ජනපති මෛත‍්‍රී ස්වාධීන වෙයි.. ගෝටාභයට සහාය දෙයි.. නායකත්වය මහින්දට..

October 9, 2019 at 9:20 am | lanka C news
ජනපති මෛත‍්‍රී ස්වාධීන වෙයි.. ගෝටාභයට සහාය දෙයි.. නායකත්වය මහින්දට..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහයෝගය ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙරේදා (7 වැනිදා) සහ ඊයේ (8 වැනිදා) පැවැත් වූ සාකච්ඡා වට කීපයකින් පසු තීන්දු කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (7 වැනිදා) පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් සාකච්ඡාවක් පැවැත් වූ අතර ඊයේ (8 වැනිදා) ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් පැවැත්විණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල මහා රැලිය පැවැත්වෙන අද (9 වැනිදා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ නියෝජිතයකු ලෙස ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සහභාගි වීමට නියමිතව ඇති බව වාර්තා වේ. අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී මෙම රැලිය පැවැත්වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මෙම රැලියේදී විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වීමේ ගිවිසුම අත්සන් කිරීමට තවත් දින කිහිපයක් කල්ගතවනු ඇත. සන්ධාන ගිවිසුම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා, බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ අතර ඊයේ (8 වැනිදා) ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිතව තිබුණි. සන්ධාන ගිවිසුමේ පවතින ගැටලු පිළිබඳ මෙහිදී එකඟතාවක් ඇති කර ගැනීමට නියමිතව ඇත.

පක්ෂ දෙක සන්ධානගත වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ස්වාධීනව සිටීමට තීරණය කර තිබේ.

– aruna.lk

104,376 Viewers

20 Comments to “ජනපති මෛත‍්‍රී ස්වාධීන වෙයි.. ගෝටාභයට සහාය දෙයි.. නායකත්වය මහින්දට..”

  1. kanishka Tissa says:

    Ela! ELa! Phottuwa is going to make a massive victory!

  2. Sujith says:

    It is better to give SLFP leadership to Mahinda. Then SLFP will survive.

    • john says:

      Mahinda was the Real Leader of SLFP. He was humble to hand it over to Sirisena even Sirisena was deceptive to the party in order to reduce the damage done by the UNP using Sirisena. Mahinda was very wise in all aspects. Sirisena quickly put on the crown and behaved exactly like the Katussa. Now Sirisena himself had understood that his leadership has no grounds without the UNP. Its very clear that Sirisena could no lead over 75% of the true SLFP. When the UNP separated the remaining Sirisena followers were a minor lot.

  3. Vesamuni says:

    anne hari. slfp ekath mahinda yatathata gaththoth slfp slpp dekama ekak washayen kriyathmaka kala haekiy. sirisenata onaenam oae pinumak gahanta puluwan passe. ranilge passeta thamai. kamak nae.

  4. Nim says:

    ” APPA YA GEN PRAWEESAM EN “

  5. kamal says:

    මෛත්‍රි අමතන කමල්
    උඹ කල යුතු එකක් තියෙනවා. මහින්දට ශ්‍රි ලංකා එකේ නායකත්වය දෙන්න ඔනේ. මහින්දට සභාපති කම නැති වුනාට කමක් නැ. දැන් ඉන්න සභාපති නැතිනම් අද පත් කරපු සභාපති සුදුසුයි. මම කවුද කියා දන්නවනම් මෙය කරන්න නැතිනම් නුඹ අවසාන මොහොතේ හරි ජාතික විරුවෙක් විම නැති වෙනවා. නැතිනම් නුඹට සටන් කරන්න ඔනෙනම් මහේස්ට සහයෝගය දක්වා අගමැති කම කැමති වන්න.

    • Real says:

      Dear Kamal,

      More of us knew about the April bomb blast before it happened.
      If Harin’s farther knew this how on earth our then chief of Army did not.
      Kamal he knew and just waited for things to happen.

      Do you need a person like him to rule the country. Are you mad , please check your head for possible horn growth.
      We were lucky that he was not in Army during the war time in this position.

      He is far below than Gota ..

      • දුකේ බෑ says:

        මහේෂ් සේනානායක යුද්ධය අවසන් වනතුරු හමුදාවේ සේවයකළ දක්‍ෂ උගත් නිලධාරියෙක්. ඔහු අවසානයේ හමුදාපති තනතුරට පවා පත් වුනා. යුද්ධ සමයේ සියලු යුධහමුදා මෙහෙයුම් අධීක්ෂණය කලේ ඔහුයි. ගෝටා මහේෂ් තරම් හමුදාවේ දක්ෂයකු නොවීය. මහේෂ් ඔහුට වඩා උසස් නිලධාරියෙකි. ඔවුන් දෙදෙනා සංසන්දනය කිරීම ජෙනරාල් මහේෂ් සේනානායකට කරන මදිකමකි.

        ගෝඨාභය යුද්ධයේ අමාරුම කාලයේදී ඇමරිකාවට ගොස් අවසානයේ තම පුරවැසිකම පවා ඉවත්කර අමෙරිකානුවකු බවට පත් වුනා. ඒ ඇයි? 2005 ඔහුගේ සහෝදරයා ජනාධිපති නොවන්නට අදටත් ගෝටා නිකම්ම නිකමෙක්. ඔහුගේ සහෝදරයාගේ පිනෙන් පැරෂුට් කර ආරක්‍ෂක ලේකම් ධුරයට පත් වූ කෙනෙකු විනා දක්ෂතාවය නිසා එම තනතුරට පත් වූ කෙනෙකු නොවේ. කොටින්ම තම රට ගැන ආඩම්බර නම් ජනාධිපතිවරණයට තම නම යෝජනා වී ස්ථිර වෙනකම් ඇමෙරිකානු පුරවැසිකම අත්නොහැරියේ අයි? මහේෂ් ඇතුළු අනෙකුත් හමුදා නිලධාරීන්ගේ දක්ෂතාව නොවන්නට මෙරට තවමත් යුද පිටියක්.

        • Kadiya says:

          ඇමෙරිකන් පුරවැසිකම ගන්න සිද්ධ වුනේ ගෝඨාභයට පමණක් නොවේ. ප්‍රේමදාස ජනාධිපතිවෙලා ප්‍රභාකරන් සමඟ ඩීල් දාල උඋට් එක්ක ජෝගි දානවෙලාවේ මේ රටට ආදරේ හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, උගතුන් කොතරම් දෙනෙක් රට අතහැරලා ගියාද කලකිරීම නිසා. මෝඩ දේශද්‍රෝහී ප්‍රේමදාස විශ්වාස කරලා ලංකාවේ ඉතුරුවුන පොලිස් සහ හමුදා නිලධාරීන් කීදෙනෙක් කොටින්ට පාවදුන්නද ? ඒවා අමතක කරලා රට අතහැරලා ගියා කියා ලතෝනි දෙන්නේ පට්ට කුහකයෝ විතරයි. ගෝඨාභය හොඳ වෙලාවට ලංකාවෙන් ගියේ, ප්‍රේමදාසගේ ඕනෑකමට ඩෙන්සිල් කොබ්බැකඩුව ඇතුළු හමුදා නායකයන් ඝාතනය කරපු එක JVP/UNP/NGO පිම්පියන්ට දැන් අමතකයි.

        • Rata Kana Ballo says:

          If Mahesh were so clever, why he cannot join Mr. GR.
          Mahesh is an idiot supported by West.
          Mahesh is a TRAITOR by lying to WEST against our veteran soldiers.
          He worked as an CIA agent.
          Please go and read his pedigree.
          Please DON’T write nonsense. 😜😜😜😜😜😜😜

    • Pal says:

      He has already decided to work with Ranil as his prime minister.

      Mahesh is a puppet of Ranil.

      • toka says:

        මේ රටට වෙලා තියෙන දේ නම්, යුද්ද හමුදාවේ සටන් කල සොල්දාදුවන් සහ නිලධාරීන් අමතක කර දේශ ද්‍රෝහීන් බවට හම්වඩු ගසා , දේශපාලනඥයින් සහ රාජ්‍ය පරිපාලන නිලධාරීන් විරුවන් වී ඇත.

  6. උදය says:

    මෙෙත්‍රි යන්තම් බේරැනා … තව ටිකෙන් උන්දැත් හොරැ සමග හෙළුවෙන් !!!

  7. Nandasoma Suriyaarachchi says:

    SLFD leadership should be given to Mahinda Rajapaksha…… not to Piyadasa or other……

  8. real porak says:

    vili lajja nethi desha palanaya lankawennama thuran karanna ona nothaking mun siyalu denaama

  9. ක්‍රිමිනල් says:

    ඇත්තටම හොද තීරණයක් ! මෛත්‍රී මහතා පැහීය යුත්තේ පොහොට්ටුව සමගය , ඔවුන්ගේ මති මතාන්තර පැහෙන්නේ පොහොට්ටුවට බද්ධ දේශපාලනය සමගය , එස් බී , ඩිලාන් ,නිමල් සිරිපාල ,නිශාන්ත මුතුහෙට්ටිගම ,තිලංග සුමතිපාල , දයාසිරි ජයසේකර ලා ගේ ආගමන පොහොට්ටුවට ඉමහත් චන්ද දායකින් පිරිසක් ලගා කරයි. 2015 යු ඇන් පි ප්‍රමුක සන්ධානයේ කකුල් ඇද නන්නත්තාර කරපු පිරිවර දැන් පොහොට්ටුවට එක් වීම කොතරම් අගනේද ?

    • Ex SLFP says:

      ඔව් චම්පක, රාජිත, රවි, හකීම්, බඩුර්ඩීන්, සුජීව, ටොමියා ආදීන් සජිත්ගෙ පදනම හදනව වගේ…

  10. Siri says:

    ඔය මොනවා කීවත් කෙරුවත් කමක් නෑ…බැරිවෙලාවත් ලොක්කත් එක්ක ආප්ප කනවා එහෙම නෙවෙයි …තේරුණාද..

Leave a Comment

Main News