ජනපති ඇරඹූ තැනින්ම අවසන් කරන්න යයි.. අනිද්දා අනුරාධපුර ගෝටාභයගේ වේදිකාවේ..
October 7, 2019 at 3:50 pm | lanka C news
ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණයේ පළමු රැස්වීම අනුරාධපුරයේදී අනිද්දා දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම රැස්වීමේ වේදිකාව සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාද එක්වනු ඇති බව නිල නොවන තොරතුරු වාර්තා කරයි.
එදින පෙරවරුවේ ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීමට නියමිත අතර ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ද වෙනම අවබෝධය ගිවිසුමක් අත්සන් තබයි.