ජනාධිපති චීන ජනාධිපතිගේ නියෝජිතයා ඉදිරියේදීම චීනයට මහා අපහාසයක් කලා.. මේ අපහාසය අදහාගත නොහැකියි..- ජනපතිගේ ප්‍රකාශයට මහින්දගෙන් පිලිතුරක්..
September 18, 2019 at 10:32 pm | lanka C news
කොළඹ නෙළුම් පොකුණ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා ලබා දුන් රුපියල් බිලියන දෙකක අත්තිකාරම් මුදලක් අතුරුදහන් වී ඇති බවත් එය ලබාගත් සමාගමද අතුරුදහන් වී ඇති බවටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එල්ල කරන ලද චෝදනාවට එවකට හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අදහස් පල කරයි.
ඔහු විසින් මේ ගැන නිකුත් කර ඇති නිවේදනය සම්පූර්ණයෙන් පහත පළවේ.
නෙළුම් කුලුණ ඉදිකිරිමේදී රුපියල් බිලියන දෙකක මුදලක් අතුරුදහන් වීම පිලිබඳ චෝදනාව
කොළඹ නෙළුම් කුලුණ විවෘත කිරීමේ උත්සවයේදී කතා කරමින්, එම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරුවෙකු වූ චීනයේ ‘ඒලිට්’ නැමති සමාගමක් ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිසමෙන් දුන් රුපියල් බිලියන දෙකක (ඒ කාලයේ හැටියට ඇමරිකානු ඩොලර් මිලියන 15ක) අත්තිකාරම් මුදල රැගෙන අතුරුදහන් වූ බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ජනාධිපතිවරයා සිදු කළේය. චීනයේ සිටින අපේ වත්මන් තානාපතිවරයා මෙකී ‘ඒලිට්’ සමාගමේ ලිපිනය සඳහන් ස්ථානයට ගොස් බැලූ විට ඒ ලිපිනයේ එවන් සමාගමක් නැති බවට අනාවරණය කරගත් බවත් ජනාධිපතිවරයා කියා සිටියේය. මේ චෝදනාව රොයිටර්ස් ඇතුලු විදේශීය ප්රවෘත්ති සේවාවන් විසින් සැනෙකින් මුලු ලෝකය පුරාම ප්‍රචාරය කිරීම හේතුවෙන්, එය ආසියානු රටවල් ගණනාවක මාධ්‍ය වල ප්‍රධාන පුවතක් බවට පත්විය.
මෙකී ගෙවීම සිදු කළ 2012 වසරේ, නෙළුම් කුලුණ ව්‍යාපෘතිය බාරව සිටි විදුලි සංදේශ නියාමන කොමිසම තිබුණේ ජනාධිපතිවරයා හැටියට ඍජුවම මා යටතේය. එම නිසා මේ චෝදනාව ගැන පැහැදිලි කිරීමක් සිදු කළ යුතුය. 2012 දී නෙළුම් කුලුණ ඉදිකිරීම සඳහා මුලු ඇස්තමේන්තුව වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 104.3 කි. චීන එක්සිම් බැංකුව මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 88.6 ක් (එනම් ව්‍යාපෘති වියදමෙන් 85% ක උපරිමයක් දක්වා) ණයක් සැපයීමට එකඟ විය. ව්‍යාපෘති වියදමේ ඉතිරි 15% දැරිය යුතු වූයේ ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිසමයි. චීන ණය පහසුකම් යටතේ කරන ව්‍යාපෘති සඳහා කොන්ත්‍රාත් කරුවා නම් කරනු ලබන්නේ චීන ආන්ඩුව විසිනි. ඒ අනුව චීන ආණ්ඩුව විසින් ‘චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් කෝපරේෂන්’ සහ ‘ඒලිට්’ යන සමාගම් දෙක එකතු වී සෑදූ හවුල් ව්‍යාපාරයක් නිර්දේශ කළේය. නෙළුම් කුලුණ අවසන් කිරීමට සැලසුම් කර තිබුණේ 2015 දීය. නමුත් යහපාලන ආණ්ඩුව බලයට පැමිණි පසු මේ ව්‍යාපෘතියට බාධා කිරීම හා කොන්ත්‍රාත්කරුගේ අතපසුවීම් නිසා ව්‍යාපෘතිය ප්‍රමාද විය.
මෙවැනි ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර ණය ලබාගන්න රට, අදාල ව්‍යාපෘතිය වෙනුවෙන් ආයෝජනය කරන 15% ක මුදල අත්තිකාරමක් හැටියට කොන්ත්‍රාත්කරුට ගෙවිය යුතු වේ. ඒ අනුව 2012 ඔක්තෝබර් මස 09 වෙනි දින විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ප්‍රධාන කොන්ත්රාකරු වන චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් සමාගමේ ගිණුමට රුපියල් බිලියන දෙකක් (ඩොලර් මිලියන 15ක්) යැවූ බව ලියවිලි වලින් පෙනේ. අදටත් නෙළුම් කුලුණේ වැඩ කටයුතු කරන්නේ එම ගෙවීම ලබාගත් චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් සමාගමයි. මේ රුපියල් බිලියන දෙක අනෙක් කොන්ත්‍රාත්කරු වූ ‘ඒලිට්’ සමාගමට ලබා දී නැත. මුල් දවසේ සිට අද දක්වා සියලු ගෙවීම් කර ඇත්තේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු වෙන චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් සමාගමේ ගිණුමට බව අදාල ලියවිලි වලින් තහවුරු කරගත හැක.
නෙළුම් කුලුණේ කොන්ත්‍රාත්තුවට නිර්දේශ වූ චීන සමාගම් දෙකම සියයට සියයක්ම චීන ආණ්ඩුවට අයත් මහාපරිමාන සමාගම්ය. හැමදාමත් මේ ව්‍යාපෘතියේ ක්‍රියාකාරී පාර්ශවය වුයේ ‘ඒලිට්’ සමාගම නොව චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් කෝපරේෂන් නැමති සමාගමයි. චීන රජයට අයත් මහා පරිමාන සමාගමක් ලංකාවේ රුපියල් බිලියන දෙකක් රැගෙන අතුරුදහන් වූවා යැයි කීම චීනයට කරන ලද මහා අපහාසයකි. ඒ අපහාසය කළේ ද ලංකාවේ චීන තානාපතිවරයා ඉදිරිපිටදීමය. ජනාධිපතිවරණයක් අතළඟ තිබියදී අපට මඩ ගැසීම තේරුම් ගත හැකිය. නමුත් ඒ වෙනුවෙන්, අපේ රටට බෙහෙවින්ම උදවු උපකාර කළ චීනය වැනි මිත්‍රශීලී ලෝක බලවතෙකුට මේ ආකාරයට ප්‍රසිද්ධියේ අපහාස කිරීම අදහා ගැනීමටත් නොහැකි දෙයකි.
මේ ආණ්ඩුව බලයට ආපු දා සිට කළේ මගේ ආණ්ඩුව විසින් ඉදි කරපු දේවල් විවෘත කිරීම පමණි. නෙළුම් කුලුණත් එවැනිම ව්‍යාපෘතියකි. දුරකථන, රෑපවාහිනී හා ගුවන් විදුලි සම්ප්‍රේෂණ සේවා සැපයීම තුළින් පමනක් නොව දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශණය ඇති ස්ථානයක් වීමෙනුත් නෙළුම් කුලුණ හරහා අතිවිශාල ආදායමක් ආණ්ඩුවට ලබාගත හැක. නමුත් මේ මුලු ව්‍යාපෘතිය වෙනුවෙන්ම වැය වී ඇත්තේ කොලඹ ෂැන්ග්‍රි – ලා හෝටල් ව්‍යාපෘතිය පමණක් ඉදිකිරීමට ඒ පුද්ගලික සමාගමට වැය වූ වියදමෙන් හතෙන් පංගුවකටත් අඩු මුදලකි. ඒ අනුව බලන කළ නෙළුම් කුලුණ යනු කදිම ආයෝජනයකි. එමෙන්ම මෙය ප්‍රංශයේ අයිෆල් කුලුණ මෙන්, ලංකාව සංකේතවත් කරන ඉදිකිරීමකි. ජනාධිපතිවරණයක් අතලඟ තිබියදී මෙවැනි ව්‍යාපෘතියක් ඉදිකිරීමේ කීර්තිය පොහොට්ටු පාර්ශවයට ලැබීම වැලැක්වීම සඳහා, සුබ මොහොතෙන් මේ ව්‍යාපෘතිය විවෘත කරන අවස්ථාවේදීම මේ රුපියල් බිලියන දෙකේ මඩ ප්‍රහාරය දියත් කළ බව මගේ විශ්වාසයයි.
මෙතන සිදු වී ඇත්තේ අසල් වැසියගේ අලුත් වාහනයට, ඉරිසියාවට ගල් ගැහීමට නොවෙනස් දෙයකි. රත්තරන් අශ්වයින්, ලැම්බෝගිනි, ඩොලර් බිලියන 18 ක බැංකු ගිණුම් ඇතුලු වෙනත් චෝදනා රාශියක් අවුරුදු පහකට කළින් සිට අපි අසා තිබුණද, රුපියල් බිලියන දෙකක් අරගෙන අතුරුදහන් වූ චීන සමාගමක් ගැන අපි ඇහුවේ පළමු වතාවටය. නෙළුම් කුලුණ ගැන 2019 අප්‍රේල් මාසයේදී පල වූ පිටු 670 ක විගණකාධිපතිවරයාගේ විශේෂ වාර්ථාවේද රුපියල් බිලියන දෙකක් අරගෙන අතුරුදහන් වූ චීන කොන්ත්‍රාත් කරුවෙකු ගැන කිසිඳු සඳහනක් නැත.
අවස්ථාවට ගැලපෙන පරිදි පට්ටපල් බොරු නිර්මාණය කර කීමට යහපාලකයන්ට ඇති සහජ හැකියාව මෙයින් ඉතා මැනවින් විදහා දැක්වේ. මෙය වැරදි තොරතුරු ලබාදීම හේතුවෙන් සිඳුකළ ප්‍රකාශයක් නම් අදාල පාර්ශවය එය ඉක්මනින්ම නිවැරදි කරනු ඇතයි මම බලාපොරොත්තු වෙමි. නෙළුම් කුලුණු ව්‍යාපාතියට අදාල සියලුම ලිපි ලේඛන විදුලි සංදේශන නියාමන කොමිසම සහ විගණකාධිපතිවරයා සතුව තිබෙන නිසා, මේ කාරණා වල ඇත්ත තත්වය සොයා බැලීම කිසිසේතම අසීරු කාරණයක් නොවේ.
මහින්ද රාජපක්ෂ
විපක්ෂ නායක
This allegation is very much similar to the one made to Gin Nilwala Project. My3 and this YAHAPALANAYA have not done any project or productive work. Instead, they ruined and delayed all Projects initiated in Rajapakse Regime. Moragahakanda was done by you Sir Mahinda, not by My3 or Dr. Kulasinghe. CECB is responsible for all those delays. Also, My3 and CECB are responsible for Uma Oya leak too, not the Rajapakse Regime. All these need to be surfaced. Otherwise, Rajapakse Regime is unnecessarily getting the blame.
අනේ මහින්ද අහින්සකයි. එයා හොරකම් කරලම නෑ. මිනිහට කඩේ යන හිවල්ලු ඔන්න දැන් හූ හූ ගායි..
ඔප්පු කරාද?
කාපු ලණු දිරවගන්න බැරි වෙච්ච තවත් බත් බැලයෙක්.
අනේඅම්මේ රටක මෙහෙමත් ජනාදිපතිකෙනෙක්. මෙහෙමත් සේනාදි නායකයෙක්. මොන්ටිසෝරි දරුවෙක් ගුරුතුමියට නඩුකියනවවගේ.පාසල්ලග ඉන්න රතවාහන රාලහාමි ඔයිට වැඩිය හොදට ලස්සනට.වගකීම්සහිතව වාහන හසුරනවනේ නිලමැස්සට මීවද බදින්නබෑනේද? ඌට පුලුවන් ගූ ගොඩේ වහන්නයි අමිහිරි සද්දයක් නගන්නයි විතරයි
මහින්ද මහත්තයෝ මේ මෝඩ පඹරාල කාගේදෝ කුණු ලනුවක් කාලා, බඩේ අජීර්ණය, දැන් ලූස් මෝශන්,
අනේ මෙහේමත් සිපයි පිටකොන්දක් නැති , මෝඩයෙක්, මොලේ කඳුලක් නැහැ ලඟදීම කම්මුතුයි
No medicine for hypocracy and jealousy
Thanks for the explanation sir.
You are our hero.
Real patriots always salute MR for his great leadership qualities
Let’s vote for Gota to make him our next President
ඔබ තුමා කෙන්ති අරගෙන විවිධ දෙවල් කියන එකට වඩා…අර බන්දුල මහතා කිව්වා වගෙ ඉක්මනට පරික්ශනයක් කරන්න කියලා රජයට බල කරන්න …නැත්නම් මිනිස්සු කියාවි හොරාට කලින් කෙසෙල් කැන වැට පනිනවා කියලා …
Dear Sir,
Thank you very much for giving a Landmark to our Motherland.
19th Tallest in the world, and tallest in South East Asia. What a wonderful achievement ?
Entire nation and whole world will appreciate it and benefit from it.
Thank you once again & Long Life !!!!
I hope you are being sarcastic.
Taxpayer money used for these projects and half of it in their pockets.
One of 6.3M jack-asses
ලණු කාල අමාරුවෙ වැටීම අැඟේම තියෙන දෙයක්.
මේ සැරේ ගිලපු ලණවෙන් ලෝකෙන්ම නින්දාව.
අනේ අපොයි!
තම ගෝල බාල හිස්බුල්ලාගේ අක්‍රමිකතා කෝප් කමිටුවෙන් හෙළිදරව් වන මේ මොහොතේ ඒවා වෙනතක යොමු කිරීම පිණිස මේ දුම් බෝම්බෙ ගැහුව වෙන්න බැරිද ?
The people would show him where he stands in the very near future.
He has proved once again to the patriotic people that he cannot be trusted. He seems to be playing a double game with hidden
,sinister motives of defeating the POHOTTUWA candidate ,who is the nation’s wish at this crucial juncture .He appears to be still engaged in finding ways and means to shatter the nation’s aspiration and make way
for a U N.P . candidate to win.
මෙහෙම ජනාධිපති කෙනෙක් . කිසිම ප්‍රකාශයක් වගකීමෙන් ප්‍රකාශ කරන්නේ නැහැ. මෝඩ තකතිරු ඔල මොට්ටලයෙක්. කුහක කම, ඉතිරිලා