‘පරාජයේ සංඛේතය’ සජිත්ට සහාය දෙන්න එක්වෙයි..
September 26, 2019 at 10:00 am | lanka C news
තමන් සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන කටයුතු සමග එක්වීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.
සජිත් ප්‍රේමදාස මහතා විසින් කරන ලද ඉල්ලීමකට ලිඛිතව ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.
එජාප මහ ලේකම් ධුරය දරමින් සිටි තිස්ස අත්තනායක මහතා 2015 වසරේ මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණයට සහාය පතා ඔහු සමග එක්විය.
එකල එක්සත් ජාතික පාක්ෂ ක්‍රියාකාරීන් විසින් තිස්ස අත්තනායක මහතා හැදින්වූයේ පරාජයේ සංඛෙිතය ලෙසයි.
අත්තනායක මහතා එජාපයේ සිටීම නිසා මැතිවරණ ගණනාවක් පරාජය වූ බව එකල එජාප ප්‍රබලයන් ප්‍රසිද්ධියේ කියා සිටියහ.
තිස්ස, තිස්ස මේ අඹ ගස හැර වෙනත් අඹ ගස් තිබේ ද?
අඩේ කවුරුවත් දැක්කෙ නැද්ද නාගයෙක් ඇදෙනවා ඔය පැත්තට
සජිත් පරදිනව කියන එකට වෙන කිසිම සාක්ෂියක් ඕන නෑ. ඉතිහාසය පුරා තිස්ස අත්තනායක මැතිතුමා ඉන්න පැත්ත පරාදයි.
ඒක නෙමේ ප්‍රස්නෙ…පුදපු ගමන් කාපි යකා කියල ඇල්පිටිය චන්දෙ කොලුවට දීලනෙ…..වැඩේ කැතයි……
දයාසිරියත් යුන්පි එකටම තල්ලු කරා නම් හරියටම හරි. තිස්ස සහ දයා ඉන්න පැත්ත පරදිනවාලුනේ..
මහින්ද මහත්තය ඒක දැනගෙනද 2015 මෙයා ලං කර ගත්තෙ.
තිස්ස අත්තනායක යන යන පැත්ත පරාදයි. මහින්ද කරපු ගොන්ම වැඩක් තමයි ගියවර ජනාධිපති මැතිවරණයට පෙර මේ යකාව ලංකර ගත්තු එක. ජෝනා සජිත්ට හේත්තු වුනා නම් අනිවාර්යෙන් සජිත් පරාදයි.
පොහොට්ටුවට විසාල ජයක්