science_and_Technology_Corporation

    ALIT (Aerospace Long-March International Trade Co, Ltd) is a subsidiary of China Aerospace Science and Technology Corporation (CASC) which is a state owned company.

  27. sk says:

    හරකා වුනට තප්පුලන්න එපා, මෙතියෙන්නෙ web site එක(http://www.alitcn.com/), මේක තවම තියෙන කොම්පනියක්

  28. රනිල් says:

    මේ හුටං එදා ඉඳල කලේ අනුංට බැන බැන දොස්කිය කිය ගිය එක විතරයි. මේ පහතින් මම පෙන්වන්නෙ ඒ සමාගමේ ලිපිනය
    AEROSPACE LONG-MARCH INTERNATIONAL TRADE CO., LTD.
    Location:
    NO.7 BUILDING,SECTION 15,ABP BEIJING,NO.188 NANSIHUAN XILU FENGTAI DISTRICT,BEIJING,P.R.CHINA.
    13691585059

    010-56533888
    මෙන්න දුරකථන අංක අනේ හුටං කථාකරල බලන්න

  29. podi gamaya says:

    CHINESE GOVERNMENT SHOULD REPLY

Main News