ජය පිරිත් මැද ගෝටා නාම යෝජනාවට අත්සන් තබයි.. ලකුණ පොහොට්ටුවයි..
October 6, 2019 at 10:40 am | lanka C news
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා නාමයෝජනා අත්සන් කරන ලදී.
ඒ මහතාගේ මිරිහාන පිහිටි නිවසේ දී සුබ මොහොතින් මෙසේ අත්සන් තැබු අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්රී ලංකා පොදු ජන පෙරමුනේ ප්රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටියේය.
මහා සංඝරත්නයේ ජය පිරිත් සජ්ජායනය මැද ඒ මහතා නාම යෝජනාව සදහා අත්සන් තැබුවේය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් පොහොට්ටුව ලකුණින් ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා ඒ මහතා මෙම අත්සන් තැබීම අද සිදු කළේය.