නාම යෝජනා අදින් නිමයි.. ඇප බැද ඇති අපේක්‍ෂකයන් 41 මෙන්න…

October 7, 2019 at 8:40 am | lanka C news
නාම යෝජනා අදින් නිමයි.. ඇප බැද ඇති අපේක්‍ෂකයන් 41 මෙන්න…

ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අපේක්‍ෂකයන් 41 දෙනකු ඇප තැන්පත් කර ඇත. තරග කරන අපේක්‍ෂකයන්ගේ ඇප තැන්පතු භාර ගැනීම ඊයේ (06 දා) මධ්‍යහ්න 12.00 ට අවසන් විය.

පිළිගත් දේශපාලන පක්‍ෂ වලින් අපේක්‍ෂකයින් 19 දෙනකු ඇප තැන්පත් කර ඇති අතර ස්වාධීනව අපේක්‍ෂකයන් 19 දෙනකුද ලියාපදිංචි නොවූ පක්‍ෂ වලින් අපේක්‍ෂකයන් 03 දෙනකුද ඇප තැන්පත් කර ඇත.

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා උතුරු පළාත් හිටපු මන්ත‍්‍රී එම්. කේ. සිවාජිලිංගම් හා සබරගමුව පළාත් හිටපු මහ ඇමැති මහීපාල හේරත් යන මහත්වරුද ඊයේ ජනාධිපතිවරණයට තරග කිරීමට ඇප තැන්පත් කර ඇත.

ඉකුත් ජනාධිපතිවරණ හා සැසඳීමේදී වැඩිම අපේක්‍ෂකයන් ගණනක් තරග කිරීම මෙවර සිදුවෙයි. මෙතෙක් වැඩිම අපේක්‍ෂකයන් ප‍්‍රමාණයක් තරග කර ඇත්තේ ඉකුත් 2010 ජනාධිපතිවරණයේදීය. එහි අපේක්‍ෂකයන් ගණන 22 කි.

අපේක්‍ෂකයින් සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් ඔවුන්ට අවශ්‍ය පහසුකම් හා අනෙකුත් ලිපිද්‍රව්‍ය සකස් කිරීම වෙනුවෙන් වෙනත් මැතිවරණ වලට වඩා වැඩි වියදමක් දැරීමට සිදුවන බව මැතිවරණ කොමිසම පවසයි.

දේශපාලන පක්‍ෂ වලින් ඇප තැන්පත් කර ඇති අපේක්‍ෂකයන් 19 දෙනා මෙසේය.

අජන්තා පෙරේරා (ශ‍්‍රී ලංකාවේ සමාජවාදී පක්‍ෂය), සමන් පෙරේරා (අපේ ජන බල පක්‍ෂය), ගෝඨාභය රාජපක්‍ෂ (ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ), ආරියවංශ දිශානායක (ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ), සිරිතුංග ජයසූරිය (එක්සත් සමාජවාදී පක්‍ෂය), බැද්දෙගමගේ නන්දිමිත‍්‍ර (නව සම සමාජ පක්‍ෂය), වජිරපානි විජේසිරිවර්ධන (සමාජවාදී සමානතා පක්‍ෂය), සරත් මනමේන්ද්‍ර (නව සිහළ උරුමය), රොහාන් පල්ලෙවත්ත (ජාතික සංවර්ධන පෙරමුණ), ඒ. එස්. පී ලියනගේ (ශ‍්‍රී ලංකා කම්කරු පක්‍ෂය), බත්තරමුල්ලේ සීලරතන හිමි (ජනසෙත පෙරමුණ), සජිත් පේ‍්‍රමදාස (නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ), ජයන්ත ලියනගේ (සිංහලදීප ජාතික පෙරමුණ), දුමින්ද නාගමුව (පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය), මහේෂ් සේනානායක (ජාතික ජනතා පක්‍ෂය), අරුණ ද සොයිසා (ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ව්‍යාපාරය), පි‍්‍රයන්ත එදිරිසිංහ (ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සංවිධානය), නාමල් රාජපක්‍ෂ (ජාතික සමගි පෙරමුණ), සුබ‍්‍රමනියම් ගුණරත්නම් (අපේ ජාතික පෙරමුණ).

ස්වාධීන අපේක්‍ෂකයන් 19 දෙනා මෙසේය.

ජයන්ත කැටගොඩ, සිරිපාල අමරසිංහ, අපරැුක්කේ පුඤ්ඤානන්ද හිමි, මිල්රෝයි ප‍්‍රනාන්දු, සමන්සිරි හේරත්, සරත් කීර්තිරත්න, අනුරුද්ධ පොල්ගම්පොළ, සමරවීර වීරවන්නි, අශෝක වඩිගමංගාව, බෂීර් සේගු දාවුඞ්, මොහොමඞ් ඉල්ලියාස්, පියසිරි විජේනායක, රජීව විජේසිංහ, කුමාර වෙල්ගම, එම්. කේ. සිවාජිලිංගම්, එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා, අහමඞ් හසන් අලවි, ගුණපාල තිස්සකුට්ටිආරච්චි, මහීපාල හේරත්

පිළිගත් දේශපාලන පක්‍ෂ නොවන පක්‍ෂ වලින් තිදෙනෙකි.

අනුර කුමාර දිසානායක (ජාතික ජනබල ව්‍යාපාරය), චමල් රාජපක්‍ෂ (ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය), අජන්තා ද සොයිසා (රුහුණු ජනතා පෙරමුණ)

ශ‍්‍රී ලංකාවේ අටවැනි ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ නාම යෝජනා පත‍්‍ර භාර ගැනීම අද (07 වැනිදා) රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ‍්‍රවණාගාරයේදී සිදු කෙරේ.

නාම යෝජනා පත‍්‍ර භාර ගැනීම පෙරවරු 9.00 සිට 11.00 දක්වා සිදුවෙයි. නාමයෝජනා පත‍්‍ර පිළිබඳ විරෝධතා භාර ගැනීම එදින පෙරවරු 11.30 දක්වා සිදුවන අතර ඉන්පසුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා විසින් පිළිගත් හා ප‍්‍රතික්‍ෂේපිත නාමයෝජනා පත‍්‍ර ප‍්‍රකාශයට පත් කරනු ලබයි.

නාමයෝජනා භාර ගැනීම සිදු කරන මැතිවරණ කොමිසමේ ශ‍්‍රවනාගාරයට අපේක්‍ෂාකයාටත් ඔහුගේ නාමයෝජනා පත‍්‍රය අත්සන් කළ තැනැත්තාටත් තවත් එක් අයෙකුටත් ඇතුළු වීමට අවසර හිමිවෙයි. ඊට අමතරව අපේක්‍ෂකයෙකුට තවත් පස් දෙනෙකු බැගින් එම ගොඩනැගිල්ලේ වෙනත් ස්ථානයක රැුඳී සිටීමට ඉඩ ලබාදී ඇත.

මෙවර මැතිවරණ කාර්යාලය ආසන්නයට කිසිදු ආධාරකරුවෙකුට පැමිණීමට ඉඩ ලබා දී නොමැති අතර ඔවුන්ට රැුඳී සිටීමට වෙනත් ප‍්‍රදේශ වෙන් කර ඇති බව මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

මැතිවරණ කාර්යාලයේ ආරක්‍ෂාව ඊයේ (06 දා) උදෑසන සිට විශේෂ කාර්ය බළකාය යටතට පත්කර ඇති අතර අවට ආරක්‍ෂාවට අමතර පොලිස් නිලධාරීන් 1200 ක් පමණ යොදවන බවද කීය.

මේ අතර නාමයෝජනා පත‍්‍ර භාර දෙන අවස්ථාවේදීම සිය වත්කම් හා බැරකම් ප‍්‍රකාශ ලබා දෙන ලෙස මැතිවරණ කොමිසම අපේක්‍ෂයන්ට දැනුම් දී ඇත.

රනිල් ධර්මසේන
– divaina

77 views

8 Comments to “නාම යෝජනා අදින් නිමයි.. ඇප බැද ඇති අපේක්‍ෂකයන් 41 මෙන්න…”

  1. sirimal says:

    විශාල ලෙස වැටුප් වැඩි කල අවස්ථාවේ , ආර්ථිකය කඩා වැටීම නිසා රාජ්‍ය යාන්ත්‍රනය නඩත්තු කිරීමට අද වනවිට දිනකට රුපියල් බිලියන 7 අවශ්‍ය වුවත් රජයට සොයා ගතහැකි වී තියෙන්නේ බිලියන 5යි . දුර්වල ආර්ථික කළමනාකරණය නිසා දවසට බිලියන 2 බැගින් ණයවී වසර 5 ට රුපියල් බිලියන 2*365*5=3650 ලෝකෙට ණයවී තියනව ( ඩොලර් බිලියන 20ක්) . මෙහෙම තවදුරත් යන්න පුලුවන්ද . මෙය දරුණු ආර්ථික ගැටළුවක්. දේශපාලන කෝණයෙන් බලන්න එපා .

  2. podi eka says:

    Ko meke ara Nagena Nanda mahaththaya nahane.

    • Lebbe says:

      Nagahanandata salli nahallu poliyata dila hambakaragena 2025 illanawalu.

    • ලක්වැසියා says:

      මොනව උනත් නාගානන්දගෙ බැංකු ගිනුමට මිලියන ගානක් වැටුනනෙ. දැන් ඉතින් එයා කියපු විදියටම චන්දෙ තිබ්බත් නැතත් නාගානන්ද දිනුම්. මෑන් තව ටික කාලෙකින් ආපහු UK වලටම යයි. සර්පයාව කරේ තියන් ගිය බුද්ධිමත්තු ටික තමයි හොයාගන්නත් අමාරු. ඒ අතරින් සමහරු නම් දූෂණය වංචාව ගැන කතා කරන එක පැත්තකට දාල මහේෂ් සේනානායකව කරේ තියන් යනව ආරක්ෂාව ගැන මතක් වෙලා.

    • Man sudana says:

      Minihaa Dinum! mokatada chandeta yanne. thamange banku ginumata kiyanna baeri kavuruvath nodanna gaanak ekathu vunaa neva.pitaratavalin vitharak nevi NGO kerumoth sammadan dunna. miniha haerenna vena kisima kenek gaana danne naeha. kiyanneth naeha. Ologuvata honda gaanak ekathuvenaa. monavatada chanda comisamata a ganan hilav kiyanne. Minihage ilakke hari. chandeta gihin mokatada kicha venne. Eyaa dinum!!

  3. Gama Rala says:

    Ko ban ape weda mahaththya ???? Man hithuwa ethuma idiripath wei kiyala .

  4. ඇපමුදල says:

    ඇප මුදල කෝටිය දක්වා වැඩි කල යුතුයි .නැත්නම් චන්ද ලක්ෂයක් නොගත්ත උන්ට කෝටියක දඩයක් ගැසිය යුතුයි.එවිට හුස්සු පිත්තලා ජනාධිපතිවරණයට එන එක නවතිනවා.

  5. ඇප මුදල ඔය තියන විදියට තිබුණාට කමක් නැහැ. හැබැයි, පාවිච්චි කළ සමස්ත ජන්ද සංඛ්‍යාෙවන් 25%ක් වත් ගන්න බැරි වෙච්ච අයගෙන් රුපියල් කොටි පණහක් වත් දඩ වශයෙන් ගන්න ඕනේ. එතකොට අපතයො එන එක වැලකෙයි.

Main News