මුදුමාධව පන්නා දැමීමට මුල් වුනේ මායි.. ඔහු තුච්ච, පහත් ප්රකාශයක් කලා..- නීතිඥ අල් සබ්රි
October 10, 2019 at 10:32 pm | lanka C news
පිවිතුරු හෙළ උරුමය පක්ෂයෙන් සහ තම කඳවුරෙන් මධුමාධව අරවින්ද මහතා ඉවත් කිරීමට මූලික වුණේ තමන් බව ජනාධිපති නීතීඥ මොහොමඩ් අල් සබ්රි මහතා සඳහන් කරයි.
උත්සව සභාවක් අමතමින් ඔහු කියා සිටියේ ජාතිවාදය කුමණ පැත්තෙන් ආවත් තමන් ඊට විරුද්ධව නැගී සිටින බවයි.
ජාතිවාදයත් සමග මේ ගමන යා නොහැකි බවද ඔහු පැවසීය.
මධුමාධව අරවින්ද මහතා විසින් ඉතා පහත් තුච්ච වීඩියෝවක් සමාජජාලාවල මුදා හැර ඇති බවත් ඊට නිහඬව නොසිට වහා ක්රියාත්මක වී පියවරක් ගැනීමට කටයුතු කළ බවද ඔහු සඳහන් කළේය.
තමන් වසර 15ක කාලයක් තිස්සේ ගෝටාභය රාජපක්ෂ මහතා දන්නා බවත් ඔඑු කිසිම ආකාරයක ජාතිවාදියෙක් නොවන බවත් අලි සබ්රි මහතා තව දුරටත් පැවසීය.