උසස් පෙල ජීව විද්‍යාව නව විෂය නිර්දේශය ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි.. සිංහල නෑ.. ගුරුන් සිසුන් අමාරුවේ..

September 26, 2019 at 5:30 pm | lanka C news
උසස් පෙල ජීව විද්‍යාව නව විෂය නිර්දේශය ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි.. සිංහල නෑ.. ගුරුන් සිසුන් අමාරුවේ..

උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයේ අඩුපාඩු සහ එමඟින් සිංහල මාධ්‍ය සිසුන්ට ඇතිවන ගැටළු පිලිබදව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල විය.

නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස්.

ජීව විද්‍යා විෂය ධාරාව ඉගෙනගන්නා සිසුන්ට මෑත කාලයේ සිදුවුණු බරපතළම අසාධාරණය හා අපරාධය පිළිබඳව රටට කරුණු හෙළි කිරීම සඳහා අප අද දින මේ මාධ්‍ය හමුවේ දී බලාපොරොත්තු වෙනවා. වසර ගණනාවකින් පසු 2017 වසරේදී ජීව විද්‍යාවට අලුත් විෂය නිර්දේශයක් ඉදිරිපත් කරනවා. මෙම විෂය නිර්දේශය හදන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. සිංහල භාෂාවෙන් ඉදිරිපත් කරන්නේ නැහැ. විෂය නිර්දේශය උගන්වන්න පටන් ගන්නකොට ගුරුවරුන්ට පුහුණුවක් නැහැ. ගුරු අත්පොතක් නැහැ. ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කරලා තිබුණෙත් ඒකක දෙකක් පමණයි. සිංහලෙන් ඉදිරිපත් කර තිබුණේම නැහැ. ප්‍ර‍රශ්න පත්‍රය සකස් වෙලා විභාගයට යනකොට ඉංග්‍රීසි භාෂාවෙන් සම්පූර්ණ විෂය නිර්දේශයම අන්තර්ජාලයට එකතු කර තිබුණා. දෙමළ පරිවර්තනයක් එකතු කර තිබුණා. නමුත් සිංහලෙන් විෂය නිර්දේශය ඉදිරිපත් කරන්නට ආණ්ඩුව අසමත් වෙනවා. අමතක කරන්නට එපා මේ රටේ ජීව විද්‍යාව හදාරන දරුවන් සාතිශය බහුතරය ඒ හදාරන්නේ සිංහල මාධ්‍යයෙන්. මෙම සිංහලෙන් ඉදිරිපත් කළ විෂය ඒකක වලද පරිවර්තන දෝෂ විශාල ප්‍රමාණයක් තිබුණා. පාරිභාෂිත වචන පැත්තකින් තිබ්බත් four කියන ඉංග්‍රීසි වචනය සිංහලට පරිවර්තනය කර තිබුණේ දෙක කියලා. one, two, three, four, කියන්නේ එක දෙක තුන හතර කියලා අපි ඉගෙන ගත්තේ පෙර පාසැල් කාලයේදී. ඒ නිසා පෙර පාසල් වත් නොගිය අය හරහාද මේ පරිවර්තන සිද්ධ කළේ කියන ප්‍රශ්නය අපට ඇති වෙනවා.

ඉංග්‍රීසි සහ දෙමළ මාධ්‍යයෙන් තිබුණත් සිංහල මාධ්‍යයෙන් පමණක් විෂය නිර්දේශය ඉදිරිපත් නොකර උසස් පෙළ විභාගය පවත්වා හමාරයි. මේ නිසා සිංහල මාධ්‍යයෙන් විභාගයට වාඩි වුණු දරුවන්ට බරපතළ අසාධාරණයක් සිදු වුණා. දෙමවුපියන්ගේ සිහිනය තමන්ගේ දරුවා වෛද්‍යවරයෙක් කිරීම වුණත් අවාසනාවට සිංහල මාධ්‍යයෙන් ඉගෙනගත් දරුවන්ට පමණක් අසාධාරණයක් සිදුවුණා. මොකද අපේ රටේ විභාගයට ලියන මාධ්‍ය අනුව විශ්වවිද්‍යාලයට දරුවන් ගැනීමට සලාකයක් නැති නම් කෝටා එකක් නැහැ. මේ සියලු දරුවන්ගේ ලකුණු එකට අරගෙන තමයි විශ්වවිද්‍යාලයට තේරෙන්නෙ කවුද නැතිනම් නොතේරෙන්නේ කවුද යන්න තීරණය වෙන්නේ. ඒ අනුව සිංහල මාධ්‍යයෙන් ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිව්ව දරුවන්ට දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පිළිතුරු ලියූ දරුවන්ට නැති අසාධාරණයකට මුහුණ පෑමට සිදු වීමේ ප්‍රතිපලයක් විදිහට සිංහල මාධ්‍යයෙන් විභාගයට ලියූ අයට වෛද්‍යවරුන් වීමේ අවස්ථාව අහිමි වීමේ අවදානමක් මතුවී තිබෙනවා.

අප සිද්ධිය සම්බන්ධයෙන් අප ආණ්ඩුවෙන් නිශ්චිත ප්‍රශ්න තුනක් අහනවා.

පළමු ප්‍රශ්ණය තමයි 2019 ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍රයට සිංහල මාධ්‍ය පිළිතුරු ලිවීම නිසා ලකුණු අහිමි වීමේ අවදානමට විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමේ හැකියාව අහිමි වීමේ අවදානමට ලක් වී සිටින දරුවන්ට ආණ්ඩුව ඉටු කරනු ලබන සාධාරණය කුමක් ද?

දෙවන ප්‍රශ්නය තමයි සිංහල විෂය නිර්දේශයෙ තියෙන පාඩම් වල විෂය කරුණු වල දක්නට ලැබෙන වැරදි එමෙන්ම පරිවර්තන දෝෂ යනාදිය නිවැරදි කර අවම වශයෙන් 2020 සහ 2021 වසර වල උසස් පෙළ විභාගයට ජීවවිද්‍යා අංශයෙන් පෙනී සිටින දරුවන්ට සාධාරණයක් ඉටු කරන්නේ කවදා ද ?

තෙවන ප්‍රශ්නය. මට ලැබී ඇති තොරතුරු අනුව නම් ජීව විද්‍යාව විෂය නිර්දේශය සැකසීමේ කණ්ඩායමට නායකත්වය ලබාදී තිබෙන්නේ ජීව විද්‍යා උපාධියක් වත් නොමැති කාන්තාවක්. ඒ නිසා මෙවැනි දේ සිදු වීම පුදුමයට කරුණක් නොවේ. ඒ වගේම පරිවර්තන සිදු කරලා තියෙන්නේ පරිවර්තන පිළිබඳ අවබෝධයක් නොමැති පිරිසක්. ලක්ෂ සංඛ්‍යාත දරුවන්ගේ ජීවිත අඳුරට තල්ලු කරමින් විෂය නොදන්න පිරිස් ලවා විෂය නිර්දේශ හදපු භාෂා පරිවර්තනය නොදන්නා අය ලබා භාෂා පරිවර්තන කරපු නිලධාරීන්ට ආණ්ඩුව ලබා දෙන දඬුවම කුමක්ද ?

මෙවර උසස් පෙළ විභාගයට ජීව විද්‍යා අංශයෙන් සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි චිත්මි ජාතුංගආරච්චි සිසුවිය දැක්වූ අදහස්.

සිලබස් එක අපට ලැබුණේ ගොඩක් ප්‍රමාදවෙලා. නිසා අපට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදුවුණා. දෙවන ඒකකය පස් පාරක් විතර වෙනස් කළා. සම්පත් පොතෙහි අන්තිම පාඩම් තුන අපට ලැබුණේ විභාගයට මාසෙකට විතර කලින්. ඒ නිසා විභාගයට යන කොට ගොඩක් දේවල් අපට අතපසු වුණා. ජීව විද්‍යාවේ දී ප්‍රධානම දෙයක් තමයි වාග් මාලාව. සම්පත් පොත අපට ලබාදී තිබුණේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. එම සම්පත් පොතේ ඉංග්‍රීසියෙන් තියෙන වචන සිංහලට පරිවර්තනය කර ගැනීමේදී අපට උගන්වන ගුරුවරුන් ගොඩක් අපහසුතාවයට පත්වුණා. ඉංග්‍රීසි වචනය සිංහලට පරිවර්තනය කිරීමේදී ඒ හා සමාන සිංහල වචන ගොඩක් තිබුණා. ඉතිං එක් එක් ගුරුවරුන් එක් එක් විදිහටයි ඉගැන්වීම් සිදු කලේ. එක ළමයෙකුගේ උත්තරයට වඩා හාත්පසින්ම තවත් ළමයෙකුගේ උත්තරේ වෙනස් වුණා. නමුත් ලකුණු ලබාදීමේදී සලකා බලන්නේ එක වචනයක් පමණයි. ඒ නිසා ළමයින්ට ගොඩක් අසාධාරණයක් සිදුවුණා. වෛද්‍යවරයෙක් වීමේ සිහිනය අපට තියෙනවා. සිහින ඉටු නොවේවි කියලා අපට ලොකු බයක් තියෙනවා. අපි ඉල්ලන්නේ අපට සාධාරණයක් ඉටු කරන්න කියලයි.

මෙහිදී අදහස් දැක්වූ ජාතික පාසලක ජීව විද්‍යා ආචාර්යවරයෙකු සහ උත්තර පත්‍ර පරීක්ෂකවරයෙකු වන මංජුල විජයරත්න මහතා.

මෙවර අපි ප්‍රශ්න පත්තර බැලීමේදී දැක ප්‍රධානම දෙයක් තමයි අලුත් ජීව විද්‍යා විෂය නිර්දේශයට මුහුණදුන් දරුවන් සම්පත් පොතේ පැවති විවිධ අඩුපාඩු සහ වැරදි නිසා ලොකු අසාධාරණයකට මුහුණ පෑමට සිදු වීම. මෙවර ප්‍රශ්න පත්‍රයේ එක ප්‍රශ්නයක මිනිසාගේ පුරස්ථ ග්‍රන්ති ශ්‍රාවයෙහි ඇති ශුක්කානු පෝෂකය කුමක්ද ? කියා අසනවා. අපේ දරුවන් මෙම ප්‍රශ්නයට උත්තර ලියනවා. නමුත් මෙම ප්‍රශ්නයට ලකුණු දුන්නේ නැහැ. හේතුව තමයි සිංහල සම්පත් පොතේ මේකට අදාළ කරුණු ඇතුළත් වෙලා නැහැ. නමුත් ඉංග්‍රීසි පොතේ තියෙනවා. ඉංග්‍රීසි මාධ්‍ය ළමයා ලියනවා. සිංහල මාධ්‍ය ළමයාට අසාධාරණයක් සිදුවෙනවා. දෙගොල්ලන්ටම ලකුණු යම් ප්‍රමාණයක් අඩු වෙනවා. ඒවගේම කලල පටල පිළිබඳ කෙටිසටහන් ලියන්න කියන එකේදි කලල පටල වර්ග හතරක් තියෙනවා. ඉන් එකක් තමයි අලින්දය කියන කලල පටලය. සිංහල දරුවන් මේක හොඳට විග්‍රහ කරලා ලියලා තිබුණා. නමුත් මේකට ලකුණු හිමි වුණේ නැහැ. මොකද ඉංග්‍රීසි සහ සිංහල ලකුණු ලබාදීමේ ක්‍රමවෙදයේ මේ ගැන තිබුණත් දෙමළ මාධ්‍ය ලකුණු ලබාදීමේ ක්‍රමවෙදයට මෙය ඇතුළත් කර නැති නිසා. මෙවැනි දේවලින් අපේ දරුවන්ට විශාල ප්‍රමාණයක් ලකුණු අඩු වෙනවා. ඇතැම් බහුවර්ණ ප්‍රශ්න වල තිබෙන වචන ජීව විද්‍යා විෂය නිර්දේශය කිසිම තැනක සඳහන් වෙලා නැහැ. ඒ වෙනුවට විෂය නිර්දේශයේ තියෙන්නේ, දරුවන් ඉගෙන ගෙන තියෙන්නෙ වෙනත් වචනයක්. ඉතින් ළමයි ලොකු අමාරුවක වැටෙනවා. බහුවරණ ප්‍රශ්නයක් කියන්නේ ලකුණක්. වෛද්‍ය විද්‍යාලයට ඇතුල්වීමට දශම ගණනින් වූ ලකුණු බල පාද්දී ලකුණක් අහිමි වීම කියන්නේ විශාල බලපෑමක්. ඇතැම් ප්‍රශ්න තිබුණා එම ප්‍රශ්නය නිවැරදි නමුත් සම්පත් පොතෙහි ඒ සම්බන්ධව තියෙන්නේ වැරදි ඉගැන්වීමක්. මෙවැනි සිදුවීම් නිසා 2019 නව විෂය නිර්දේශයෙන් සිංහල මාධ්‍යයෙන් ජීව විද්‍යා විභාගයට පළමු වරට පෙනී සිටින දරුවන්ට ලකුණු විශාල ප්‍රමාණයක් අහිමි වෙනවා. පරණ විෂය නිර්දේශයට අදාළ ප්‍රශ්න පත්‍ර බලද්දි එම දරුවන් ඉතාම හොඳට ඒවාට උත්තර ලියා තිබුණා. නමුත් අලුත් විෂය නිර්දේශය අනුව උත්තර ලියූ ප්‍රශ්න පත්‍ර බලනකොට නිසි පරිදි උත්තර ලියා නැති බව පැහැදිලි වුණා. උදාහරණයක් විදිහට 8වැනි ප්‍රශ්නය අරගත්තොත් ළමයි සමස්තයක් විදිහට අටවෙනි ප්‍රශ්නේ ලියලා නෑ.

ඒ නිසා අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලුම බලධාරීන්ගෙන් අප ඉල්ලා සිටින්නේ ජිව විද්‍යා නව විෂය නිර්දේශයේ ප්‍රශ්න පත්‍ර වලට ලකුණු ලැබුණු ආකාරය පිළිබඳව විශ්ලේෂණය කරලා එය සංසන්දනය කරන්න වෙනත් අවුරුදු වල ජීව විද්‍යා විෂයට ළමයින් ලබා ගත්ත ලකුණුත් එක්ක. මේ දරුවන්ට සිදුවූ අඩුපාඩුව 2020 දරුවන්ට සිදු නොවන්නට කටයුතු කරන්න කියලා අප ඉල්ලා සිටිනවා.

– අරවින්ද අතුකෝරල

223 views

9 Comments to “උසස් පෙල ජීව විද්‍යාව නව විෂය නිර්දේශය ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි.. සිංහල නෑ.. ගුරුන් සිසුන් අමාරුවේ..”

  1. Buwa says:

    සිංහළ ගුරුවරුනි ජාතිය ගැන සිතා උත්තර පත්‍ර බලන්න​.

  2. මහීම says:

    මෙක ඉතාම අවාසනාවන්ත ඇත්ත කතාවක්. නමුත් සමාජයේ වැඩි අවධානයක් මෙම සිදුවීම ගැන යොමු උනේ නෑ. දැන්වත් ඇස් ඇරෙවා.

  3. Furious says:

    This is really true. I just finished my A/L s this year. It became really hard. Some of my friends dropped out of A/Ls to do it next time. There was even a court case. Really stranded.

  4. Exim bank says:

    Only the ones who answered the biology paper understand the horrible pressure of that particular time. It was rather hard to answer the structured and essays within the given time with a very good knowledge. But this situation is horrible and barbaric and these candidates must be relieved for sure. This irresponsible panel of teachers and especially “professor Wijeratne” should have been more flexible when designing the question paper especially on the lesson in the latter parts of the biology syllabus. These people are very insensitive. We need sensitive and knowledgeable proffs like Professor SRD Rosa.

  5. sinha le says:

    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.

    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.

    ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.

    ඊට පස්සේ උන් ඉංග්‍රීසියම රජ කරාවි.

    අනගාරික තුමා

  6. ලියා says:

    සහතික ඇත්ත. ඒත් කවුරුවත් මෙතැන කතාකරන්න හොයල බලන්න හිටියේ නෑ .

  7. Bandq says:

    පහුවෙලා හරි කෙරෙන්න ඕන දේ තමා සියලු විශයන් english medium එකෙන් උගන්නන එක.ගෙම්බන්පිල තොගේ ලමයි australia වල ඉගෙන ගන්නේ සිංහල ලෙන්ද?වාචාලයා

    • මව්බිම says:

      ගම්මන්පිලගේ ලමයි ඉංග්‍රීසියෙන් බැරිනම් ජපන් භාෂාවෙන් ඉගන ගත්ත දෙන්. මෙ කතාකරනෙ සිංහලෙන් විභාගය ට ලියල අසරණ වෙච්ච අපේ දරුවො ගැන. ඒකට පක්ෂ භෙදයක් නැ. මෙ සහතික ඇත්ත කතාවක්.

  8. Ratta says:

    UNP ට තවත් ඡන්දෙ දාපන්…සිංහලයට හොඳට
    අරින්න..හොඳම සෙට්එක එක දැන් එකට සෙට් වෙලා ඉන්නෙ..එතකොට අමාරුව සනීපයි..

Main News