බෝම්බ පතුරම් ඇතුලු යුද උපකරණ රැසක් හමුවෙයි..

October 10, 2019 at 2:07 am | lanka C news
බෝම්බ පතුරම් ඇතුලු යුද උපකරණ රැසක් හමුවෙයි..

මුලතිව්, අලම්පිල් ප්‍රදේශයේ කැලෑවක යුදසමයේදී වල දමන ලද බෝම්බ ඇතුලු යුදඋපකරණ රැසක් මුලතිව් පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

මුලතිව්, පොලිස් විශේෂ කා‍ර්ය බලකා සෙබලුන් විසින් අලම්පිල්, කොහොඹගස් හන්දිය ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයකදී සිදුකල සොදිසියකදී අදාල බෝම්බ සහ පතොරම් තොගය මෙලෙස සොයා ගැනුණි.

එසේ සොයාගත් දෑ අතර මිලි මිටර් 81 වර්ගයේ මෝටාර් බෝම්බ 04 ක්, මිලිමීටර් 7.62 x වර්ගයේ පතුරම් 357 ක්, අත් බෝම්බ 03 ක් සහ ටී 56 අවි සඳහා භාවිතා කරනු ලබන මැගසින් 01 ක් මෙහිදී හමුවී තිබේ.‍

යුද සමයේදී කොටි සංවිධානය විසින් අදාල යුද උපකරණ තොගය වලදමන්නට ඇති බවට සැක පලකෙරෙන අතර මුලතිව් අධිකරණ නියෝගයකට අනුව සොයාගත් බෝම්බ නිශ්ක්‍රීය කිරීමට මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,082 Viewers
Main News