මෛත‍්‍රී-රනිල් අවුරුදු පහම ගොන් පොරයක හිටියේ.. රට මස්තබාල්දු වුණා..- ගෝටා වෙනුවෙන් SB විලක්කුව දල්වාගනී..

October 7, 2019 at 4:40 pm | lanka C news
මෛත‍්‍රී-රනිල් අවුරුදු පහම ගොන් පොරයක හිටියේ.. රට මස්තබාල්දු වුණා..- ගෝටා වෙනුවෙන් SB විලක්කුව දල්වාගනී..

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති වි මහින්ද රාජපක්ෂ මහතා අගමැති විමෙන් පසු  මේ රට ශක්තිමත් රටක් බවට මහනුවර දිස්ත්‍රික් පා.ම එස් බි දිසානායක මහාතා පැවසිය.

එස්.බි දිසානායක මන්ත්‍රිවරයා එ බැව් කියා සිටියේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නාවලපිටිය ආසනබල මණ්ඩල රැස්විම අමතමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු එස් බි දිසානායක මන්ත්‍රිවරයා කියා සිටියේ. මේ අවුරුදු පහේ මේ රට කඩාගෙන වැටුණේ , දුප්පත් කම වැඩි වුණේ , සංවර්ධනය සහමුලින්ම නැති වුණේ , රටට සංචාරකයන් එන්නේ නැති තත්ත්වයක් ඇති වුණේ , ආරක්ෂාව කියන එක තුට්ටුවට වැටුණා , මොකක්ද මේකට ප්‍රධාන හේතුව  ජනාධිපතිගෙයි අගමැතිගෙයි මේ ගොන් පොරය.

මේ ගොන් පොරය නිසා මේ රට වැටුණා , එක් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයම පිලිගත්තා, ඒක රනිලුත් පිලිගත්තා, මේ දෙන්නට එකට වැඩ කරන්න බැරි වුණ නිසා තමයි රට වැටුණේ.

බැරි වෙලාවත් සජිත්  දින්නොත් ගොන් පොරයක් නෙවෙයි මි ගොන් පොරයක් එන්නේ, සජිතුයි රනිලුයි මි ගොන් පොරයට ආවම රට කුජිතයි.

මේ බෞද්ධ රටේ දෛවයට ලැබිච්ච දෙයක් තමයි ගෝඨාභය ජනාධිපති වෙලා මහින්ද අගමැති වෙලා , එ සහෝදරත්වයෙන් මේ රටේ ශක්තිමත් ආණ්ඩුවක් හදනවා කියන එක.

එහෙම දේවල් වෙනවා මහින්ද රාජපක්ෂට ජනාධිපති අපෙක්ෂකත්වය දෙන්න චන්ද්‍රිකා කවදාවත් හිතන් හිටියේ නැ .

බොරුවට චන්ද්‍රිකා මහින්දව ජනාධිපති අපෙක්ෂක කියලා නම් කරලා , උසාවියෙන් කෙලින්න තමයි ගියේ, නොහිතුනු විදිහට මහින්ද රාජපක්ෂ ඉදිරියට ආවා.

2005 ඡන්දෙදි ප්‍රභාරකන් උතුරේ ඡන්ද ටික නැවැත්තුවේ නැත්තම් එත්අපිට ලෙසි වෙන්නේ නැ, හැබැයි ප්‍රභාකරන් හිතුවා මහින්ද දිනන එක හොදයි දින්නොත් එකා මාත් එකක් ගහ ගන්න එනවා, ඉන්දියාවත් එක්ක ගහ ගන්න යනවා, ඊට පස්සේ එක්සත් ජාතින්ගේ සංවිධානය ඇවිල්ලා මට මේක බෙදලා දෙනවා.

මේ ශුද්ධ භුමිය විසින් මහින්ද රාජපක්ෂකව ජනාධිපති විදිහට පත්කරා.

එ නිසා ලෝකේ දරුණුතම ත්‍රස්තවාදය පරාජය කිරිමට මහින්ද රාජපක්ෂ මහතාට හැකි වුණා.

අපිට වඩා පහලින් ඉදලා පොසත් වුණ රටවල් තියෙනවා, සිංගප්පුරුව , මැලේසියාව, චිනය , දකුණු කොරියාව .

මේ රටවල් ඔක්කොටම කොන්ද කෙලින් තියන් සෘජුව වැඩ කරන නායකයන් හිටියා.

එ නිසා නැගිගෙන ආපු රට වැටිලා , රට අනාරක්ෂිත වෙලා තියෙන මේ මොහාතේ , එනිසා මේ රටට ඕනි කොන්ද කෙලින් තියෙන, සෘජුව වැඩ කරන ගොඨාභය රාජපක්ෂ මහතා වැනි නායකයින් , යනුවෙන් පැවසිය. 

– හැටන් රංජිත් රාජපක්ෂ

22 views

14 Comments to “මෛත‍්‍රී-රනිල් අවුරුදු පහම ගොන් පොරයක හිටියේ.. රට මස්තබාල්දු වුණා..- ගෝටා වෙනුවෙන් SB විලක්කුව දල්වාගනී..”

  1. Mohan says:

    එහෙනම් 2005-2015 වෙනකන් බලයේ ඉඳල පොල්ගෑවද ප…
    උඹල වගේ සක්කිලි කටවල් නිසා තමයි එතුමාට කෙළවුණේ එදා
    දැන්වත් පැත්තකට වෙලා ඉඳපන් හරක

    • Trotsky says:

      SB was an Anti-war campaigner during 2005-2010 period. He was the UNP National Organizer at the time. He came back MR camp only during the 2010 Presidential election. He is a No.1 opportunist. Same as Dilan Perera et al.

  2. sisira says:

    SB katyinda ban kiyanne

  3. kamal says:

    මහේස් අමතන කමල්
    උඹලගේ ඉලක්කය විය යුත්තෙ මහමැතිවරණයයි. අපි වේලක් හරි වේලක් කාකා ඉන්නවා. නමුත් ඊලග උත්පත්තිය හොද විය යුතුයි. තවද මෙලොව සතුටින් ඉදිමට හැකිවිය යුතුයි. සල්ලි නෙවෙයි සතුට ගෙන ආකල්පයි. එය හදන්නෙ බුදු දහමයි. එක්සත් ජාතික පක්ෂය හා ජවිපෙ මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නෙ ඒ ආකල්ප සදන බුදුදහමට විරුද්ධ නිසා. ඒක නිසා උත්සහාවත් වුනොත් මාසයක් යද්දි දෙවනියා වෙන්න පුලුවන්. තෙරුවන් සරණයි.

  4. Pal says:

    I don’t like SB’s explanation normally.

    But this is the truth.

    Only remedy is Gota & MR combination.

    When you vote please think of both the positions.

    The only perfect combination is Gota & MR.

  5. Boga says:

    අපේ ගමේ ඉන්නවා ගුනේරිස් කියලා අයියා කෙනෙක්, මිනිහා හැම මළ ගෙදරකම යනවා. පොර ගිහිල්ලා මළ ගෙදර පොර ටෝක් දෙනවා ඉස්ම යන්න. කලින් දවසේ හිටිය දානේ ගෙදර උන්ට බනිනවා පලු පැලෙන්න. මිනිහට වඩා පොරක් නැති ගානට ටෝක්ස් දෙනවා. අහන් ඉන්නවා පොරවල් කට ඇරගෙන. කොච්චරද කියනවා නම් ඉස්සර මු මළ ගෙදර උන්ට අම්මා මු නැතිව බැන්න බවක් අමතක වෙනවා.

  6. Ariyathilakam says:

    එක්සත් ජාතිය පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක වැරදුණු කුරුමානම…සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම වැරදුනු කුරුමානමක් වෙනවාඇත. එජාපයේ ජනපති අපේක්ෂකත්වය ජ්‍යේෂ්ඨත්වය නොසලකා ඇමති සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම තුලින් වන හානිය ඉමහත්ය . කථානයක කරූ ජයසූරිය මහතා එජාප අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළා නම් ජනතාව තුල විශවාසනීය බව වැඩි වීමට ඉඩ තිබිණි. අප අදහස් කරන්නේ ජනාධිපතිවරණය ජයගන්නේ කුමන අපේක්ෂකයා ද යන්න පිළිබඳ මතය කීම නොව මෙවර ජනාධිපතිවරණයේදී ජතික වශයෙන් විශ්වාසය තහවුරු වීමට අවශ්‍ය සාධක සපුරාලීම වැදගත් බවය. අමාත්‍ය සජිත් ප්‍රේමදස ජනපති අපේක්ෂකයා ලෙස නම් කළේ ඔහු හා ඔහුගේ දේශපාලන කණ්ඩායමේ බලවත් පෙරැත්තය මතය. පක්ෂය තුල අර්බුදයක් ඇති වීමට යා නොදී බේරා ගැනීමට ජ්‍යේෂ්ඨත්වය මුල් තැන නොදී පක්ෂය ඉබාගාතේ යන තීන්දු ගෙන ඇත. තරුණකම, ධනය, බලය, කාර්‍ය් බාහුල්‍යතාවය යන කරුණු යමෙකු තුල එක් වූ කළ ඔහුට විනාශය ගෙන දෙන බව පැරණි උපදේශ ගත් වල සදහන් ය. තම පරිනත භාවය එන තුරු ජ්‍යේෂ්ථත්වයට නැමී කීකරු පුද්ගලයා අද්දැකීම් බහුල නායකත්වයට සුදුසු පුද්ගලයෙකු වනවා ඇත. රටේ නායකත්වයට තර්ජනයෙන් පත්වීමට උත්සාහ කිරීමට ඉඩ දීමේ ප්‍රතිවිපාක පක්ෂයට මෙන්ම ජ්‍යේෂ්ඨ නායකයන්ට මෙන්ම රටට බලපාන බව කිව යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය කතා කළාට පමනක් වැඩක් නැත. ක්‍රියාවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඔප්පු කර පෙන්විය යුතුය.

    • Nalaka says:

      Dan sajith tamai waradi, karuwa kapala junior udata apu eka. Etakota deputy leader kiyanne mokada? Etakota gotabhaya godak senior da? Aise, nodanna magul kiyawanne epa, Gotabaya parachute wela bahala inne, kohe tiyena seniority ekakda….

    • Karu says:

      Karu Jayasuriya is an extreme opportunist. Ranil knows that the UNP will have no place.That is why he agreed to Sajith. Let him face the fate.

  7. Saradiel says:

    මේ බුදුන්ට පුජා කල සිංහලේ පාලනය කල හැක්කේ බෞද්ද නායකුට පමණයි ඒ ගොටාබය සැම අනෙක් සැම ජාතියකුටම නිදහසේ ජීවත්වීමේ හැකියාව ලැබෙනවා සහතිකයි.

  8. sithmal says:

    මෙයාගෙ විලක්කුවෙන් අහවල් එකක් කරන්නද? දේසපාලනිකව බOකොලොත් පල් හොරු. කරපු වැඩක් නෑ නේ මුන්.. මුන් දේසපාලිනකව විශ්‍රාම යවන්න ඕන.

  9. Chandimani says:

    Then where were you during that time?

  10. Amila says:

    මේ වගේ එහාට මෙහාට පනින කකුස්සි කටවල් අරගෙන තියෙන ඡන්දත් නැති කරගන්න එපා..මොකද මිනිස්සු දැන් මේ වගේ එවුන් කියන දේවල් පිළිගන්නෑ.අමාරු කාලවල මුන් හිටියෙ කොහෙද?ඇමැතිකම් අරගෙන UNP ඔඩොක්කුවෙ.දැන් ඒ පැත්තේ බලය පිරිහෙන නිසා මෙහාට පැන්නා…ඇට නැති දිව ඉතින් ඕන අතකට නැවෙනවලුනෙ…මේවා මිනිස්සු දන්නව…

    අමාරු කාලවල දරදිය ඇදපු අයට තැනක් දෙන්න මේ වගේ අසූචි කන ඌරන් ට ඉඩ නොදී….

    • podi eka says:

      Hariyata hari, e davasavala palu yanakam banala, anduve thanathuru aragena eeta passe vade upset vena kota anith paththata karanama gahanava. SB uncle hondai vedikave vihilu sapayanna. Eta passe heminma kapala dammama hari.

Main News