ගෝටාට සහාය දෙන්න නොම්මර එකේ UNP කාරයා AJM මුසම්මිල් එක්වෙයි..

October 6, 2019 at 1:20 pm | lanka C news
ගෝටාට සහාය දෙන්න නොම්මර එකේ UNP කාරයා AJM මුසම්මිල් එක්වෙයි..

කොළඹ නගර සභාවේ හිටපු නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතතා මීළඟ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දීමට ඉදිරිපත් වී තිබේ.

අද පෙරවරුවේ ඒ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා නාම යෝජනා අත්සන් කල අවස්ථාවේ නුගේගොඩ නිවසටද පැමිණ සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් සමයේ කොළඹ නගරාධිපති ලෙස කටයුතු කළේ මුසම්මිල් මහතා ය.

එක්සත් ජාතික පක්‍ෂ නගරාධිපති වුවද ඔවුන් දෙදෙනා අතර කිසිදු ගැටුමක් ඇති නොවී නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව කොළඹ නගරය විධිමත්ව ගොඩනැගීමට කටයුතු කරන ලද්දේ එම කාලයේදීය.

මුසම්මිල් මහතා පසුගිය මැතිවරණට ඉදිරිපත් වූයේ නොම්මර එකේ යූඑන්පී කාරයා යන තේමාවෙනි.

107 views

41 Comments to “ගෝටාට සහාය දෙන්න නොම්මර එකේ UNP කාරයා AJM මුසම්මිල් එක්වෙයි..”

  1. 77 UNP says:

    ගෝඨාභය කොළඹ නාගරිකසීමාව තුල සිදුකරනලද සියලු සංවර්ධන වැඩ පිළිබඳව නිවැරදි සහ අවංක තක්සේරුවක් කළහැකි බුද්ධිමත් ඕනෑම අයකු ගෝඨාභයට සහය දෙනවා නියතයි. නමුත් අපරාධකාරයෝ සහ උන්ගේ සහායක දේශපලුවෝනම් කිසිදා ගෝඨාභයට සහය නොදෙනු ඇත.

  2. ටොමියා says:

    මූ නේද කඩු වලින් තණකොළ කපනවා කිව්වේ?

  3. බන්ඩා says:

    මුසාමිල් බදුර්දීන්ල වගේ වහබියෙක් නෙවෙය්.

  4. Nuwan says:

    Thawa wahab iththek dhenma… Mokaa dhinuwath un dhinum, Ratama allanawa… Okkoma amathyansha walata unge minissu.

  5. Siri says:

    බොහෝම පරිස්සමින් ……ඉනේ බෝම්බ ඇති…..හොදේ

  6. kiribatha says:

    Is he a patriot now? Just asking.

  7. ක්‍රිමිනල් says:

    😂😂😂😂😂

  8. Karu says:

    මොනවා වුණත් ලිස්ට් එකෙන් ගොඩ යන්න බලා ගෙන ඇවිත්.

  9. Kumar says:

    Mussamil deshapremida???

  10. නෙවිල් says:

    කඩු වලින් තනකොල කපනවා කියල කිව්වෙ මුසම්මිල් නෙවෙයි බන් මුස්ලිම් කටයුතු ඇමැති හලීම්..

Main News