සජිත්ගේ ජනාධිපතිවරණ මෙහෙයුම රනිල් අතට ගනී.. සජිත්ගේ වැඩ අවිධිමත්ලු..

October 10, 2019 at 10:40 am | lanka C news
සජිත්ගේ ජනාධිපතිවරණ මෙහෙයුම රනිල් අතට ගනී.. සජිත්ගේ වැඩ අවිධිමත්ලු..

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය සිරිකොත පක්ෂ මූලස්ථානයේ ස්ථාපිත කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ කටයුතු යොදා ඇත.

අගමැතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ මැතිවරණ මෙහෙයුම සිදුකිරීමට තීරණය කර ඇත්තේ සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය මෙහෙයුම් කටයුතු සහ මැතිවරණ මෙහෙයුම් කටයුතු විධිමත්ව සිදුනොවන බවට පැමිණිලි ලැබීම හේතුවෙනි.

අගමැතිවරයාගෙන් මෙම තීරණයට ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ අනුමැතියද ලැබී ඇති බව වාර්තා වෙයි. මෙතෙක් කල් වොක්ෂෝල් වීදියේ පිහිටුවා තිබූ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයෙන් ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ පෞද්ගලික මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පමණක් දියත් කිරීමට නියමිතය.

සජිත් ප්‍රේමදාසගේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කටයුතු එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයකු වන තිස්ස අත්තනායකට පැවරූ බවට මාධ්‍ය මගින් කළ ප්‍රකාශවල සත්‍යතාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ මාධ්‍ය මෙහෙයුම් කටයුතු කොළඹ ග්‍රීන්පාක්හී වෙනත් ස්ථානයක සිට සිදුකිරීමට අගමැතිවරයා පියවර ගෙන තිබේ. මාධ්‍ය මෙහෙයුම් කටයුතුවල ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් රංග කලංසූරිය පත් කර තිබේ.

– aruna

71,808 Viewers

14 Comments to “සජිත්ගේ ජනාධිපතිවරණ මෙහෙයුම රනිල් අතට ගනී.. සජිත්ගේ වැඩ අවිධිමත්ලු..”

  1. kamal says:

    සැබෑ සන්හිදියාව හා මාරයාගේ සන්හිදියාව
    ලෝකයක සත්පුරුෂයො අසත් පුරුෂයො ඉන්නවා. සුරයෝ හා අසුරයො ඉන්නවා. සුරයන්ගෙ හා සත්පුරුෂයන්ගෙ පැත්ත ගැනිම සැබැ සන්හිදියාවයි. මෙය හදුනාගන්නෙ ලෞකික සම්මා දෘෂ්ටියෙන්.
    බුදු හාමුදුරුවො කියෙනවා මාරයා එක්ක ගිවිසුමක් නැ. මොකද මාරයාගේ හොද ගුණ හා ප්‍රතිපත්ති නොමැති නිසා තියෙන්නෙ විසංවාදය කියන සත්පුරුෂයන් හා අසත්පුරුෂයන්ට හරි යන න්‍යායක් ගැනිමයි. එහෙම දෙයක් මේ විස්වයේ පවතින්නෙ නැති බව බුදු හාමුදුරුවො කියනවා. මොකද මාරයා එක්ක ගිවිසුමක් ගැසිය නොහැකි බැවිනි. ගේාටා ලග විතරයි සිංහල දෙමල මුස්ලිම් යන සියලු දෙනාට හරියන ලෞකික සම්මා දෘෂ්ටිය නැතිනම් බෞද්ධ අනන්‍යතාවය පිලිගන්නා සන්හිදියාව තියෙන්නෙ අන් අය ලග තියෙන්නෙ මාරයාගේ සංහිදියාව කියන ලිබරල් සන්හිදියාවයි

  2. kamal says:

    රනිල් අපට කියන්නෙ බල්ලො එක්ක නිදියන්නද
    මංගල සුත්‍රයෙ තියෙන පළමු මංගල කාරණය බාලයන් ඇසුරු කරන්න එපා කියා. එතන සන්හිදයාව කියන්නෙ ඒකයි. බාලයන් එක්ක මොන ගිවිසුම්ද. බාලයන්ට පරාක්‍රමය යෙදිය යුතුයි. මාරයාත් එක්ක මොන ගිවිසුම්ද. බුදු රජාණන් වහ්නසේගේ අධිෂ්ඨානයෙන් අවුරුදු 5106ක් වන තුරු සිංහල ජාතිය තමයි ලංකාව පාලනය කරන්නෙ. ශ්‍රි ලංකාව නැතිනම් බුදුන්ගෙ ලංකාවේ ධර්මය බුදු දහමයි එයට අනුගත විමයි සන්හිදියාව කියන්නෙ.

    • රන්බණ්ඩා says:

      කමල් කොළුවො, බොහොම අගෙයි…දුන් අදහස් වලින් ගතයුතු දේද බොහොයි.
      බුදුන් ජීවමානව වැඩ සිටි කාලයේදීමයි උන්වහන්සේ මේ ලංකාද්වීපයට වැඩම කොට, ශ්‍රී සම්බුදු සසුන මෙහි ස්ථාපිත කරන්නට මූලික අඩිතාලම යෙදුනේ.
      ඒ අප ලංකාද්වීපයේ අවුරුදු පන්දහසක් යනතෙක් ශ්‍රී සද්ධර්මය නිර්මලව බබලවන්නටත් රටේ ආරක්ෂාවටත් උරුමකරුවන්ද පත් කිරීමෙනි.
      ඉඳින්, බෞද්ධ අප කිසිදු බියක් ඇතිකරගත නොහේ. ඒ ලේ උරුමකරුවන් එදා බුදුන්ට සපථ කළ පරිද්දෙන්ම කාලානුරූපීව මෙහි පහළව මේ පිංබිම සැමවිටම අනාරක්ෂිත බවෙන් මුදවා ගන්නේය.
      මාරයා යනු සම්මුති මරණයයි. බුදුන් පරාජය කළේ මේ සම්මුති මරණයයි. එබැවිනි උන්වහන්සේට පුනර්භවයක් නොමැත්තේ, එය සසරින් නික්මීමමැයි, උතුම් නිර්වාණයයි.
      ඔබ කියූ සේම, මේ බාලයන් සසර පුරාවටම අනන්ත වූ වාර ගණනක් මාරයාට හසුවන්නේය.
      උන් උන්ගේ අධෝමුඛයන්ගෙන් හුදී පෘතග්ජනයා තව තවත් මුළාවේ දමමින් දේශනා පවත්වනවා හැරෙන්නට මේ උතුම් දහම දකින්නට වෙර නොදරන්නේය.
      ඉඳින් එය උන්ගේ ප්‍රමාදයයි. එනම් ප්‍රමාදය, උන්ගේම දුකට හේතුවක් මැයි.
      කමල් කොළුවෝ…ඉඳින් අප කුමක් කරම්ද, මුන්ට අනුකම්පා කරනවා හැරෙන්නට.

      • kamal says:

        මාරයා යනු සම්මුති මරණය පමණක් නොවේ

        • Ariyathilaka says:

          වසවර්ති මාර නම් වසවර්ති මාර දේවපුත්‍රයා ය. මාර දේව පුත්‍ර ලෙස ඔහු කාම ලෝකයේ බලවත්ම අණ පවත්වන්නාය. ඔහුගේ අණ බිදෙන්නේ තථාගත බුදුවරයන්ගේ පහළ වීමෙනි. සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයේ 49 වන සූත්‍රය වන බ්‍රහ්ම නිමන්තික සූත්‍රය ද, 50 වෙනි සූත්‍රය වන මාර තජ්ජනීය සූත්‍රය ද සංයුත්ත නිකායේ මාර සංයුත්තයේ සියලුම සූත්‍ර ද තත් සූත්‍ර අටුවා ද දීඝ නිකායේ මහා සමය සූත්‍රය හා තත් අටුවා ද කියවීමෙන් වසවර්ති මාර දේවපුත්‍ර පිළිබඳව අවබෝධයක් ලැබිය හැක. අනවබෝධ කරුණු වෙත්නම් ගුරු පිහිට අවශ්‍යයය.

        • රන්බණ්ඩා says:

          මාර පරාජය, ප්‍රඥාවටම ගෝචර වූ දහමෙකි.
          සැබැවින්ම එය කාලත්‍රයෙන් මිදී අකාලික වීමේ හා මනසින් හෙවත් චින්තනයෙන් නිදහස් වීමේ ක්ෂණයේ අරගලයයි.
          පෘතග්ජනයාගේ ප්‍රමාදය ඇත්තෙත් මෙතැනමයි.
          එහි ප්‍රතිඵලය සම්මුති මරණයයි.

          • Ariyathilaka says:

            සම්මුති මරණය නම් ජීවිතීන්ද්‍රිය රූපය බිදීමය .”කායස්සභේදා පරම්මරණා” යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් දක්වා ඇත්තේ සම්මුති මරණය ය. “මච්චුනො සේනං” යනුවෙන් දේශනා වල වදාළේ මාර දේව පුත්ත ගැනය. පාපිමා නමුඞචි, වසවර්ති, යනුවෙන් වදාරා ඇත්තේ මාර දෙව් පුතු පිළිබඳව ය. නිවන් අවබෝධය පිණිස හේතු වන විදර්ශනා ඤාණ තුලින් දකින මරණය සම්මුති මරණය නොව ක්ෂණික මරණය ය. එය නාම රූප බිදීම පිළිබඳ මරණය ය. එය ගුරෝපදේශ සහිත භාවනාවෙන් දැකිය යුතුය. ගුණයට, ධරමයට විරුද්ධ
            වසවර්ති මාර දේව නම් ඉර්ධිමත් පුද්ගලයා පිළිබඳව තථාගත දේශනාවට පිටස්තරව කරුණු දැකිවීමෙන් ආර්‍ය උපවාද කර්මය සිදුවීමට හේතු වනවා ඇත. මේ පිළිබඳව ගුරු පිහිට මත ශුද්ධ කර ගැනීම යෙහෙකි.

  3. maluwa says:

    sagiya tika tika ranilge bili kokka gilinawa.

    • Sudana says:

      Thamange palamu saha pradhaanama katayuttha vidhimath lesa karanna baeri manussayaa kohomada Janapathi thanathure kapparak nila katayuthu danatamath otunna daagattha ‘Aaryaava’ pasekin thiyaagena ‘thamange gedara indagena’ karanne? Kavadaavatyh venne naethi vunath rate saha janathaavage karumeta karumadaasalaage kathire vadunoth ithin rata ‘Aandi haath denaage kaenda haeliya’ thamai. Daenatama eyaage ‘Sree Mukhayen’ vadaaranava vage ‘katin bathala kola hitavanna vath puluvan venne naeha bathala kole hitavana patthavath danne nathi nisaa.

  4. MD says:

    Oka tama api kiwwe aliyata danwal dala hirawenna gata gahala tiyenne kiyala.wenasak naha Ranil athgowwama tamai.

  5. Really says:

    Vaxhall Street joint was run by Sirasa.
    What happened to Sirasa election experts??

  6. Amarasena says:

    Avidimath akekda athakota rate janadipathi karanna dagalanne….ahema unoth ratata deiyangema pihita thama…

  7. Gotaimbara says:

    CIA instructions.

  8. gamarala says:

    එහෙනම් අබසරණයි

Main News