පාසැල් බස් රථයක් ප‍්‍රපාතයකට පෙරලේ.. 32ක් රෝහලේ…

October 8, 2019 at 6:48 pm | lanka C news
පාසැල් බස් රථයක් ප‍්‍රපාතයකට පෙරලේ.. 32ක් රෝහලේ…

හැටන් සිට බගවන්තලාව දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කර බස් රථයක් පෙරලිමෙන් තුවාල ලැබු සංඛ්‍යාව 32 දක්වා ඉහල ගොස් ඇති බව හැටන් පොලිසිය පැවසිය.

හැටන් ප්‍රදේශයේ ජාත්‍යන්තතර පාසලක සිට බගවන්තලාව දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් අද (08) පස්වරු 3 ට පමණ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය වනරාජ වත්ත ප්‍රදේශයෙන් මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 පමණ ප්‍රපාතයට පෙරලි ඇත.

බස් රථය අනතුරට පත් වන අවස්තාවේ බස් රථය තුල පාසල් ළමුන්  28 සහ  දෙමව්පියන් සිව් දෙනෙක් සිටි බව පොලිසිය පැවසුවේය.

රෝහල් ගත කල සිසු සිසුවියන්ගෙන් 20 දෙනෙකු පමණ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර සෙසු අය බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා ගිය බව පොලිසිය පැවසුවේය.

අවුරුදු 6 සිට අවුරුදු 15 දක්වා පිරිම් සහ ගැහැණු ළමුන් අනතුරෙන් තුවාල ලබා ඇත.

එම සිසුන්ගේ තත්ත්වයද බරපතල නෙවන බව පොලිසිය පැවසීය.

ධාවනය වෙමින් තිබු බස් රථය ඉදිරියට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් වැන් රථයක් ඉදිරියට ධාවනය වු බවත්,  වැන් රථයට ඉඩ ලබා දිමට යාමේදි බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලි ඇති බව පොලිසිය කීය.

බස් රථය අනතුරට පත් ස්ථානයේ මාර්ගය පටු නිසා එම ස්ථානයේ මිට ප්‍රථම අනතුරු කිහිපයක් සිදු වි ඇත.

අනතුරෙන් බස් රථයේ රියදුරාද සුළු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති අතර , සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වය.

– හැටන් රංජිත් රාජපක්ෂ

14,253 Viewers
Main News