ගෝටා බලය පතුරයි.. මිලිටරිකාරයා කලදේ-කරනදේ් කියයි.. සල්ගාදු පිටියේ නොනවතින ඔල්වරසන්..

October 10, 2019 at 9:20 am | lanka C news
ගෝටා බලය පතුරයි.. මිලිටරිකාරයා කලදේ-කරනදේ් කියයි.. සල්ගාදු පිටියේ නොනවතින ඔල්වරසන්..

අනුරාධපුර සල්ගාදු ක‍්‍රීඩාංගණයේ පැවති ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ රැලිය අමතමින් අදස් දැක්වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා –

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඓතිහාසික තීන්දුවක් අරගෙන අපේ ජයග‍්‍රහණය විජයග‍්‍රහණයක් බවට පත් කිරීමට අද එකතු වී සිටිනවා. එදා මූලිකව ආරම්භ කළ ශ‍්‍රීලනිපය රාජපක්‍ෂවරුන්ට කවදාවත් විරුද්ධ වුණේ නැහැ. ඞී. ඒ. රාජජපක්‍ෂ සහ බණ්ඩාරනායක මහත්වරුන් විසින් ආරම්භ කළ ශ‍්‍රීලනිපය මගේ ජයග‍්‍රහණය වෙනුවෙන් එකතු වීම පිිළිබඳව ස්තුතිවන්න වෙනවා. මෙතැනට රැුස්ව සිටින ජනතාව දෙස බැලීමෙන් අපේ ජයග‍්‍රහණය පැහැදිලියි.

ආණ්ඩු පක්‍ෂය කියනවා අපි ආවොත් මිලිටරි පාලනයක් ඇති වෙයි කියලා. අපි අභිමානවත් ලෙස මේ රට ත‍්‍රස්තවාදීන්ගෙන් බේරා ගත්තා. රට සහ සියලූම ජනතාව නිදහස ලබාදුන් රණවිරුවන්ව දංගෙඩියට ගෙනියන්නට හිරේ දාන්නට කටයුතු කළ ආකාරය ගැන ඔබ දන්නවා. මේ රට නිදහස් කිරීමට නායකත්වය දුන්නෙත් මේ මිලිටරිකාරයා තමයි. දැන් මේ රජය යටතේ නිදහසේ පල්ලියටවත් යන්න බැහැ. ආගමික කටයුතු කරන්නවත් නිදහසක් නැහැ. එදා මායිම් ගම්මාන කියා හඳුන්වපු මේ ගම්මානවලට ත‍්‍රස්තවාදීන් කළ අපරාධ කවුරුත් දන්නවා. එම නිසා බියෙන් ජීවත් වූ යුගය රණවිරුවන් සමග එකතු වෙලා අවසන් කළේ මේ මිලිටරිකාරයාම තමයි. 16 වැනිදා ඔබේ යුතුකම ඉටු කරන්න. පසුව මගේ යුතුකම ඉටු කරන බවට සහතික වෙනවා.

අනුරාධපුරය අතීතයේ හැඳින්වූයේ වැව්බැඳි රාජ්‍යය ලෙසින්. ගමයි පන්සලයි වැවයි සම්බන්ධ වූ කෘෂිකර්මාන්තයක් එදා අපට තිබුණා. රටේ තුනෙන් දෙකක් ජීවත් වුණේ කෘෂිකර්මාන්තය මතින්. නමුත් මේ ආණ්ඩුව කෘෂිකර්මාන්තයට ලබා දුන්නේ කුඩම්මාගේ සැලකිලි. ගොවීන් වෙනුවෙන් සේවයක් කළේ මහින්ද රාජපක්‍ෂ රජය පමණයි. කෘෂිකර්මාන්තයට රාජ්‍ය අනුගහය ලැබුණා. මේ රජය පොහොර සහනාධාරය කප්පාදු කළා. යළිත් දින 52 කාලයේදී ගොවීන්ට පොහොර සහනාධාරය දුන්නා. අපි ඉදිරියේදී පොහොර නොමිලේ ලබා දෙනවා. අද වී තේ, රබර්, ගම්මිරිස් ඇතුළු සෑම භෝගයක්ම අඩු වෙලා. ක්‍ෂුද්‍ර මූල්‍ය ඇතුළු සියලූම ණය කපාහරිනවා. අපිට අවශ්‍ය ගොවීන් නඟාසිටුවීමටයි. මේ රට සහලින් ඇතුළු අනිකුත් බොු්ගවලින් ස්වයංපෝෂිත කරන්නට අවශ්‍යයි. කිසිම රටකට බැහැ ආහාර සුරක්‍ෂිතතාවයක් නැතිව අනාගතය දෙස බලන්නට. මේ රට ස්වයංපෝෂිත කිරීමට ආහාර සුරක්‍ෂිතතාව උදෙසා කළ හැකි සෑම දෙයක්ම කරනවා. රට සංවර්ධනය වීමේදී සියලූම ජන කොටස් සංවර්ධනය විය යුතුයි. දිළිඳු මට්ටමේ සිට සියලූම දෙනාගේ ජීවන තත්ත්වය ඉහළට ගත යුතුයි.

නියඟය, ගංවතුර වැනි හේතූන් නිසා ගොවීන්ට ලැබිය යුතු වන්දි මුදල් මාස හයක් ඇතුළත ගෙවා නිම කරනවා. වීවලට හොඳ සහතික මිලක් ලබා දෙනවා. අද ගොවියන්ට තිබෙන විශාල ගැටලූවක් තමයි අතිරික්ත නිෂ්පාදන ගබඩා කිරීමට ගබඩා පහසුකම් නොමැතිකම. මේ ගැටලූව විසඳීමට අපි මැදිහත් වෙනවා. ගබඩා පහසුකම් ඇති කිරීමට අපේ රජයක් යටතේ කටයුතු කරනවා. කෘෂිකර්මාන්තයට නවීන තාක්‍ෂණය යොදා ගන්නවා. ඒ සඳහා වැඩි වියදමක් යන්නේ නැහැ. නිෂ්පාදන ආරක්‍ෂා කර ගැනීමට නව තාක්‍ෂණය යොදා ගත යුතුයි. තරුණ පරපුර අතර කෘෂිකර්මාන්තය කෙරෙහි ආකර්ෂණය කර ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරනවා. පානීය ජල ගැටලූවට විසඳුම් දිය යුතුව තිබෙනවා. ස්වභාවික ජලමූලාශ අපවිත‍්‍ර වීමෙන් ජල සම්පත විනාශ වෙලා. මේවාට විසඳුම් ලබාදීම රජයක වගකීමක්. සෑම නිවසකටම පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරනවා.

අලි – මිනිස් ගැටුමට රජයක් වශයෙන් සෘජුවම මැදිහත් විය යුතුයි කියා විශ්වාස කරනවා. විද්‍යාත්මකම මේ ගැටලූව අධ්‍යයනය කරනවා. අලින්ගෙන් සිදුවන හානිවලට ඉතා කඩිනමින් වන්දි ලබාදෙන රක්‍ෂණ ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කරනවා. කිසිම මිනිස් ජීවිතයක් සුළුකොට තකන්නේ නැහැ. ඔබේ ආරක්‍ෂාව අපේ වගකීමක්. වසර පහක් තිස්සේ කඩාවැටී තිබූ රට ගොඩනඟන්නයි ඔබ අපෙන් ඉල්ලා සිටින්නේ.

සිරගත කර සිටින සියලූම රණවිරුවන්ව නිදහස් කරනවා. කඩාවැටුණු ආර්ථිකය ගොඩනැඟීම අපේ අරමුණයි. අපේ රජයක් යටතේ අධ්‍යාපනයට විශාල මුදලක් වැය කරනවා. අපි මේ මැතිවරණය ජයග‍්‍රහණයට කරනවා. බිය සැක නැති රටක් අතමිට ඇති හෙටක් බිහි කරනවා. විනයගරුක සමාජයක් ගොඩනඟනවා. අපේ අනාගත පරම්පරාවට ආඩම්බර විය හැකි සමාජයක් ගොඩනඟන බවට පොරොන්දු වෙනවා. ඒ සෞභාග්‍යමත් රට ගොඩනැඟීමට සියලූම දෙනාගේ සහාය අපේක්‍ෂා කරනවා.

– GR midea

41,054 Viewers

12 Comments to “ගෝටා බලය පතුරයි.. මිලිටරිකාරයා කලදේ-කරනදේ් කියයි.. සල්ගාදු පිටියේ නොනවතින ඔල්වරසන්..”

  1. ajith says:

    ඊයේ සජිත් ළඟ තියාගෙන තේනුවර කිව්වා ” රණවිරු ගායට ” ළඟදීම බෙහෙත් දෙනවා කියල

  2. Nawodhi says:

    Now Mahinda’s three sons married and waiting till you come to rob poor people money. All youths of this country know this. Can you name whom are you ministers after coming back to power?

  3. dunuvila says:

    Mahinda need step back and let the Gotabaya to run this campaign!!

    Thanks to Mahinda Gotabaya already got 5.5 million votes already that won’t change but he need another 0.6 million floating votes from educate middle class which will not attract to Mahinda and his old clan..

    Gotabaya initially had very good campaign very similar to Ranils 2001 wining campaign he need to stick to that he need to come out of Mahindas “BAIYA” image.

  4. ක්‍රිමිනල් says:

    සුපුරුදු පොරොන්දූ දේශපාලනය. ඔයිට එහා දෙයක් බයියො බලාපොරොත්තු උනා අයිබොවන් !

    • Samarapala says:

      ආයිබෝං, ඒ වගේ කථා අහන්න වියත්මග රැස්වීමකට හරි එළිය රැස්වීමකට හරි එන්න. අපහාසෙට කියනව නෙමෙයි, ලංකාවේ වලංගු චන්දදායකයින්ගෙන් 70% සාපෙ ගණිතය අසමත්. ඕකයි ඇත්ත තත්වේ . ඒ කට්ටියට ඔය කථාව හරි.

  5. upul says:

    අද නිවාස අමාත්‍යංශයේ සියලු සේවකයන් කොළඹට කැඳවල උදේ රැස්වීමකට. හවස් වරුවට ගෝල් ෆේස් දක්කන්න හදන්නේ . මැකෝ නිදි ද ?

  6. kamal says:

    සැබෑ සන්හිදියාව හා මාරයාගේ සන්හිදියාව
    ලෝකයක සත්පුරුෂයො අසත් පුරුෂයො ඉන්නවා. සුරයෝ හා අසුරයො ඉන්නවා. සුරයන්ගෙ හා සත්පුරුෂයන්ගෙ පැත්ත ගැනිම සැබැ සන්හිදියාවයි. මෙය හදුනාගන්නෙ ලෞකික සම්මා දෘෂ්ටියෙන්.
    බුදු හාමුදුරුවො කියෙනවා මාරයා එක්ක ගිවිසුමක් නැ. මොකද මාරයාගේ හොද ගුණ හා ප්‍රතිපත්ති නොමැති නිසා තියෙන්නෙ විසංවාදය කියන සත්පුරුෂයන් හා අසත්පුරුෂයන්ට හරි යන න්‍යායක් ගැනිමයි. එහෙම දෙයක් මේ විස්වයේ පවතින්නෙ නැති බව බුදු හාමුදුරුවො කියනවා. මොකද මාරයා එක්ක ගිවිසුමක් ගැසිය නොහැකි බැවිනි. ගේාටා ලග විතරයි සිංහල දෙමල මුස්ලිම් යන සියලු දෙනාට හරියන ලෞකික සම්මා දෘෂ්ටිය නැතිනම් බෞද්ධ අනන්‍යතාවය පිලිගන්නා සන්හිදියාව තියෙන්නෙ අන් අය ලග තියෙන්නෙ මාරයාගේ සංහිදියාව කියන ලිබරල් සන්හිදියාවයි

  7. SL Hopes says:

    කවුරුත් විරුඩ්ඩ පක්ශේ ඉන්නකන් කියන්නෙ ඔය ටික තමා. අන්ඩු පක්ශේ රට විනාශ කරනවා කියලා.රට හඩන්න එන්නේ . ඊට පස්සේ සෙට් එක රට කනවා

    • වෙරිසොරි says:

      ගෝඨා යුද්දේ ඉවර නොකලා නං මෙලහට කොටියා තොගෙ කට කාලා.

  8. lucky says:

    aiyyo gotath uniform adinna patan aranda? (kurahan shirt) hamotama galapenawidiyata kalin wage hitiyanam hodai

Main News