පූජිත-හේමසිරි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.. ඇප අවලංගුයි..
October 9, 2019 at 12:40 pm | lanka C news
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු ඇප මත නිදහස් කරන්න ලබා දුන් නියෝගය අවලංගු කිරීම කොළඹ මහාධිකරණය අද නියෝග කලේය.
ඒ අනුව ඔවුන් දෙදෙනා නැවත වතාවක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියමිතය.
රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද එම දෙදෙනා කොළඹ මහේස්ත්රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කරනු ලැබීය.
පසුගිය පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්රහාරය ගැන වේලාසන තොරතුරු දැනගෙන ක්රියාත්මක නොවුනේ යයි මෙම දෙදෙනාට චෝදනා එල්ල වී ඇත.