උතුරේ නැවතත් හමුදා මාර්ග බාධක අරී..

October 7, 2019 at 5:30 pm | lanka C news
උතුරේ නැවතත් හමුදා මාර්ග බාධක අරී..

වවුනියාව දිස්ත්‍රීක්කය හරහා පිහිටි ඒ-9 මාර්ගය ඇතුලු ප්‍රධාන මාර්ග කිහිපයක් ආවරනය වන අයුරින් යුද හමුදා සෝදිසි මුරපොළවල් නැවතත් යෙදවීමට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.

වව්නියාව දිස්ත්‍රීක්කයේ ඒ-9 මාර්ගය පිහිටි ඉරට්ට පෙරියකුලම් ප්‍රදේශයේ, මන්නාරම් මාර්ගයේ ,ඊච්චන්කුලම් , මදීනානගර් ආදි ප්‍රදේශයන්හි මාර්ග ආවරනය වන අයුරින් යුද හමුදා සෝදිසි මුරකපොලු යොදා ඇත.

පසුගිය පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව මෙලෙසින් යුද හමුදා මුරකපොලු යොදා දින කිහිපයකට පසුව ඉවත් කල අතර නැවතත් යුද හමුදා මුරකපොලු යොදා අවශ්‍ය වූ විටකදී සැකකටයුතු පුද්ගලියින් හා සැකකටයුතු වාහන පරික්ෂා කිරීම් සිදු කරනු ලබන්නේ ජනතාවගේ ආරක්ෂාව උදෙසා බවටද යුද හමුදාව පෙන්වා දෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

38,267 Viewers

5 Comments to “උතුරේ නැවතත් හමුදා මාර්ග බාධක අරී..”

  1. ඕන්න ජනා අපේක්ෂක හිටපු හමුදාපති මහේෂ් ගෙයි වර්ථමාන හමුදාපති ශවේන්ද්‍ර ගෙයි වෙනස. රට රකින්නෙ ඔහොමයි බොලව්. විනාශයට ඉඩ දීලා පස්සෙ පශ්චාත් මරණ පරීක්ෂණ තියල නෙමෙයි. තුන් තිස් පැයේම රට ජාතිය දිහා ලෙන්ගතු කමින් ඇහැ ගහගෙන ඉදලයි.
    සියලු රණවිරුවන්ට තෙරුවන් සරණයි.

    • Sadda says:

      Hariyata hari

    • Dp says:

      රටේ ආරක්ෂාව ගැන හිතන අය මේ රජය තියාගනීද? විග්නේශ්වරන් පොඩි සද්දයක් දැම්මම එක්කෝ මාර්ග බාදක ඉවරයි , නැත්නම් හමුදාපති විශ්‍රාම යයි . ඔන්න අපේ නපුන්සක දේශපාලනයේ තරම .

  2. prabath says:

    Respect to you ….

  3. comman says:

    This Road block reminds the Rajapaksha regime for north people.that makes political benefit for Sajith

Main News