සජිත් ඉන්නේ 60 දශකයේ.. කියන කතාවලට හිනා වෙනවා.. මං එනවා..- සජිත් පිලේ ප‍්‍රබලයා මහින්දට අමතයි.. පොහොට්ටුවන් විරෝධයේ..

October 8, 2019 at 9:20 am | lanka C news
සජිත් ඉන්නේ 60 දශකයේ.. කියන කතාවලට හිනා වෙනවා.. මං එනවා..- සජිත් පිලේ ප‍්‍රබලයා මහින්දට අමතයි.. පොහොට්ටුවන් විරෝධයේ..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම සඳහා එක්වීමට තමන්ද සූදානම් යයි එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායමෙන් ප්‍රබලයෙක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දුරකථනයෙන් ඇමතුමක් කර ඇත.

ඊයේ දිනයේ පස්වරුවේ මෙම ඇමතුම ලබා දී ඇතිත බස්නාහිර පළාතේ නොවන මෙම ප්‍රබලයාට මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති නිසා ඉල්ලීම ගැන සලකා බැලීමට පෙර අදාල දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කළ යුතුව ඇති බවයි.

කෙසේ නමුත් දිගින් දිගටම මහින්ද රාජපක්ෂ මහතාට ඇවිටිලි කර ඇති මෙම ප‍්‍රබලයා පවසා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා සමඟ තවදුරටත් ඉදිරියට ගමන් කළ නොහැකි බවයි.

දිනපතා පවසන අවාසිදායක ප‍්‍රකාශයන් හේතුවෙන් පොදු ජනතාව අතර උපහාසයට පත්ව ඇති බවත් මැතිවරණය අවසාන වෙද්දී එය කොතැනින් නැවතේ දැයි සිතාගත නොහැකි බවත් ඔහු සඳහන් කර ඇත. පේ‍්‍රමදාස මහතා පසුවන්නේ 60 දශකයකටත් එහා පසුගාමී තත්ත්වයක බවත් ඔහුගේ කතා විලාසය කිසිසේත්ම පාවෙන ඡුන්ද දායකයාා හෝ මැද පන්තියේ ඡුන්ද ආකර්ශනය කර ගැනීම කිසිසේත්ම සිදු කරගත නොහැකි බව ද ඔහු පවසා තිබේ.

වාර්තාවන ආකාරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ත්‍රික් මට්ටමේන් කිසිවෙකු එක් කර නොගන්නා ලෙස පක්ෂ නායකත්වයට දැඩිව බලපෑම් කරන කරමින් ඇති බව වාර්තාවෙයි. ඊට හේතු වී ඇත්තේ දැනට පාර්ලිමේන්තු නියෝජනය කරන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම පළාත් සභා වල සිටින ඇතැම් පිරිස් පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා ලයිස්තුවට ඇතුළත් වීමට දැඩි තරගයක යෙදී සිටීමයි.

104,446 Viewers

25 Comments to “සජිත් ඉන්නේ 60 දශකයේ.. කියන කතාවලට හිනා වෙනවා.. මං එනවා..- සජිත් පිලේ ප‍්‍රබලයා මහින්දට අමතයි.. පොහොට්ටුවන් විරෝධයේ..”

  1. ගුනේ says:

    ඔක්කොම අනාතයෝ අස්සේ දාගෙන ඉස්සෙල්ලා වගේ කැඳ හැලියක් ගොඩනගන්න එපෝ. 2015 චන්ද දායකයන්ට එපා වුනෙත් එකයී. පරණ වැරදි හදාගෙන ඉස්සරහට යමු. ජය නියතයී.

    • john the baptice says:

      ඇමරිකාවෙන් බලපෑම් කරනවා ගෝටා කෙසේ හෝ ජනපති කරන ලෙස. පොහොට්ටුවට පැනීම වෙනුවෙන් ආන්ඩු පක්ෂ ඇමතිවරුන්ට ඇමරිකාවෙන් ඩොලර් දෙනවා

    • Amda says:

      ඔව්. අහක යන ගූ බාල්දි නම් හලාගන්න එපා. පාවෙන චන්ද නැතිවෙයි

  2. Amila Rathnayake says:

    Matale petthe vihare namak neda???

  3. Aurora says:

    පොදුජන පෙරමුණ ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ ඉන්න නිසා පක්‍ෂයේ ක්‍රියාකාරීන් සියලුදෙනාම මහමැතිවරණ නාමයෝජනා බලාපොරොත්තුවෙනවා. නමුත් දුර දකින ජාතික නායකයා වන ඔබතුමා සතුව දැවැන්ත යුතුකමක් තියනවා රට ඉදිරියට ගෙනයන්න. ඒ සඳහා වෘතිකයන් දේශපාලනයට එක්කරගැනීම ඉතාම වැදගත්. එමනිසා දැනට සිටින සියලුම මන්ත්‍රීවරුන්ට ප්‍රමුඛතාවය දෙන අතරේම ලැයිස්තුවට වෘතිකයන් සහ උගතුන් යටත් පිරිසෙයින් 2 දෙනෙක් හෝ ඇතුළු කිරීම රට වෙනුවෙන් කරන මහා ආයෝජනයක්. ඒ වගේම ඔබතුමාගේ කීර්තිකදම්භය ඉහළ නංවන්නක්.

    • ගුනේ says:

      ඇත්ත.

    • අම්මෝ, චම්පක, රාජිත, හර්ෂ, සරත්, චන්ද්‍රගුප්ත වගේ උගත්තු නම් කීයටවත් එපා.

      බුද්ධියක්, හැකියාවක් සමග මනුස්සකමක් තියෙන ඕනැ කෙනෙක් දාන්න.

    • Pal says:

      Correct and that will definitely happen.
      That is why Gota developed Wiyath Maga..

      • Sumith says:

        By walking the talk he will win people’s hearts and minds no doubt. This is extremely important because, people have been let down in so many ways till now.

    • 77 UNP says:

      වියත්මඟ යන දේශප්‍රේමී උගතුන්ගේ සහ වෘතිකයන්ගේ එකතුව නම් මනවසම්පත් බැංකුව මහජන මන්ත්‍රීවරු, නගරාධිපතිවරු තෝරාගැනීමේ මැතිවරණ සඳහා ඉදිරිපත්කර මහජන අනුමැතිය ලබාගන්න. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය කෙරෙහි කලකිරෙමින් සිටින උගත්, බුද්ධිමත් ජනතාව නැවතත් ඒකරාශී කරගැනීමට හොඳම මඟ එයයි. මහින්ද මැතිතුමන්ගේ සහ ගොටාභය මැතිතුමන්ගේ නම් රන් අකුරෙන් ලියවේවි.

    • Cyril says:

      දෙදෙනෙක් නෙමෙයි අඩු තරමින් 10 යක් පත්කරන මන්ත්‍රි ලැයිස්තැවට ඇතුලත් කලයුතැයි පකිස්තානයේ සහ සිංගප්පුරැවෙ වගේ. ඒවගේම දක්ෂ කීපදෙනෙකුට ඇමතිකම් දෙන්න සුදුසුයි ඒ රටවල කලා වගෙ.

      • Aurora says:

        සහෝදරයා මම අදහස් කලේ ජාතික ලැයිස්තුව නොවේ, දිස්ත්‍රික්ක ලයිස්තුවයි. එතකොට සෑම දිස්ත්‍රික්කයකින්ම එන කුඩුකාරයෝ, කප්පම්කාරයෝ, නූගත් පිශාචයෝ, ඩබල්ගේම් කාරයෝ පහළින්ම ෆිල්ටර් කරන්න පුළුවන් අපටම. ජාතික ලැයිස්තුව කොහොමත් ජාතික වටිනාකමක් තියන යට පමණයි, පැරදුන අපතයන්ට නොවේ.

    • Gota Dinawamu says:

      Well said!

  4. Saradiel says:

    අවස්ථා වාදීන්ගෙන් ප්‍රවේසම් වන්න

  5. gamarala says:

    ඔබට වසර දෙකක් තිබියදී යන්න උනේ මේ වසලයන් නිසා බව දැනගන්න

  6. පියසිරි says:

    සුදුස්සාට සුදුසු තැන දී බලයටම පමණක් ගිජු අවස්ථාවාදීන් අතහැර අවන්කවම රටට ජාතියට ආගමට ආදරය කොරන පිරිසක් එක්ක ඉස්සරහට හොද ගමනක් යමු. එහෙම වුනොත් මෙරට බහුතරයක් ජනයා සැමදා ඔබ සමග සිටීවි. මෙරට බහුතරයක් ජනතාව පෞද්ගලික වාසි පතාගෙන ඔබට චන්දෙ දෙන අය නොවෙයී. නමුත් අපිට ආඩම්බරෙන් හිස ඔසවන් අනුන්ට අත නෝපා නිවහල්ව ආරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න. එම කරුණ සැහැල්ලුකොට නොතකන්න. ඔබට ජය.

    • ඔව්, ජනතා සේවය හරියට කලොත් අමුතුවෙන් චන්ද ව්‍යාපාර තියන්නයි, ගිරිය පුප්පගෙන මඩ ගහන්නයි, සල්ලි විනාශ කරන්නයි ඕන නැහැ. එතකොට ඊ ලග චන්දෙට වියදම් කරන්න කියල අමුතුවෙන් හොරකම් කර කර සල්ලි හොයන්න ඕනැත් නැහැ. වැඩ පිලිවෙල හරි නම්, ධාර්මික නම් ජනතාව නිතැතින්ම චන්දෙ දෙනව. එකම සාධකය ජනතාවගෙ විශ්වාසය.

      හැබැයි තමන්ගෙ පක්ෂෙ කියල වරද ට දඩුවම් නොදී හුරතල් කලොත් ජනතාවගෙ විශ්වාසය බිදෙනව. එතකොට වෙනත් බලවේග ලේසියෙන්ම ජනතාව මුලා කරල ඒ අයගෙ අරමුනු ඉෂ්ඨ කර ගන්නව. රට විනාශ වෙනව. මහින්දටත් ගෝටටත් මේ ගැන ඕනැ තරම් උදාහරන තියෙනව අතීතයෙ. ඒවා හොදින් පරිකල්පනය කර නැවත නොකිරීමට වග බලා ගත යුතුය.

    • ක්‍රිමිනල් says:

      ඔබතුමා කියන ඔය වගේ පුද්ගලයෝ ඉන්නේ දෙන්නයි , එක්කෙනෙක් ඉපදිලා නෑ , අනිකා මැරිලා ගොඩක් කල් !

      • ඇයි ‘ශ්‍රී මුඛ’..? එයා දිවා නොබලා රෑ නිදි මරා ගෙන ජනතාව වෙනුවෙන්ම කැප වෙලා පාරෙම ජීවිතේ දිය කර හරින්න කැප උනා කියල දන්නෙ නැද්ද?
        අපී බලා ඉන්නෙ එයා පත් වෙනකම්..

        • jsk says:

          එහෙනම් ! එහෙනම් ! ඔබ හරියටම හරි ‘රී මුඛ’ තමා ඕකට ගැලපෙන කෙනා. දාගැබ් පන්සීයයි ගම් අසූ හාරදාහයි, අරකද මේකද, අම්මට හුඩු අපට දෙනවා විස්වාසයි . කිසිම ක්‍රිමිනල් එකක් නෑ එතන. අනේ මෙහෙමත් අම්බරුවො මුන්ට ජැක් ගහන. (පිස්සා උඹ ගැන නෙවි මේ කියන්නේ)

  7. HENA says:

    horu , kelam karayo… dshapalana hathikeare…wasi peththata hoiya wela….paninina kota unwa aragena inna eka mahinda gota aith karanawanam…. munuth apata epa…amathikam adukarala…munge deemana adu karala… rata goda dapiyaw…

  8. Gama Rala says:

    Boru karayo nan epa, Rata ta wedak karanna puluwan nawa dek mak thiyena ona ekek, Moko awath unta kan na den ne api gewana TAX walin ne.

    Ravi Karunanayake wage un nan kohomath epa Sir…

  9. Kuma says:

    NO ….NO …NO ….NO….. nO …NO…NO… NO… NO

  10. PULATHISI says:

    NO NEVER ACCEPT UNPirs AT ANY TIME, BECAUSE WE CAN’T BELIEVE WHAT IS THIER PROPER POSITION PLEASE.

  11. Nandasoma Suriyaarachchi says:

    ඔක්කොම අනාතයෝ අස්සේ දාගෙන ඉස්සෙල්ලා වගේ කැඳ හැලියක් ගොඩනගන්න එපෝ. 2015 චන්ද දායකයන්ට එපා වුනෙත් එකයී. පරණ වැරදි හදාගෙන ඉස්සරහට යමු. ජය නියතයී.

    රට වෙනුවෙන් වසර 5ක් කැප කළ පොහොට්ටුවේ සියලුම මට්ටමේ නායකයන් හට අසාධාරණයක් වීම වැළැක්වීම ජාතික වගකීමකි…..!
    එමෙන්ම පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ලෙස පොදුජන පෙරමුණේ පිරිසිදු භාවය ආරක්ෂා කර ගැනීමද ඒ හා බැඳුනු වගකීමකි….!!

    ජනතාව සත්‍යය වටහා ගනිමින් පොදුජන පෙරමුණ වටා එක්වන්නේ කිසියම් අරමුනක් සහිතවය. එනම්, මජර දේශපාලනයෙන් ක්‍රමයෙන් ගැලවෙමින්, රටේත් ජාතියේත් අභිවෘද්ධිය උදෙසා ඔවුන් පොහොට්ටුව වටා රොක් වෙමින් සිටී….!!!
    මෙම ප්‍රවණතාවයට නායකත්වයක් දීම මහින්ද රාජපක්ෂ ඇතුලු නායකයන්ගේ වගකීමකි….!!!!
    සාම්ප්‍රදායික දේශපාලන ප්‍රයෝග වලින් මිදී නව දේශපාලන ක්‍රමෝපායන් යොදා ගනිමින්, ජනතාව ඒකරාශී කර ගැනීම හරහා දිගු දේශපාලන ගමනක් යාමටත් රට ජාතිය ආරක්ෂා කර ගැනීමටත් කාලය පැමිණ ඇත.

Main News