හොදටම බීලා පොලිස් ලොක්කා වාහනේ හප්පලා…
September 21, 2016 at 8:40 am | lanka C news
මත්පැන් බී රිය පදවන රියදුරන් පෙනෙන්නට බැරි මධ්‍යම පළාතේ ඉහළම පොලිස් නිලධාරියකු බීමතින් තම නිල වාහනය පදවා තුන් හතර වතාවක්ම අනතුරුවලට මුහුණපා ඇති බව වාර්තා වෙයි.
ආරංචි මාර්ග පවසන්නේ මෙම පොලිස් ප්‍රධානියා නිතර රාත්‍රී කාලයේ බීමතින් සිටින බවයි.
එක් අවස්ථාවක ත්‍රිරෝද රථයකත් තවත් වතාවක ගසක හා බස් රථයක සිය වාහනය හප්පාගෙන ඇත.
තම නිලයේ අනුග්‍රහනයෙන් මෙම සෑම අනතුරක්ම ප්රශ්නය ගොඩින් බේරා ගන්නා මෙම නිලධාරියා දවල් කාලයේ බීමත් රියදුරන් අල්ලා ගත්තොත් අකුරට නීතිය ක්‍රියාත්මක කරයි.
NADUTH HAAMUDURUWANGE, BADUTH HAAMUDURUWANGELU, NEYDA? HIK!!!