රාජිතට මොලේ අමාරුවක්.. ජවිපෙ යාක්‍ෂාරූඩ වී රාජිතට බැණ වදී..

October 7, 2019 at 3:00 pm | lanka C news
රාජිතට මොලේ අමාරුවක්.. ජවිපෙ යාක්‍ෂාරූඩ වී රාජිතට බැණ වදී..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ජනතා විමුක්ති පෙරමුණ නඩු පවරන බවට ඇමැති රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසන්නේ මෙම ප්‍රකාශයෙන් පෙන්වන්නේ රාජිත සේනාරත්න මහතාට මොලේ අමාරුවක් ඇති බවයි.

කිසිදු අපේක්ෂකයෙකු අධිකරණයට ගොස් වෙට්ටු දමා තරගයෙන් ඉවත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ හවුල් නොවන බවද ඔහු සඳහන් කළේය.

නාම යෝජනා භාර දීමට දින නියම කර තිබියදීත් එවන් කුමන්ත්‍රණයක් කිරීමට උත්සාහ කරන්නේ මහ ජනතාවට මුහුණ දීමට නොහැකි අය යයිද ඔහු කියා සිටී.

ඇමතිවරයාගේ ප්‍රකාශය දැඩිව හෙලා ජනතා විමුක්ති පෙරමුණ විසින් නිකුත් කරන ලද නිවේදනයක් ද මෙහි දැක්වේ.

රාජිත සේනාරත්න ඇමතිවරයාගේ ප‍්‍රකාශය අසත්‍යයක්

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අධිකරණයට යාමේ සූදානමක් ඇති බව රාජිත සේනාරත්න ඇමතිවරයා මාධ්‍යයට කරන ලද ප‍්‍රකාශය ජනතාව සම්පූර්ණයෙන්ම නොමග යැවීමට හිතාමතාම සැලසුම් සහගතව කරන ලද නිහීන උත්සාහයක් ය.

එක්සත් ජාතික පක්ෂය මෙන් මැතිවරණ මගහැර ගොස් වෙනත් කවර හෝ උපක‍්‍රම පාවිච්චි කර ජනතාවගේ පරමාධිපත්‍ය බලය හෑල්ලු කිරීමට කිසිදු උත්සාහයක් ජනතා විමුක්ති පෙරමුණ නොකරන බව ජනතාවට ප‍්‍රත්‍යක්ෂ දෙයක්ය.

රාජිත සේනාරත්න ඇමතිවරයාගේ එම ප‍්‍රකාශය තරයේ හෙළාදකින ජනතා විමුක්ති පෙරමුණ මෙවැනි බොරු මවාපෑම්වලින් මැතිවරණ ක‍්‍රියාවලිය පවත්වාගෙන නොයන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ ඔහු හා සමාන්තර පිළ නියෝජනය කරන අනික් ඕනෑම අපේක්ෂකයෙකු මහජනතාවගේ ඡන්ද බලයෙන් පරාජය කිරීමට අවශ්‍ය කටයුතු ක‍්‍රියාත්මක කරමින් සිටින බව මේ රටේ ජනතාව හොඳාකාරවම දනියි.

ඡන්ද දායකයන් ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ජාතික ජන බලවේගය වටා ඒකරාශීවීම දරාගත නොහැකි පරාජිත මානසිකත්වයෙන් පෙළෙන රාජිත සේනාරත්න වැනි තව බොහෝ පිරිසක් ඉදිරියේදීත් මේ හා සමාන බොරු ප‍්‍රකාශයන් කරමින් ජනතාව නොමග යැවීමට උත්සාහ කරන බව පැහැදිලිය. ඒ සියලුදෙනාගේ නිහීන ප‍්‍රචාරයන්ට නොරැවටී ධෛර්යෙන් අපවටා ඒකරාශී වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීමටද මෙය අවස්ථාවක් කර ගනිමු.

ස්තූතියි,

දේශපාලන මණ්ඩලය වෙනුවෙන්,

විජිත හේරත්,
ප්‍රචාරක ලේකම්,
ජනතා විමුක්ති පෙරමුණ

61 views

17 Comments to “රාජිතට මොලේ අමාරුවක්.. ජවිපෙ යාක්‍ෂාරූඩ වී රාජිතට බැණ වදී..”

  1. JVP jealous says:

    Mr. Anura Disanayake,

    I have a question for you.

    You said Mahinda the ex President is maintained by the public funds and you are going stop it when you come to power.
    Ok , he was the president of our country and fought with Tigers and finished them and the forces who funded them is still living and trying to get the revenge from him.
    So if he is not given the security and proper secured place to live, is that right?

    You all have minds full of jealousy. All JVP are the mental sick guys.

    • Asoka Liyanage says:

      An excellent reply to AKD.( අදූරදර්ශී කාලකන්නි දැක්ම ).

  2. toka says:

    අපේ සොල්දාදුවන්ගේ ලේ මතින් දේශපාලනය කර ප්‍රකෝටි පතියන්වන රාජපක්ස වරුන්ට ලැබෙන්නේ open heart bypass පමනද? .

  3. Smith says:

    Mole neweyi okage amaruwa thiyanne puke

  4. Asoka Liyanage says:

    රාජිත සහ ජෙප්පෝ රටේ ජනතාව ඇඳීමට කරන නාටකයක් කියා මට සිතේ. ඉදිරි කාලය තුල රාජිත විරද්ධව ඇති යට ගැසූ නඩුවලට ප්‍රතිකර්මයක් ලෙස දැන් සිටම බොරු පිස්සුවක් අරගන්න වගෙයි යන්නේ.

Main News