කතෝලික පල්ලිවලට පහර දීමේ සැලැස්මක්.. පෙරහැර උත්සව නවතන්න..- අගරදගුරු සියළු පල්ලිවලට දන්වයි..

October 7, 2019 at 10:00 am | lanka C news
කතෝලික පල්ලිවලට පහර දීමේ සැලැස්මක්.. පෙරහැර උත්සව නවතන්න..- අගරදගුරු සියළු පල්ලිවලට දන්වයි..

ජනාධිපතිවරණ මුවාවෙන් කිතුණු දෙව්මැඳුරකට ප‍්‍රහාර එල්ලවීමට ඉඩ ඇති බවට තොරතුරු ලැබී තිබෙන අතර මේ දිනවල පැවැත්වෙන මංගල්‍ය පෙරහැර පැවැත්වීමෙන් වළකින ලෙස කොළඹ අගරදගුරු මැඳුරේ මාධ්‍ය ප‍්‍රකාශ ජූඞ් ක‍්‍රිශාන්ත පියතුමා විසින් දෙව්මැඳුරු මීසම්පාලක පියතුමන්ලාට දැනුම් දී තිබේ.

මෙම තත්ත්වය මත සියලූම කිතුනු දෙව්මැඳුරුවලට ආරක්‍ෂාව සලසන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට කර තිබෙන දැනුම්දීමකට අනුව දෙව්මැඳුරු ගණනාවකට පොලිස් රැකවරණය ලබා දී ඇති අතර දෙව්මැඳුරු මංගල්‍යය හැකිතාක් චාම් අන්දමින් සිදුකරන ලෙස පියතුමන්ලාට වැඩිදුරටත් දැනුම්දී ඇත.

මේ අතර මැතිවරණ උණුසුම තිබියදී තැබෑරුම් ආරම්භ කිරීමට ක‍්‍රියා නොකරන ලෙසත් දැනටමත් පමුණුගම ප‍්‍රදේශයේ ආරම්භ කිරීමට යන තැබෑරුමක් පිළිබඳව කතෝලික බැතිමතුන් අතර විරෝධයක් හටගෙන තිබෙන බවත් ජූඞ් ක‍්‍රිශාන්ත පියතුමා පැවසීය.

නෝමන් පලිහවඩන
– divaina

42,444 Viewers

9 Comments to “කතෝලික පල්ලිවලට පහර දීමේ සැලැස්මක්.. පෙරහැර උත්සව නවතන්න..- අගරදගුරු සියළු පල්ලිවලට දන්වයි..”

  1. ජනයා says:

    ජනපතිතුමණි මාතෘභූමියේ සමූහදූෂකයෝ හා මාතෘභූමියේ මංකොල්ලකාරයෝ අතට තව ටික දිනකින් මේ රට මුලුමනින්ම පත් වීමට නියමිතය.
    ඔබ වෙත ජනතාව පවරා ඇති බලය පාවිචිචි කර උන්ගෙන් ජනතාව බේරාගන්න කුමාරතුංග මුනිදාස පඬිවරයා ලියූ මගුල් කෑම පොතේ කුකුළාගම කුකුළ්ලු නරියාගම නරින්ගේ ප්ලෑනකට මේ අද අපේ චන්ද දායකයා වගේම අහුවෙනවා.ප්ලෑන සාර්ථක කරගෙන නරියෝ කුකුලන්ව කටින් ඩැහැගෙන දුවන අන්තිම තත්පරයේ ගමරාල පත්තු කරන වෙඩිල්ලෙන් කුකුල්ලු මරැ කටින් බේරෙනවා.ඔබ තාමත් විධායක ජනපති. රට බේරා ගැනීමේ ඒ වෙඩිල්ල නරින්ට පත්තු කිරීමේ පරම අයිතිය තාමත් ඔබ සතුව ඇත.

    • ගුනේ says:

      අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට කර තිබෙන දැනුම්දීමකට අනුව දෙව්මැඳුරු ගණනාවකට පොලිස් රැකවරණය දීල තියෙන්නේ විධායක බලතල පාවිච්චි කොරල තමයී.හැබැයී මංකොල්ලකාරයෝයී බැංකු හොරුයී ඉන්න ආණ්ඩුව තාම බලයේ ඉන්න නිසා විධායක ජනාධිපතිට එක කොරන්න ටිකක් අමාරුයී නේ

    • අනේ බං කුකුළාගම හිටපු වැඩ බැරි හැබැයි කුහක කමින් ඉරිසියාවෙන් පිරුනු, සිංහයගෙ තැන කොහොමද ගන්නෙ කියල අංචි ඇද ඇද හිටපු කුකුළව තමයි රනිල් මහ නරිය ඉස්සුවෙ. උස්සල රජ කළේ. රූකඩයක් වගේ නටවන්න හිතාගෙන. හැබැයි නාකි කුකුළට නරියන්ගෙ අසම්මත චරියාවත්, පැළැන්තියත් ඇල්ලුවෙ නෑ. ඒ වගේම මහ නරිය කියපු විදියට උගෙ සනුහරේ කොටියට පාවල දෙන්නත් ඌ කැමති උනේ නෑ. කුකුළ අනිත් පැත්ත හැරිල කොටා ගෙන කොටා ගෙන ගියා. හැබැයි උගෙ දෙපිටකාට්ටු කම නිසා ඌට ආයෙ රජ වෙන්න බෑ. මොකද මහ නරියව බලයට පත් කරගෙන උගෙ වරිගෙට කොරපු අගතිය අප්‍රමාණයි. දැං කුකුල් රජාට ආයෙ ගමරාල වෙන්නත් බෑ. උගෙ වෙඩි පත්තු වෙන්නෙත් නෑ. ආපහු සිංහයගෙ දෙපා වැදල කුකුල් ගමේ ඉන්න් විතරක් අවසර ගත්තා. එක හොදක් මේ කුකුල් රජාගෙ තියෙනව. ඌ කොටියට ජාතිය පාවල දුන්නෙ නෑ. දැං ඌ පිලි අරං තියෙනව සිංහය තමා පාලනයට නියම සුදුස්ස කියල. ඉතිං දැං ඌ බොරුවට හරි සිංහයට සහය දෙන්න එකග උනා. නරි රැවටුනා.

  2. kamal says:

    තිසරණය හා පන්සිල් තියෙන කෙනා සම්පුර්ණ මිනිහෙක්ද තිසරණය පමණක් සරණ ගිය කෙනා මිනිස් භාගයක්ද ලෙස හැදින්වුයේ ගෝටා ඔබ මැරුවේ මිනිස් භාගයයි. චෙතනාව බුදු දහම ආරක්ෂා කිරිම තිබුනම ඒය හරි ගැඹුරුයි. චෙතනාහම් භික්ඛවේ කම්මංවාදාමි. කර්මය තේරුම් ගන්න අපිට බැ.

  3. migara says:

    ඔය කියන විදියට ගහන උන් කියා කියා ගහන්නේ ඕක මැච් එකක්ද.දේසපාලන අරමුණින් බාලයෝ බොරු බය කිරීම් කරනවා,කෝකටත් හොදියි ,,,රට ස්ථාවර වෙනකල් ඔය සෙනග ගැවසෙන දේවල් නොකර ඉන්න එක.

  4. රනිල් says:

    බොරු බොරු බොරු ජාතික ආරක්ෂාව තහවුරුයි

  5. praba says:

    ජාතික ආරක්ෂෘව තහවුරු කලේ ඔබද? පව්

  6. praba says:

    ජාතික ආරක්ෂාව තහවුරු කලේ ඔබද? අනේ පව්

  7. gamarala says:

    කණගාටු වෙනවා කියන්න ගිය සැරේ පාර්ලිමේන්තු මැතිවරණයේදී සියලුම පල්ලියේ පාදලිවරු චන්ද දෙන්න කිවේ රනිල්ට දැන් කොහොමද රටේ තත්වේ පල්ලිය ලැජ්ජා වෙන්න ඕනේ

Main News