නෙළුම් කුළුණට ගෙවූ කෝටි 200 චීන EXIM බැංකු වවුචර මෙන්න..

September 18, 2019 at 12:02 am | lanka C news
නෙළුම් කුළුණට ගෙවූ කෝටි 200 චීන EXIM බැංකු වවුචර මෙන්න..

කොළඹ නෙළුම් කුළුණ ඉදිකිරීමේ එහි අත්තිකාරම් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 15.64 ක මුදලක් ඉදිකිරීම් සමාගමට ගෙවීම සම්බන්ධයෙන් චීනයේ එක්සිම් බැංකුව විසින් නිකුත් කරන ලද ලේඛණයක් එවකට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා ප්‍රසිද්ධියට පත්කර ඇත.

ඔහු විසින් සිය ෆේස්බුක් පිටුවේ එය ප‍්‍රසිද්ධ කරමින් මෙසේ සටහනක්ද තබා තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි නෙලූම් කුලූන ව්‍යාපෘතිය 2012 වර්ෂයේ දී ආරම්භ කරනු ලැබුවා. මෙම ව්‍යාපෘතියේ කොන්ත‍්‍රාත්කරුවන් ලෙස එවකට චීනයේ ශී‍්‍ර ලංකා තානාපති කරුණාතිලක අමුණුගම මහතාගේ නිර්දේශය මත China National Electronics Import and Export Corporation – (CEIEC) සහ Aerospace Long-March International Trade Co. Ltd. (ALIT) යන සමාගම් කොන්ත‍්‍රාත්කරුවන් වශයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත තෝරාගනු ලැබුවා.

ව්‍යාපෘතියේ මුල් පිරිවැය ලෙස ටෙන්ඩර් මණ්ඩලය අනුමත කළ මුදල වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 104.3යි. මෙම පිරිවැයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15.45ක් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අරමුදල් වලින් ගෙවීමටත් ඉතිරි මුදල වන ඇමරිකානු ඩොලර් මිලියන 88.5ක් චීනයේ එක්සිම් (Exim) බැංකුවේ ණය මුදලක් ලෙස ලබා ගැනීමටත් අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබුණා. 2012 ව්‍යාපෘතිය ආරම්භ කරන අවස්ථාවේ දී මුල් අත්තිකාරම ලෙස (Mobilization Advance) ඇමරිකානු ඩොලර් මිලියන 15.45ක මුදලක් එනම් රුපියල් බිලියන 2කට ආසන්න මුදලක් (CEIEC) සමාගමට ගෙවන ලදී. මේ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය ද විදුලි සංදේශ නියාමන කොමිසමට ලැබී තිබුණි.

අදාළ මුදල පේ‍්‍රශනය කර ඇත්තේ චීනයේ එක්සිම් (Exim) බැංකුවේ CEIEC සමාගම විසින් පවත්වාගෙන යනු ලැබූ බැංකු ගිණුමටයි. ALIT සමාගමට කිසිදු ගෙවීමක් කවර හෝ අවස්ථාවක සිදු කර නොතිබුණි. මෙම අත්තිකාරම් මුදල සදහා අවලංගු කළ නොහැකි බැදුම්කරයක් (Irrevocable on demand Bank Grantee) ප‍්‍රධාන කොන්ත‍්‍රාත්කරු වූ CEIEC සමාගම විසින් විදුලි සංදේශ නියාමන කොමිසම වෙත ලබා දී තිබුණි.

ව්‍යාපෘතියේ ප‍්‍රගතිය අනුව මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන්ගේ නිර්දේශ මත වරින්වර අතුරු ගෙවීම් කිරීමේ දී මුල් අත්තිකාරම් මුදල අයකරගෙන ඇති අතර 2018 වන විට අය කර නොගත් අත්තිකාරම් මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2.13ක් විය. එක්සිම් (Exim) බැංකුව විසින් ව්‍යාපෘතිය දිගින් දිගටම ප‍්‍රමාද වීම නිසා ණය මුදලේ ඉතිරි ශේෂය ලබා දීම ප‍්‍රතික්ෂේප කර තිබුණි. ඒ වන විට මුළු ණය මුදල වූ ඇමරිකානු ඩොලර් මිලියන 88.5 මුදලින් අය කර ගෙන තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 67කට ආසන්න මුදලකි. මුල් අත්තිකාරමෙන් පසුව කරන ලද සියලූ අතුරු ගෙවීම් සිදුකර තිබුණේ එක්සිම් (Exim) බැංකුව හරහා CEIEC සමාගමටය.

2018න් පසුව ඉතිරි අතුරු ගෙවීම් සිදුකර ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිසමේ ප‍්‍රතිපාදන මගිනි. මුල් අත්තිකාරම් මුදලින් 2018 වර්ෂය වන විට අයකර ගෙන නොතිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.13ක මුදල ද විදුලි සංදේශ නියාමන කොමිසම විසින් CEIEC සමාගමට ගෙවන ලද අතුරු ගෙවීම් වලින් අඩුකර ගෙන තිබුණිි. ඒ අනුව මේ වන විට ව්‍යාපෘතිය ආරම්භයේ දී ගෙවන ලද අත්තිකාරම් මුදල වූ ඇමරිකානු ඩොලර් මිලියන 15.45 ක මුදල CEIEC සමාගමෙන් අයකර ගෙන ඇත. නෙළුම් කලූන ඉදිකිරීමේ දී රුපියල් බිලියන දෙකක වංචාවක් සිදු කළ යැයි අතිගරු මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපති තුමා විසින් නෙළුම් කුලූන විවෘත කරන අවස්ථාවේ දී (2019 සැප්තැම්බර් 16) සිදු කළ ප‍්‍රකාශය පදනම් විරහිතය. ALIT සමාගමට කිසිම අවස්ථාවක කිසිදු මුදලක් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව විසින් ගෙවා නොමැත.

විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව විසින් 2012 ඔක්තෝම්බර් 09 වන දින එක්සිම් බැංකුව හරහා ඇමරිකානු ඩොලර් මිලියන 15.64ක් මුල් අත්තිකාරම් මුදල ලෙස ගෙවීම සම්බන්ධයෙන් එක්සිම් බැංකුව නිකුත් කළ රිසිට් පතේ පිටපතක් ද මෙහෙි අමුණා ඇත.

– Anusha Pelpita FB

 

68 views

18 Comments to “නෙළුම් කුළුණට ගෙවූ කෝටි 200 චීන EXIM බැංකු වවුචර මෙන්න..”

  1. Aurora says:

    EXIM බැංකුවෙන් අනුමත නය මුදල නොලැබුණේ යහපාලන මෝඩයන්ගේ අකාර්යක්ෂමතාවය නිසා ව්‍යාපෘතිය දිගින් දිගටම ප්‍රමාද වීම නිසා බව මේ ප්‍රකාශය අනුව පෙනේ. එහි වගකීම විදුලි සංදේශ නියාමන කොමිසමේ සහ එය භාරව සිටි සිරිසේන සහෝදරයාගේ සහ මෝඩ ඇමතිගේ නොවේද? ඊ ලඟට බැංකු ඇපකරයක් මත අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව ගෙවූ USD මිලියන් 15.45 ආපසු බිල් ගෙවන්විට වරින් වර අඩුකරගත්තේනම් (According to procedures) එම මුදල අතුරුදහන් වුනයි සිරිසේන කියන්නේ තම මෝඩකම සහ රාජපක්‍ෂ වරු සමඟ ඇති විරසකය නිසාම නොවේද?

  2. Nish says:

    මේ යකා කටට එන ඕන බොරුවක් කියන එක නෙමෙ ප්‍රශ්නේ. මූ කියන ඕන එකක් සාක්ශි නැතුවම පිලිගන්න ලෑස්ති මීහරක් තාම ඉන්න එකයි ප්‍රශ්නේ.

  3. amila says:

    Moota Pissu

  4. Asanga says:

    Who is Anusha..Was he the man imprisoned for Sil Redi case ?,,,ha ha…sil redi hora..

  5. bayta says:

    bageta wada iwara karala hadissiye meka opan kale thawa masa 1,2 deken gedara yanna thiyena nisa nama gaha ganna. bayauna meka gota opan karayi kiyala.

  6. Saradiel says:

    සත්තිය ජය ගන්නවා මයි…

Main News