පොහොට්ටු යාන්ත‍්‍රණයට බැසිල්ගෙන් තදබල පණිවුඩයක්…

October 8, 2019 at 5:30 pm | lanka C news
පොහොට්ටු යාන්ත‍්‍රණයට බැසිල්ගෙන් තදබල පණිවුඩයක්…

ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ නීති රකිමින්, සමාජ සම්මතයන්ට ගරු කරමින්, ඉතා ආදර්ශමත් දේශපාලන හැසිරීමක් අප කදවුරේ සියලූ පාර්ශවයන්ගෙන් අපේක්ෂා කරන බව බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය. මේ බව සදහන් කරමින් එතුමන් විසින් නිකුත් කළ සම්පූර්ණ පණිවුඩය පහත පරිදි වේ.

මේ එළැඹ තිබෙන්නේ මෙරට ඉතිහාසයේ සුවිශේෂීම ජනාධිපතිවරණයකි. රට පුරා ඉතා උද්යෝගීමත් ජනාධිපතිවරණ ව්‍යාපාරයක් මෙහෙය වීම ස`දහා ඔබ විසින් ලබාදෙන සක‍්‍රීය දායකත්වය ඉතා අගය කොට සලකමි. මේ ජනාධිපතිවරණ සමයේදී රාජ්‍යයේ පොදු නීතියට යටත්ව මැතිවරණ නීති රකිමින්, මැතිවරණ ව්‍යාපාරයේ යෙදීම අප සැමගේ ප‍්‍රමුඛතම වගකීමකි. එමෙන්ම සමාජ සම්මතයන්ට ගරු කරමින් මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙයවීමේ ආදර්ශයද අප විසින් සමාජගත කළ යුතුව ඇත. සමස්ත මහජනතාව සැමවිටම අප වෙතින් අපේක්ෂා කරන්නේ එවැනි විනය ගරුක, නීති ගරුක දියුණු දේශපාලනික හැසිරවීමක් බව සැමවිටම සිහි තබා ගැනීම ඉතාම වැදගත්ය.

මහජන රැුළි ස`දහා ප‍්‍රචාරණ පෝස්ටර් ප‍්‍රදර්ශනය කිරීම ස`දහා නීතියෙන් අවසර ඇත. එම පෝස්ටර් ඇලවීමේදී පොදු ස්ථාන සහ මහජන දේපොළ අපවිත‍්‍ර නොකිරීමටත්, පරිසරය අපවිත‍්‍ර නොකිරීමටත් අප විසින් වගබලාගත යුතුය.

ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට නියත වශයෙන්ම ජයග‍්‍රහණය හිමිවන බව දන්නා ප‍්‍රතිවාදී පාර්ශවයන් අප චෝදනාවන්ට හසුකර ගැනීම ස`දහා විවිධ ක‍්‍රමෝපායන් භාවිත කිරීමට ඉඩ ඇත. එබැවින් ඒ සෑම තත්ත්වයක්ම බුද්ධිමත්ව වටහා ගනිමින්, ඉතා ඉවසීමෙන් මෙම මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමද අපගේ වගකීමකි.

ජනාධිපතිවරණ ප‍්‍රචාරණ සමයේදීත්, ප‍්‍රචාරණ කාලසීමාව අවසන් වීමෙන් පසු එළැඹෙන පැය 48 විශේෂ කාලසීමාව තුළත්, ඡුන්ද විමසීම පැවැත්වෙන දිනයේදීත්, අප විසින් මෙම දේශපාලන විනය දැඩි ලෙස ආරක්ෂා කළ යුතුය. ජයග‍්‍රහණයෙන් පසුවත් ඉතා ආදර්ශවත් මානුෂීය දේශපාලන හැසිරීමක් මම ඔබ සැමගෙන් අපේක්ෂා කරමි.

– බැසිල් රෝහණ රාජපක්ෂ

59 views

32 Comments to “පොහොට්ටු යාන්ත‍්‍රණයට බැසිල්ගෙන් තදබල පණිවුඩයක්…”

  1. ගැමුණු says:

    අපේ දරුවන්ගේ අනාගතය පිළිබඳ යහපත් බලාපොරොත්තු තියා ගන්න පුළුවන් ඒ දේශපාලන විනය මේ රටේ ඇතිවෙනවා නම් .. ඔබට ජය …

  2. Sglt says:

    Good move, ask all to remove posters, banners, ..etc those already fixed, all waiting to vote GOTA,

  3. pohottu wahala says:

    ඡන්ද දාහක් නැති වල් පරයෝ ටික ලං කරගෙන මාව කන්ඩද හදන්නේ කියා විමසූ මහින්ද මේ දවස් ටික යනකන් ඔය පිස්සු බල්ලො ටික කූඩු කරනව, ආයේ මට මේ ටික කියන්ඩ ඉඩ තියන්ඩ එපා

  4. PULATHISI says:

    ඉතා අගනේය බැසිල් මැතිඳුනි. ගතානු ගතික දේශපාලන ක්‍රමය වඩාත් සුසංවිධිත ආචාරශීලී සහජීවනයෙන් යුතු දේශපාලන ක්‍රමයකට හැරවීමට උත්සාහ කිරීම පිළිබඳව අප ස්තුතිවන්ත වෙමු.

  5. Parakum says:

    Donkeys of Srilanka, do you want the Rajapakse Family rule again. Two decades of Babaranayake family rule where did we get to? 50 years behind time. UNP govt of JR rescued us from HUNGER. Decade of Rajapakese family rule we nearly got classified as a FAILED STATE thank god for YAGHAPALANA govt rescued from the ABYSS. Countries in the world that achieved FAILED STATE status are all family run govts.

Main News