සජිත් නාම යෝජනා අත්සන් කල අවස්ථාවට රනිල් හෝ මා නොගියේ ඉඩ නැති නිසා..- එජාප මහ ලේකම්

October 9, 2019 at 6:48 pm | lanka C news
සජිත් නාම යෝජනා අත්සන් කල අවස්ථාවට රනිල් හෝ මා නොගියේ ඉඩ නැති නිසා..- එජාප මහ ලේකම්

ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපතිවරණය සදහා වන නාම යෝජනා අත්සන් තැබීමේ අවස්ථාවට එජාප නායක රනිල් වික‍්‍රමසිංහ හෝ වෙන් ඉහල නායකයෙකු සහභාගී නොවූ හේතුව පැහැදිලි කරමින් එම පක්‍ෂ මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

එම සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අැමැති සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට නාම යෝජනා භාර දෙන අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ නායකතුමන්, මහලේකම්වරයා සහ උප නායකතුමන් ඊට සහභාගී නොවූ බව සඳහන් කරමින් විවිධ අසත්‍ය තොරතුරු සමාජගත කරමින් අවලාදාත්මක දේශපාලනයක නිතර වීමේ ගෝඨාභය රාජපක්ෂ කණ්ඩායමේ වෑයම පිළිකුළෙන් යුතුව බැහැර කරමි.

එක්සත් ජාතික පක්ෂයේ 2020 ජනපති අපේක්ෂකයා ලෙස පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මැතිතුමා පක්ෂ ඒකමතික තීරණයෙන් තෝරාගත් අතර සෙසු සන්ධානගත පක්ෂ සමඟ එක්ව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ද සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වෙයි.

නාමයෝජනා භාර දීම සඳහා සහභාගී වීමට අවසර ඇත්තේ අදාළ පක්ෂයේ ලේකම්වරයා,නීතිඥවරයා සහ අපේක්ෂකයාට පමණක් බව මැතිවරණ නීතිය දන්නා ඕනෑම පුද්ගලයකු හොඳින් දන්නා කරුණකි.

ඒ අනුව ඊයේ දිනයේ පැවති නාම යෝජනා භාර දීමේ අවස්ථාව සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරිය, නීතිඥවරයා සහ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පමණක් සහභාගි වූ බව සඳහන් කළ යුතුය.

තත්ත්වය එසේ පැහැදිලි ව තිබියදී එය නොදන්නවා සේ ඊට වෙනත් අර්ථකථන ලබාදෙමින් එක්සත් ජාතික පක්ෂ නායකයා, මහලේකම්වරයා සහ උප නායකයා ඊට සම්බන්ධ නොවූ බව ප්‍රකාශ කරමින් තම දේශපාලන අඳබාලභාවය ප්‍රදර්ශනය කරමින් සිදු කරන අර්ථ විරහිත ප්‍රකාශ රාජපක්ෂ කණ්ඩායමේ දේශපාලන බංකොලොත්භාවය සමාජය හමුවේ නිරාවරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් වන අතර පවුල් පාලනයක් තුළ වහල් මානසිකත්වයකින් දේශපාලනයේ යෙදෙන පොදුජන පෙරමුණේ දේශපාලන භාවිතයට වඩා එය වෙනස් ජනතාවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී වූවක් බව නැවතත් සිහිපත් කර දීමට කැමැත්තෙමි.

අකිල විරාජ් කාරියවසම්
මහ ලේකම්
එක්සත් ජාතික පක්‍ෂය

24,307 Viewers

12 Comments to “සජිත් නාම යෝජනා අත්සන් කල අවස්ථාවට රනිල් හෝ මා නොගියේ ඉඩ නැති නිසා..- එජාප මහ ලේකම්”

  1. රටට හිතවත් says:

    මේවා අහල පන පලයං පෙරේදා….කිව්වලු!සජී….ඔයා නං චී…..

    • ""චූ ""යනකම් හිනා...😂😁😁 says:

      අකිල කලට කලට මෙතරම් බොරු කියයිනම් අධ්‍යාපන ඇමති හැටියට ….
      පාසල්වල ඉගෙන ගන්න දරුවෝ මොනව හිතනව ඇතිද මේ කියපු දෙය ඇහිලා..?

      …..ලමයා–:– ඇයි ටීචර් අකිල සර් අරවිදියට කිව්වේ… එයා තරම් අපේ රනිල් අගමැති තුමා ………………….මහත නැහැනේද.. එයානේද බෙල්ල නවන්න බැරිනිසා උඩබලාගෙන ටීචර්ලට ………………….කතාකරන්නේ ?
      ……ටීචර්–:— මම ඕවට උත්තර දුන්නොත් මගෙ රස්සාවත් නැතිවෙයි…! මගදිම මාත් ………………….නැතිවෙයි..🥰🥰
      ……ලමයා–:– අකිල සර්ට එහෙම කියවුුනේ සමහරවිට “පගා බර” මතක් වෙලා වෙන්ටැ !
      ………………….මුලු පන්තියටම “”චූ “”යනකම් හිනා…😂😁😁

    • Gota Dinawamu says:

      Akila!
      What else you can say?
      While you wear cloths, you are nude.
      Be careful! Mangala will use your rear side 💋💋💋💋💋💋💋

  2. Blue Flame says:

    People were questioning about the day of the SIGNING of nomination at Sirikotha and not about the day of HANDOVER of nominations. There weren’t any top UNP leaders present when Mr SP was signing of his nomination papers.

  3. Kumari says:

    Akila wants Sajith to win to go ahead with the ‘Revenge Campaign’ they started.

  4. බොරු කියන්න එපා බං හැම අපේක්ෂකයෙක් වටේටම 6 දෙනෙක් හිටියා. ඔය කියන තුන්දෙනාට අමතරව උඹට ඕන නම් යන්න තිබුනා. උඹයි රනිලුයි රවියයි බලං ඉන්නෙ සජිය පරදිනකං. ඒකට දොස් කියන්න බෑ. ඒත් බේගල් අත අරින්න එපා.

  5. Ratta says:

    මේ unp සෙට් එක මොනා උනත් මිනිස්සුන්ගෙ පඩි වඇඩි කරා ගොටා අවිල්ලා වැඩිම කරයි උද්ගෝශනයක් කරොත් සුදු වෑන් .. කුඩු දිමියට ඇප.. කුඩු ලන්සා රජ. ..😂😂😂

    • Loku Ayya says:

      ඔව් ඔව් තොපිට කඩේ යනවටත් හොඳට ගෙවනව ඇතිනෙ නේද?

      තොපිට ඉතිං සල්ලි ලැබෙනවනම් ඇතිනෙ. චූන් වෙවී ලියපල්ලකො 16 වෙනිද වෙනකම්. අපිටත් ආතල් එකක් ගන්නත් එක්ක.

  6. Angoda Buva says:

    මූ මෝඩ හරකෙකු වූ පමණින් අනෙක් අයද එසේම යැයි සිතා සිටීම කෙතරම් ශෝක ඡනකද?

    මූ කොහොමත් මොලේ ගුද මාර්ගයේ තබාගෙන උපත ලද්දෙකි. එම කලාපයට රනිල්ගෙන් එල්ල වූ තද බල පහර දීම් නිසා මොලේ සෛල තද බල ලෙස හානි වී ඇත. මෙවැනි ගොන් නිවේදන එය තවදුරටත් තහවුරු කරයි.

    මෙවැනි ලේකම් හරකෙකු සිටින පක්ෂයක් මේ තරමින් හෝ පැවතීමද පුදුමයකි.

  7. Love nature says:

    හොරෙන් කිතුලට නැගපු මිනිහා ගහේ අයිතිකාරයාට හසුවූ විට කිව්වේ තණකොළ ටිකක් කපාගන්න කිතුලට නැඟි බවය.

  8. MD says:

    🐂mama karana prakasha thawath aya karanawada?

  9. Lanka Sinha says:

    Many supporters of U N P told that Akila and Ranil were in a toilet at Shitkotha and that’s why they did not come.

Main News