පොහොට්ටුව ලකුණ වෙනස් නොකරන බව රාජපක්‍ෂ ත‍්‍රිත්වය ජනපතිට දන්වති.. නමුත් තවත් අවස්ථාවක් දෙයි..

September 28, 2019 at 6:49 pm | lanka C news
පොහොට්ටුව ලකුණ වෙනස් නොකරන බව රාජපක්‍ෂ ත‍්‍රිත්වය ජනපතිට දන්වති.. නමුත් තවත් අවස්ථාවක් දෙයි..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟ වදින ලකුණ ‘පොහොට්ටුව’ වෙනස් කිරීමට හැකියාවක් මේ මොහොතේ නැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිල වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී ඇත.

අද ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී මෙම දැනුම් දීම සිදු කර ඇත.

ජනාධිපතිවරයා සමග පැවති මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා එක්ව සිටියේය.

එහිදී ඔවුන් දන්වා ඇත්තේ මෙම මැතිවරණය පොහොට්ටුව ලකුණින් තරග කළ යුතු බවත් ඉදිරි මහ මැතිවරණය වෙනත් ලකුණකින් තරග කිරීම සඳහා සාකච්ඡා කර එකඟතාවයක් ඇති කර ගත යුතු බවත්ය.

ජනාධිපතිවරයාට ඊට ප්‍රතිචාර ලෙස සඳහා ඇත්තේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් විමසීමක් කරන බවයි.

එන සදුදා දිනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්ව මේ ගැන තීන්දුවක් ගැනීමට නියමිතය.

103 views

30 Comments to “පොහොට්ටුව ලකුණ වෙනස් නොකරන බව රාජපක්‍ෂ ත‍්‍රිත්වය ජනපතිට දන්වති.. නමුත් තවත් අවස්ථාවක් දෙයි..”

  1. Gone gota says:

    Don’t change the icon. Keep the moral…

    This Decision is good so UNP can easily wins if another candidate comes….

    Please fight for the icon….

  2. damian speed says:

    Mama Gotata vote karanne na,

    Minimaruwek nisa.
    Wancha, minimaru ha dushana nadu thiyena nisa.
    USA / American purawasiyek nisa.
    Pawul palanayak nisa.
    Yuddaya samaye hamudawa thahara UAS giya nisa…

    Mita Rattata adarayak athi ratawasiyo.

Main News