පොහොට්ටු-ශ‍්‍රීලනිප සාකච්චා සාර්ථකයි.. පුටුව ලකුණින් නව සන්ධානයක්..

October 5, 2019 at 1:20 pm | lanka C news
පොහොට්ටු-ශ‍්‍රීලනිප සාකච්චා සාර්ථකයි.. පුටුව ලකුණින් නව සන්ධානයක්..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සන්ධාන සාකච්ඡා සාර්ථකව මට්ටමට පැමිණ ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ අනුව ඉදිරි මහමැතිවරණය සඳහා නව සන්ධානයකින් පුටුව ලකුණින් තරග කිරීමට දෙපාර්ශ්වයේ අවධානය යොමුව තිබේ.

මේ සඳහා දෙපාර්ශවයම කැමැත්ත පළ කර ඇති බවද ආරංචි මාර්ග වාර්තා කරයි.

මහ මැතිවරණයේදී සන්ධාන ගතවීම සඳහා වන ගිවිසුම ද මේ වන විට සූදානම් කර ඇති බව ආරංචි මාර්ග තවදුරටත් කියා සිටී.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයේදී පවතින නීතිමය තත්වයක් මත පොහොට්ටුව ලකුණින් ගෝඨාභය රාජපක්ෂ මහතා තරග කරනු ඇති බව මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නිල වශයෙන් දැනුම් දී ඇති බවත් වාර්තා වෙයි.

ඒ හේතුවෙන් මහ මැතිවරණයේදී මෙම නව සන්ධානය සහ නව ලකුණෙන් තරග කරනු ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් කියයි.

433 views

18 Comments to “පොහොට්ටු-ශ‍්‍රීලනිප සාකච්චා සාර්ථකයි.. පුටුව ලකුණින් නව සන්ධානයක්..”

  1. manik says:

    පුටුව බැරිනම් බෙරේ පලුවක් හරි අරගෙන දෙගොල්ලොම එකතු වෙලා රටට වෙලා තියන අපරාදයෙන් රට බේර ගන්න ජය වේවා

  2. Muhammadu thahir marikkar muhammadu anwer says:

    SLFP ekata dirachcha lanuwak dunna Janadipathy waranaya ta Slfp sahayogaya ganna.etanin pasuwa Gotabaya Rajapaksa dinuwanam SLFP EKATA PASSA PETTATA GAHALA ELAWALA DAMAVI.

  3. Bandq says:

    අටුව කඩලා පුටුව හැදුවා

  4. Truth says:

    Dear Mr. President,

    You have started to say that you are the best outgoing President in the country.
    We think that this is an insult to all ex presidents in our country.
    You are the same or may be even worse, because you are the one who brought Ranil into power.

    General public never wanted Ranil to come into power ,but you deceive us .
    We voted 🦢 expecting a better Srilanka.
    But we have nearly lost the country for us.

  5. Nandasoma Suriyaarachchi says:

    මහමැතිවරණ මොනව උනත් මෙවර පොහොට්ටුව පමණයි…….!

  6. Disce ammata discede says:

    මහ මැතිවරනෙ වෙනකොට පුටුව එක්ක හිටං ද කුණු බක්කියේ. රිලාසිරි, අමරවීර ගොම වලේ.

Main News