රනිල් අගමැති කාලේ කිසිම හමුදාවක් නොවිදි අපහාස අප වින්දා.. දීන සාමය වෙනුවට අපට ගෞරවය ගෙනාවේ මහින්ද-ගෝටායි.. අපට ගෝටා විශ්වාසයි…

September 26, 2019 at 6:48 pm | lanka C news
රනිල් අගමැති කාලේ කිසිම හමුදාවක් නොවිදි අපහාස අප වින්දා.. දීන සාමය වෙනුවට අපට ගෞරවය ගෙනාවේ මහින්ද-ගෝටායි.. අපට ගෝටා විශ්වාසයි…

රණවිරු පවුල් සාමාජික සාමාජිකාවන්ගේ අනු සංවිධාන ජාතික සම්මේලනය කොළඹ ප‍්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී පැවති ජාතික සම්මේලනය අමතමින් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා මෙම අදහස් පල කලේය.

29000ට අධික රණවිරුවන් සංඛ්‍යාවක් මවුබිමේ අනණ්‍යතාවය වෙනුවෙන් ජිවත කැප කලා. 60000ට අධික සංඛ්‍යාවක් තුවාල ලැබුවා. 10000ට අධික සංඛ්‍යාවක් බරපතල ලෙස රෝගාතුරව අදත් ඇදන් උඩ.

සිංහ රෙජිමේන්තුවෙන් බිහිවූ විරෝධාර රණ විරු ගාමණී ක-ුලරත්න ජිවිතය පරිත්‍යාග කළ ආකාරය ඔබට මතක ඇති. ඔහු අපිට අපේ කාලයේ යෝධ වීරයෙක්. එ් වැනි තවත් දහස් ගානක් රණවිරුවන් පසුව බිහිවුනා. ඔවුන් මවුබිම වෙනුවෙන් ජීවිතය පූජා කළා. නමුත් ගාමිණී ක–ුලරත්නට ලැබුනු ගෞරවය ඔවුන්ට ලැබුනේ නැහැ. සම්මාන පුද කලාට ඔවුන්ට නිසි තැන ලැබුණාද සැකයි. සතුරා අභියස ජිවතය පූජා කලොත් පරම වීර විභූෂණ සම්මානය හිමි වෙනවා. 28 දෙනෙකුට එ් සම්මානය හිමිව තිබෙනවා. අපි ඔවුන්ව සිහිපත් කළ යුතුයි. ඔවුන්ගේ පවුල්වල කිහිප දෙනෙකුට අද උත්තමාචාර පිදීමත් මේ වේදිකාවේ සිදුවෙනවා.

යුද නාවික ගුවන් පොලිස් සිවිල් ආරක්ෂක අංශවල සේවය කළ අපි වෙනුවෙන් යමක් කිව යුතුයි. ත‍්‍රස්තවාදයෙන් රට වෙලා ගෙන තිබුණු වෙලාවේ අපියි එ් සදහා කර ගැහුවේ. කොටි සංවිධානයත් එක්ක අපේ තරුණ කාලය කැලේ වැය කලේ අපියි. දකුනේ ත‍්‍රස්තවාදයෙන්් නොමග ගිය තරුණ තරුනියන් පුනරුත්තාපනය කලෙත් අපි. ඉන්දියන් හමුදාව ආපු වෙලාවේ අපේ රට රකින්න පුහුනු වුනු අපිට අන්තිමට අන්ත අසරණ තත්ත්වයට පත්ව එළියට බහින්න තහනම්ව අනාතයෝ ගානට දකවුරුවල ඉන්නත් සිද්ධ වුනා. වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ට මුහුණ දුන්නෙත් අපියි. ජයග‍්‍රහණය පෙනී පෙනී තියෙන අවස්ථාවල ආපසු හැරෙන්න අණ ලැබුනාම තුවාල වුනු කොල්ලේ ටිකයි, මැරුණු කොල්ලේ ටිකයි අරන් කදවුරුවලට ගියෙත් අපියි. රනිල් වික‍්‍රමසිංහ අගමැති සමයේ කිසිම හමුදාවකට විදින්න වුනේ නැති විදියේ අපහාස වින්දෙත් අපියි. මේවගේ දීන සාමයකට වඩා රට වෙනුවෙන් සටන් වැද මියයාම ගෞරවාන්විතයි කියලා තීරණය කලෙත් අපියි. ත‍්‍රස්තවාදය සහමුලින්ම අතුගා දමන බව ජනාධිපතිතුමන් කියපු අවස්ථාවේ එ් ගැන වැඩියෙන්ම සතුටු වුනෙත් අපියි. ඔබෙත්, ආරක්ෂක ලේකම්තුමාගෙත් මග පෙන්වීම යටතේ රටට සාමය ගෙනාවෙත් අපියි. අපි විශ‍්‍රාම ගියත් රටට කළ සේවය ගැන ආඩම්බරයි. මෙතැන සිටින අපි සියලූ දෙනාම රටට ණය ගැති, මුලූ රටම ණය ගැති හමුදා සාමාජිකයින්.

අපි ගෙදර ගියේ සාමය සපිරුණු රටක් බිහිකරලා. දරු පරපුර හොදින් ජිවත් වෙනවා දකින්න. නමුත් අවාසනාවකට එ් රට අදනැති වෙලා. අපි රටට සාමය ගෙනත් ත‍්‍රස්තවාදය නැති කරලා රටට යුතුකම ඉටු කළා වගේම අපේ රණවිරුවන් දඩයම් කරන ආර්ථීකය නැති කරන මේ රජය වෙනුවට රණ විරුවන්ට, ජනතාවට ආදරය කරන ඉපදෙන්න ඉන්න දරුවාටත්් ආදරය කරන අපේ හුස්ම අදුනන නායකත්වයක්් පත් කරගත යුතුයි.

රටේ කිසිම ආබාධිත රණවිරුවෙක් මහ පාරේ හි`ගමනේ වැටෙන්න නොදී මරණ මොහොත දක්වා සැපවත්ව ජිවත් වෙන්න කටුයතු කළ එතුමන් පාරේ දුක් විදින රණවිරුවන්ට මිය යන මොහොත දක්වා වැටුප ඉල්ලන්න ආයෙත් ඉඩ තියන්නේ නැහැ. මම රණ විරුවෝ එ් විදියට පාරේ ඉන්නවාට කැමැති නැහැ. අපිත් එක්ක සටන් කරපු එ් කොල්ලේ එ් විදියට ඉන්නවා දකින්න කැමැති නැති නිසා මම එතැනට ගියා. ඊට කලින් ගෝඨාභය සර්ට කතා කලා. එතුමා කිව්වා මම බලයට පත්වුනොත් දින කිහිපයක් ඇතුලත ප‍්‍රශ්නය විසදනවා. ඔය දරුවන්ට ගෙවල්වලට යන්න කියන්න කියලා. අපිට ගෝඨාභය සර් ගැන විශ්වාසයි.

– SLPP midea

66 views

19 Comments to “රනිල් අගමැති කාලේ කිසිම හමුදාවක් නොවිදි අපහාස අප වින්දා.. දීන සාමය වෙනුවට අපට ගෞරවය ගෙනාවේ මහින්ද-ගෝටායි.. අපට ගෝටා විශ්වාසයි…”

  1. Soldier says:

    From 2009 to 2015 your gotha sir was there .For 6 years what he has been doing.Dont bull shit we are not fools gunarathna

    • 💐💐💐💐💐 says:

      කට ගැන හිතන තම වාසියටම…ඉන්න
      මට ගැන හිතන අයට නොදීම…..ඉන්න
      රට ගැන හිතන අයට ඡන්දය…..දෙන්න
      රට ගැන හිතන ගෝඪම ගෙන්….වන්න

    • Lotus says:

      හරි ඉතින් ගෝඨාභය මහත්තය හමුදාව වෙනුවෙන් මොකුත්ම කලේ නැහැයි කියමුකො,
      සජිත් පහුගිය අවුරුදු පහේම කැබිනට් ඇමති කෙනෙක්වෙලා හිටියනෙ, කියමුකො බලන්ඩ
      මිනිහ අපි දන්න කිසිම දෙයක් කෙරුවද කියල හමුදාවට?

      • කාදිනල් උතුමා says:

        ඇයි ආරක්ෂක හමුදාවල හදවත වැනි බුද්ධි අංශ නිලධාරීන් බොරු චෝදනා හදල, ඇප නැතිව හිරගෙවල්වල ලග්ගනකම්

        අහක බලා ගෙන හිටපු එකම මදිද?

    • seaturtle says:

      You are obviously no soldier.
      So what did Sajith do for soldiers ?
      Ofcourse he dug up archeological sites – Nidan Hora !

  2. Nawodhi says:

    Tamil people also part of this country and they are not citizens of other country. Without addressing their real issues, killing them for political orders are not correct and not suitable for any Army.

    • Analyst says:

      So you are accusing our army of murdering civilians ?
      You stupid fool. They risked their lives to save Tamil civilians
      Idiot Nawodhi Bitch, I can see you are a NGO arse licker

  3. lotus says:

    Nothing had done from 2009 to 2015 for war heroes . At least pension have not for them. They use only for election…

  4. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    මෙයත් ගෝඨාභයට සුළු ජාතික ඡන්ද නැතිකරන කෙනෙක්.

  5. චුටි දූ says:

    යනවා යන්න. ‘අපි වෙනුවෙන් අපි’ අරමුදලේ කෝටි ගණන් මුදල් මොකද උනේ? කවුද ගසා කෑවේ?

    • චක්‍රය says:

      මල්වර වයසෙ ඉන්නා චූටි….දුවට
      චක්කරය ඔසප් අමතක වී..දුකට
      කොල්ල චක්‍රය මතක් කර…හදට
      ටැම්පෙක්ස් ගියේ වැරදිල…කටට

  6. Gotaimbara says:

    Very true General Gunaratne. We are with you.

  7. Gotaimbara says:

    If the UNP is so efficient why couldn’t they check the Ranawiru fund Chuti Du?

  8. akalanka says:

    tota honda unata apita wiswasa na ape padiyawat wadi kale meyala witarai puluwannam paysheet aran meyala enna kalin gota wadi kala ewai megollo wadi kala ewai aran kata karapan hamudawa atule kalli hadan toragatta unta witarak salakapu widiyata api kamati na tota honda unata rugger gahanna yoshitata ape niwadu nawattala apiwa kamkaru wada walata damma sajith porondu wuna ehema karanne na kiyala

    • akalanka says:

      yako topen anumatiya aranda comment danna ona wimal balloo topi kiyana wediyata natnam mulu hamudawama desha drohida posekatat banna mahesh senanayakat tota desa drohii

      • ක්‍රිමිනල් says:

        මූනම් වැස්සකටවත් ඉස්කෝලෙ නොගිය එකෙක්!

        තවමත් තෝ,බොල කියල මිනිස්සුන්ට අපහාස කරන්නෙ වෙල්ලෑ හැලිය කරේ තියාගත්ත උන් විතරයි.
        උඹ කවුද කියල උඹම ප්‍රසිද්ධ කරනව, බං!

      • That is exactly true. The whole nation
        is grateful for bringing a conducive environment for every citizen of every community to live in peace ,by annihilating the Prabhakaren’s 30 year long inhuman terrorism,which had threatened the lives of every citizen. That is why the grateful citizen are still respecting them and rallying round them.

      • ALAPALU RANAWAKA says:

        PARAYA

  9. පොඩි බයියා says:

    යුද්ධය නිමකල හමුදාපතිට ජම්පර් අනදවල, සොල්දාදුවො ලවා බේබ්ලාට රේස් පදින්න වැලිකොට්ට ගහල, කානු සුද්ද කරවල මාර සැකිල්ලක් තමය කලේ.

Main News