ගෝටා-ශ‍්‍රීලනිප, පොහොට්ටු-ශ‍්‍රීලනිප ඓතිහාසිත ගිවිසුම් දෙකක් ජයසිරි මා බෝධිය අසලදී අත්සන් තැබේ.. අනුරාධපුරයෙන් ජනාධිපතිවරණ රැළි මාලාව ඇරඹේ..

October 6, 2019 at 10:00 am | lanka C news
ගෝටා-ශ‍්‍රීලනිප, පොහොට්ටු-ශ‍්‍රීලනිප ඓතිහාසිත ගිවිසුම් දෙකක් ජයසිරි මා බෝධිය අසලදී අත්සන් තැබේ.. අනුරාධපුරයෙන් ජනාධිපතිවරණ රැළි මාලාව ඇරඹේ..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුම් දෙකක් අත්සන් කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම ගිවිසුම් එළැඹෙන බදාදා දිනයේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අභියසදී අත්සන් කරනු ඇතැයිද සදහන්ය.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතරත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතරත් මෙම ගිවිසුම් දෙක අත්මන් කරනු ලබයි.

මෙම ජනාධිපතිවරණයේ දී පොහොට්ටුව දකුණේ තරඟවදින ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමටත් ඉන්පසු පැවැත්වෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ පුටුව ලකුණ යටතේ තරග කිරීමටත් මෙම ගිවිසුම මගින් එකඟතාවයට පැමිණීමය නියමිතය.

ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතුද එදින අනුරාධපුරයෙන් ආරම්භ කෙරෙයි.

55 views

8 Comments to “ගෝටා-ශ‍්‍රීලනිප, පොහොට්ටු-ශ‍්‍රීලනිප ඓතිහාසිත ගිවිසුම් දෙකක් ජයසිරි මා බෝධිය අසලදී අත්සන් තැබේ.. අනුරාධපුරයෙන් ජනාධිපතිවරණ රැළි මාලාව ඇරඹේ..”

  1. ගොඩය says:

    පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරදින හෙන්චයියන් ජාතික ලැයිස්තුවෙන් දාපල්ලා…පස්සෙ අලියගෙ පිටේ ගිහිල්ල ජාතික ආණ්ඩු හදාගෙන ඇමතිකම් වැඩිකර ගනිල්ලා…

    • Gajada says:

      ජනාධිපතිවරණයෙම් ගෝඨාභය දිනාවි. ඒත් එක්කම සියලුම අමාත්‍යාංශය වල අයිතිය ( ආරක්ෂක ඇතුලු) රනිල්ට යන නිසා 2020 මාර්තු මැතිවරණයෙන් බෙදුම්වාදීන් දිනාවි..

      • වීරයා says:

        දැං මුං හදා ගත්තු 19 වන අවලම් සංශෝධනය හරහා පවතින පාර්ලිමේන්තුව නව ජනාධිපති වරයාට විසිරවීමේ බලය තිබේදැයි දන්නේ නැත (එය පාර්ලිමේන්තුවේ ඉන්න UNP කාලකණ්නි වත් දන්නේ නැති දෙයකි). නමුත් මුදල් පනතක් පරාජය වීමෙන් හෝ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් පාර්ලිමේන්තුව සම්මත කරගන්නා යෝජනාවකින් කථානායක වරයාගෙන් ඉල්ලා සිටීමකදී හැර අන් කිසිම අවස්ථාවකදී පාර්ලිමේනතුව විසුරුවා ගත නොහැකිය. සාමාන්‍ය පනතක් පාර්ලිමේනතුවේදී පරාජය වුවත් පාර්ලිමේනතුව විසිරවිය නොහැක. නව ජනාධිපතිවරයාට පවතින පාර්ලිමේනතුව විසිරිය හැක්කේ එහි ආයු කාලය වසර හතර හමාරක් සම්පූර්ණ වීමෙන් අනතුරුවය. නමුත් නව ජනාධිපති වරයා පත්වූ පසු පරාජය වූ පක්ෂයකට මෙතෙක් දැමූ පල්පාට් තවදුරටත් දැමිමට ඉඩක් ලැබේවිදයි බලා සිටිමු. හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලුනේ… නේ….නේ……නේ……. ඒව එතකොට බලාගමු.

  2. Aaa says:

    පොහොට්ටුව වෙනමත් අනිත් පක්ෂ වෙනමත් ඉල්ලන එක හොදය්. කොහොමත් පොහොට්ටුවට වැඞි බලයක් තියෙනවා.

  3. MD says:

    RATA JATIYA AGAMA NIDOS KOTA NIDAHAS.JAYAWEWA!

  4. T says:

    Ape Rata ta Sam ma Sam Budu Saranai, Siyalu wada beda duru kara Rata Jatiya wenuwen kapavimata Gotabaya nam apa Rana Viruwa
    ta Diriya Labewa.

  5. 77 UNP says:

    කොහොම වුනත් 2015 අගෝස්තු අත්දැකීම් ප්‍රයෝජනයට ගෙන නව සන්ධානයේ නායකත්වය, සභාපති සහ ලේකම් යන තනතුරු පොහොට්ටුව වෙත තබාගත යුතුයි. අමතක කරන්න එපා 2015 අගෝස්තු මහ මැතිවරණේ අතේ තිබුණ ජය නැතිකරගත්තේ සිරිසේනගේ ප්‍රකාශය නිසා. කොහොම වුනත් SLFP එකට තම බලය පෙන්වන්න හෝ අවබෝධකරගන්නත් එක්ක වෙනම මහ මැතිවරණය තරඟ කරන්න පුළුවන්. ඒකෙන් JVP එකට යන වැඩිපුර මන්ත්‍රී තනතුරු කීපයක් දිනගන්නත් පුළුවන්.

  6. අභිත says:

    ගෝඨාභය මහත්තයෝ ඔබට ජයසිරිමහාබෝ සමිඳු පිහිටයි සුමන සමන් දෙවියන්ගේ ආරක්ෂාවයි

Main News