එජාප පිරිහීම බ්ලූමැන්ඩල් කුණු කන්ද වගේ..

October 9, 2019 at 2:02 am | lanka C news
එජාප පිරිහීම බ්ලූමැන්ඩල් කුණු කන්ද වගේ..

ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවන කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් උතුරු පළාත් හිටපු ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.

මෙම රැස්වීම දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු,ජන නායකයින් සහ ප්‍රදේශවාසීන් විශාල ප්‍රමාණයක් සහභාගී වී සිටියහ.

එහිදී අදහස් දැක්වූ රෙජිනෝල්ඩ් කුරේ මහතා,

එක්සත් ජාතික පක්ෂයේ ගමන නිවෙන්න කියන පහණක දීප්තිය වැඩි වගේ.එක්සත් ජාතික පක්ෂයේ  නියෝජනය කරන්නේ එක්තරා පන්තියක් පමණයි. එක්සත් ජාතික පක්ෂයේ පිරිහීම හරියට කොළඹ නගරයේ තිබෙන බ්ලූමැන්ඩල් කුණු කන්ද වගේ.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉතාමත් ශක්තිමත් පුද්ගලයෙකු නිසා තරඟ බිමට එන්නට පෙර නොයෙකුත් උපාය මාර්ග නොයෙක් නොයෙක් පුද්ගලයන් පාවිච්චි කරනවා. මොන බාධක ආවත් ඔහු තරග බිමට එනවා ඔහුගේ ජය නියතයි.

කළුතර දිස්ත්‍රික්කයේ කියන්නේ නායකයන්ගේ කඳවුරක්. මේ ලංකාවේ හැම ගංගාවකට ම ව්‍යාපෘතියක් තියෙනවා. ලංකාවේ ව්‍යාපෘතීන් ඇති එකම ගඟ තමයි කළු ගඟ. වැඩිපුරම වතුර ප්‍රමාණයක් තියෙන්නෙත් කළු ගඟේ.ඉදිරියේදී එන නායකයින්ට කළුතර දිස්ත්‍රික්කය පිළිබඳ දැක්මක් සහ වැඩසටහනක් තිබිය යුතුයි. විශේෂයෙන් උතුරේ ද්‍රවිඩ ජනතාව හැම ආණ්ඩුව ක්‍රම රස බලල තියෙන්නෙ.

ඔවුන්ට මේ පිළිබඳව තියෙන්නෙ කලකිරීමත් සහ පිළිකුලක්. ඔවුන්ට ඕන ඔවුන්ගේ දිස්ත්‍රික්කය,ඔවුන්ගේ පළාත,ඔවුන්ගේ ප්‍රදේශය සංවර්ධන වේගයක් ඇති කරගන්න. ඔවුන් දන්නවා මෙතාක් කල් දුරක් හෝ තමන්ගේ ප්‍රදේශයේ සංවර්ධනය කෙරුණේ මහින්ද රාජපක්ෂ යුගයේදී බවත් එම රජය යටතේ බවත් විතරයි කියලා

– වජිර කොඩිතුවක්කු

7,009 Viewers

One Comment to “එජාප පිරිහීම බ්ලූමැන්ඩල් කුණු කන්ද වගේ..”

  1. Sujeewa Silva says:

    rejinolayo, apinam oka Janawari 08, 2015 ta kalin dana gena hitiyaa. Umbata oka therenne danda? lajjaawak nathi minissu!

Main News