ජනාධිපතිවරණයට ශ‍්‍රීලනිපයෙන් මං එනවා.. පොහොට්ටුවට දණ ගහන්න බෑ…

September 23, 2019 at 6:48 pm | lanka C news
ජනාධිපතිවරණයට ශ‍්‍රීලනිපයෙන් මං එනවා.. පොහොට්ටුවට දණ ගහන්න බෑ…

ඉදිරි ජනාධිපතිවරණයට ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් තරග කිරිමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර කුමාර වෙල්ගම මහතා පැවසිය .

මාතරදි පැවති උත්සවයකින් පසුව මාධ්‍ය අමතා ඔහු මේ බව පැවසිය .

එහිදි අදහස් පළකල ඒ මහතා ,

‘‘ මම කියන්නේ ඉදිරි ජනාධිපතිවරණයට ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙක් දාන්න ඕන , එතකොට ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ හයිය බලාගන්න පුළුවන් . ඒක තමයි මගේ මතය . ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට තරග කරනවනම් සහයෝගය දෙන්න සියලූ දෙනා සැදි පැහැදි ඉන්නවා . එතුමා තරග කරන්නෙ නැත්නම් පක්ෂයේ කෙනෙක් දාන්න ඕන . පක්ෂය වෙනුවෙන් ජනාධිපතිවරණයට මම ඉදිරිපත් වෙන්න සුදානම් .

පොදුජන පෙරමුණ එක්ක සාකච්ජා පවත්වලා තේරුමක් නැහැ . දැන් කොයි කාලේ ඉදන්ද සාකච්ජා පවත්වන්නේ මොකටද එක එකාට දණ නමන්නේ . මේක බණ්ඩාරනායක මහත්තයා හදපු පක්ෂය , කාටවත් දණ නමන්න ඕන නැහැ. අපිට කෙළින් තින්දුවක් ගන්න මිනිස්සු ඉන්නවා .

අපි අන්තපරාජය වුණත් ලක්ෂ 10ට වැඩිය අපිත් එක්ක හිටියා . ඇයි අපි බය වෙන්නේ . ඒ නිසා ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂය වෙනම තරග කල යුතුයි . මෛති‍්‍රපාල මහත්තයා තරග කරන්නෙ නැත්නම් ඉදිරි ජනාධිපතිවරණයට ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මම තරග කරන්න සුදානම් ’’ යැයි පැවසිය .

– ada

115 views

36 Comments to “ජනාධිපතිවරණයට ශ‍්‍රීලනිපයෙන් මං එනවා.. පොහොට්ටුවට දණ ගහන්න බෑ…”

  1. chandapala says:

    පිස්සු..සු ..සු !!!!!!!!

  2. p.d goonawardena says:

    ඉස්සර මිනිස්සු එකතු කරගන්න පුළුවන් එකා අතෙන්ට ගියා….නමුත් දැන් මිනිස්සු විතරක් නෙමේ උගත් කමත් බලනවා….එහෙම උනොත් තමුසෙට ගෙදර තමා ඉන්න වෙන්නේ මැරෙනකම්…..දැන් මිනිස්සු හිතන හැටි වෙනස්…….ඔය කුහක කම වෙනස් කරලා වැල යන පැත්තට මැස්ස ගහනවා…..

  3. praba says:

    අනේ වෙල්ගමයෝ උඹ මෙච්චරකල් මහින්ද මහත්තයාගේ පස්සේ ගිහිං දැන් උඩ ගිය තරම. බය වෙන්න එපා උඔට චන්ද ලැබෙන්නෑ. ජන්දෙ තියෙන්නේ මිනිස්සු අතේ. කටපියාගෙන පැත්තකට වෙලා ඉන්නැතුව. මෝඩ හරකෙක්. බලාගෙන හිටපන් උඔ ජනාධිපති වෙනකං

  4. vishnu says:

    උඹට ගෑනු ඉස්සරහනම් අගේට
    දන ගහන්න පුළුවන්

  5. chandika says:

    oba thumata mn vote karanawa jaya wewa..

  6. Sun says:

    Your head is not matured enough to be in honest politics in the country. My dear friends this is the last point of decision making and think again and again. What has happened to our country. They all ruined without following the principles of democracy and honesty. We need someone to lead the country following all the principles rather than sticking to colours. Unless we change the system we are going to loose the country to the foreign invaders. Think and do the intelligent decisions.

    • Janathawa says:

      But people will soon make you kneel down in front of the Nation. They have well understood disgustingly that, just because of your uncontrollable hypocrisy and jealousy ( like Chandrika and relatively few others) you are trying to help unpatriotic politicians back to power again.