හමුදාවට බාර වූ ත‍්‍රස්තවාදීන් 13000ක් පුනරුත්තාපනය කර සමාජගත කලා.. ඉකිරි වුණේ 277යි..

September 30, 2019 at 8:40 am | lanka C news
හමුදාවට බාර වූ ත‍්‍රස්තවාදීන් 13000ක් පුනරුත්තාපනය කර සමාජගත කලා.. ඉකිරි වුණේ 277යි..

ලංකා සමසමාජ පක්ෂයේ විශේෂ මහා සම්මේලනය (29) කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී පැවැත්විනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සම්මේලනය සඳහා විශාල පිරිසක් සහභාගි වූහ.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ නායකයින් මේ අවස්ථාවට සහභාගි වූහ.

එහිදි අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

ශ්‍රී ලංකාවේ පැරණතම දේශපාලන පක්ෂය වන ලංකා සමසමාජ පක්ෂයේ විශේෂ සමුලුවට ආරාධනය කිරීම හා එහිදී මගේ නම සම්බන්ධයෙන් වූ යෝජනාව සම්මත කර ගැනීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වෙනවා. සමසමාජ පක්ෂය මේ රටේ නිදහස වෙනුවෙන් සටන් කළ ලංකා දේශපාලනයේ අති විශිෂ්ඨයින් නියෝජනය කළ පක්ෂයක්. ආචාර්ය එන්.එම් පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා, රොබට් ගුණවර්ධන වැනි පුරුෂයින් ඔබේ පක්ෂය නියෝජනය කළා.

ඉන්දියන් සාගරයේ බලවතුන්ගේ අරගලවලට ශ්‍රී ලංකාව මැදිවන ලෙස වත්මන් රජය කටයුතු කිරීම නිසා රටේ ස්වෛරීභාවයට තර්ජනයක් එල්ල වෙලා. අපේ රජයක් යටතේ රටේ ස්වෛරීභාවය සහතික කර ගත යුතුව තිබෙනවා. පොඩි රටක් වූ පලියට ලෝක බලවතුන්ගේ අරගලවලට මැදිහත් වීමේ හැකියාවක් අපිට නැහැ. අපි කවදත් අපේ ස්වෛරීභාවය ආරක්ෂා කරගත් නොබැදි පිළිවෙලතක් ගෙන ගිය රටක්. මේ වන විට විවිධ බලවතුන්ගේ මැදිහත්වීම නිසා අපේ නොබැදි ප්‍රතිපත්තිය ගිලිහී යමින් තිබෙනවා.

අපිට පැහැදිලි දැක්මක් හා සැලැස්මක් තිබෙනවා කඩා වැටී තිබෙන ආර්ථිකය ගොඩ ගන්න. අපේ අර්ථික සැලැස්ම සැකසිලා තියෙන්නේ සමසමාජ පක්ෂයේ හදවතට කිට්ටු ජනතා කේන්ද්‍රිය වැඩපිළීවෙලක් විදියටයි. අපේ ජනතාව දිලිදු බවෙන් පෙලනවා නම් වැඩක් නැහැ. දුප්පත් බවින් පෙලෙන ජන කොටස් ජීවතයේ ඉහළට නංවා සිටීමට හැකි වන ලෙස අපේ ආර්ථීක සැලැස්ම සකස් විය යුතුයි.

අපි සිටින්නේ ආරථීකයේ කේන්ද්‍රස්තානය බවට පත්වූ ආසියාවේ. අද ආසියාව ක්‍රමයෙන් දියුණු වෙමින් පවතිනවා. ජපානය, සිංගපුපූරුව, මැලේසියාව ආශ්‍රිතව හොඳ වෙලද පොලක් ඇති වෙමින් තිබෙනවා. අපි මේ තත්ත්වයෙන් ප්‍රයෝජන ගත යුතුයි.

වසර 30ක් අපිට ත්‍රස්තවාදය නිසා මග හැරුණා. මේ අවස්ථාව මග ඇරෙන්න දෙන්න බැහැ. අවාසනාවකට පසුගිය වසර හතරහමාරක කාලය තුල වත්මන් රජයට ආර්ථීකයෙන් ගොඩ එන්න සැලැස්මක් තිබුනේනැහැ.

මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණි අවස්ථාවේ මේ රටට තිබුණු විශාලම  අබියෝගය වුනු ත්‍රස්තවාදය අපි වසර දෙකහමාරක් ඇතුළත අවසන් කළා. රටේ ආරක්ෂාව තහවුරු කළා. විදේශීය ආයෝජකයින්ට ආකර්ශනය වන රටක් බවට පත් කරලා රට සංවර්ධනය කරමින් ඒ හරහා රැකියා උත්පාදනය කරන්නත් ව්‍යවසායකයින් බිහි කරන්නත් හැකියාව ලැබුණා.

ත්‍රස්තවාදය පරාජය කළා පමණක් නෙවෙයි. නැවත කිසිම ත්‍රස්තවාදයකට හිස එසවිය නොහැකි ආරක්ෂක සැලැස්මක් දියත් කළා. රටක ස්ථාවරත්වයක් ආරක්ෂාවකක් නැත්නම් සහජිවනයෙන් ජිවත් විමට ඇති වාතාවරණය නැති වෙනවා. අපි ත්‍රස්තවාදය අවසන් කරලා හමුදාවට භාර වුනු 13000ට අධික ත්‍රස්තවාදීන් පිරිසක් පුනරුත්තාපනය කර නැවත හොද මිනිසුන් ලෙස සමාජ ගත කලා. විවිධ රජයන් යටතේ අත් අඩංගුවට ගෙන තිබුණු ත්‍රස්තවාදීන් 500ක් පමණ පුනරුත්තාපනය කළා. 277 පිරිසක් පමනයි ඉතිරි වුනේ. ඒ අය නැවතත් ත්‍රසස්තවාදයට යොමු වුනේ නැහැ. අපි ඔවුන්ට රැකියා ලබා දුන්නා. ඔවුන්ට හමුදාවට බැදෙන්න අවස්ථාව දුන්නා. මේ රජය යටතේ ඔවුන්ට කිසිදු රැකියාවක්ලැබුනේනැහැ.

එල්. ටී. ටී. ඊ ය හෝ හමුදාව යටතේ තිබුණු භූමිය 90%ක් අපේ රජය සමයේ නැවත ජනතාවට ලබා දුන්නා. පලාලි අධී ආරක්ෂික කලාපය වටා අයිතිකරුවන්ට වගා කිරීමේ අවස්ථාව ලබා දුන්නා. ඩග්ලස් දේවානන්ද මහතා සමඟ සාකච්ඡා කර ඒ අවට නගරයක් ඇති කරලා ඉතිරි ජනතාවත් පදිංචි කරවන්න හිටියේ. නමුත් අපේ රජය පෙරලීම නිසා ඒ දේවල් කරන්න බැරි වුනා.

ඒ වගේම අපි කරගෙන ගිය ආයෝජන සියල්ල ගෙනාවේ යුද්ධයෙන් පසුවයි. යටිතල පහසුකම් ඇති කරමින් අපි ඇරඹූ වැඩපිළවෙල මේ ආණ්ඩුව ඉදිරියට ගෙන ගියේ නැහැ. දක්ෂිණ අධිවේගී මාර්ගය මේ රජය අවසන් කලේ නැහැ.

ඉදිරියේදී මේ ශත වර්ෂය හදුන්වන්නේ ඥානය මුල් වූ ශත වර්ෂයක් විදියටයි. අපි ඒ සදහා සූදානම් විය යුතුයි. ඒ සදහා කොටි කාලීන හා දීර්ඝ කාලීන වැඩපිළීවලක් අපි සකසා තිබෙනවා. අධ්‍යාපනය අතර මග නතර කළ අය උසස් පෙල අසමත්ව අතරමංවූ අය, විශ්ව විද්‍යාලයට ගියත්, රැකියාවක් නැතිව සිටින අය, වැනි අයට තාක්ෂණය මුල් වූ ආර්ථික ක්‍රමයක් තුල අවස්ථා ලබා දීමේ හැකියාව තිබෙනවා. ලක්ෂ 5ක් උසස් පෙලට ඉදගත්තාම ලක්ෂ 2ක් සමත් වෙනවා. විශ්ව විද්‍යාලයට යන්නේ 35000යි. ඉතිරි අය අතරමං වෙනවා. සෑම දරුවෙක්ටම උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ලබා දිය යුතුයි. ඒ වෙනුවෙන් අපි අධ්‍යාපනය සඳහා විශාල ආයෝජනයක් කිරීමට බලාපොරාත්තු වෙනවා.

පරිගනක ක්ෂේත්‍රයේ උපාධිකරුවන් විය යුතුම නැහැ. තරුණයින් පරිගනක ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු කිරීමේ හැකියාව තිබෙනවා. අපි මේ රැකියා අවස්ථා ලබා ගත යුතුයි. මේ තරුණ තරුණයින් ආර්ථිකයට ප්‍රයෝජනවත් ලෙස පුහුණු කිරීමේ කෙටි කාලීන වැඩපිළීවෙලක් අවශ්‍යයි. මේ සදහා අපි ළග සැලැස්මක් තිබෙනවා. අපි මහින්ද රාජපක්ෂ මහතාගේ ධූරකාලයේ වැඩ කරලා පෙන්වුවා. අපි රජයක් ලෙස සාමුහිකව වැඩ කලා. නිලධාරීන්ට හෝ ඇමැතිවරුන්ට දෝශාරෝපනය කලේ නැහැ. නිලධාරීන් දේශපාලනඥයින් එක්ව වැඩ කළ නිසයි ප්‍රතිඵල ලැබුනේ. වගකීම් පැහැර හරිනවා කියන්නේ වැඩ කිරීමේ හැකියාව නැති අයයි. රාජ්‍ය සේවාව කාර්යක්ෂම කළ යුතුයි. දක්ෂයින් හදුනාගෙන ඔවුන්ගෙන් වැඩ ගැනීමට නායකත්වයක් දර්ශනයක් තිබිය යුතුයි.

අපි යුද්ධය අවසන් කිරීමට හෝ යටිතල පහසුකම්දියුණු කරන්න පිටරටින් කිසිවෙක් ගෙනාවේ නැහැ.යුද්ධය අවසන් කලේ අපේ දක්ෂයින්. අපේ දක්ෂයින් තමයි රටේ නගරවල වෙනස ඇති කලේ. අපිට පුලුවන් වුනා දක්ෂයින් තොරා ගෙන නිසි මාර්ගයට යොමු කරන්න. සැලසුම් තිබුණට මදි ක්‍රියාත්මක වීමේ හැකියාවක් තිබිය යුතුයි. ඉදිරියේදී එන මැතිවරණයෙන් රට සෞභාග්‍ය කරා ගෙන යාමට ඔබේ සහාය ලබාදෙන්න.

– GR midea

33 views

7 Comments to “හමුදාවට බාර වූ ත‍්‍රස්තවාදීන් 13000ක් පුනරුත්තාපනය කර සමාජගත කලා.. ඉකිරි වුණේ 277යි..”

  1. Rasika says:

    අනිවාර්යයෙන් අපේ සහය ඔබ තුමාටයි

  2. PULATHISI says:

    1992 දී හමුදා සේවයෙන් විශ්රාම ගියත්, එතුමා තුළ පැවති දේශාභිමානය ඉස්මතුවන්නේ 2009 මැයි මස මානුෂික මෙහෙයුමේ ජයග්රයහණය තුළින් මධ්යළස්ථ ලෝක ප්රමජාවගේ අවධානය ශ්රීය ලංකාව කෙරෙහි ආකර්ශණයත් සමගිනි.

    නාගරික සංවර්ධන ක්රි්යාවලිය තුළින් කොළඹ නගරය ආසියාකරයේ වේගයෙන් දියුණුවන අලංකාරම නගරය බවට ලද ජාත්යයන්තර කීර්තිය එතුමාගේ අතිදක්ෂක සැලසුම් සහගත පරිපාලන ක්රිනයාවලියේ අගනා ප්ර්තිඵලයකි.

    GOTABHAYA JANAPATHI KARAMU.

  3. Amal says:

    You should have done the same to that little son of Prabhakara Sir. Our war heroes secured him and he was eating biscuits and drinking tea. Who gave the order from Colombo to finish him ?

  4. Wise Owl says:

    පුරවැසිභාවයේ ගැටළුව නිසා ගෝටාබය මහතාගේ අපේක්ෂකත්වය අවදානමේ ඇත.
    පොහොට්ටුවට ඔහු වෙනුවට හරිහමන් විකල්ප අපේක්ෂකයෙක් නැත.
    පොහොට්ටුවට හොදම විකල්පය සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස මෙෙත්‍රිපාලව නම් කර අගමැති ලෙස මහින්දව පත් කරන ගිවිසුමකට සන්ධානගත වීමයි.
    මෙය Win Win විසදුමකි.

  5. කලවනේ කිරියා says:

    ගෝඨාභය මහත්ම ක්‍රියාත්මක කල බේරේ වැවේ වැඩසටහන සහ කොලඹ සන්වර්දන වයාපෘති අගය කල යුතුයි තව තවත් ඉදිරියට ගෙන යාමට මෙතුමා දිනවමු

  6. SLCommunity says:

    Look at the different between a REAL LEADER and a Joker. GOTA never blame to anyone instead yahapalana pa..ke nadee still have the Rajapaksa agenda this is the different

  7. Gone gota says:

    Me api piligannava war eka end karanne obage sahaya labuna kiyala.

    Namuth thmuseta aithiyak na ratawnuwen dan katha karanna.

    Mokada thmun US purawasiyek. Wife and Son inne USA wala.

    Thamun palamuwa US Citizenship eka cancel karagena awith Sri lankawe Citisenship eka ganin.

    Law has to be same to everyone….

Main News