ගෝටාභය 61%යි.. ඡන්ද ලක්‍ෂ 68යි.. ජනාධිපතිවරණයේ අලුත්ම පුරෝකතනය මෙන්න…

October 11, 2019 at 12:01 am | lanka C news
ගෝටාභය 61%යි.. ඡන්ද ලක්‍ෂ 68යි.. ජනාධිපතිවරණයේ අලුත්ම පුරෝකතනය මෙන්න…

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

එක්සත් ජාතික පක්ෂය ගාලු මුවදොර රැළියක් පවත්වා තමන්ගේ ශක්තිය පෙන්ව මා මිත්‍ර අජිත් පෙරේරා මහතාගේ වචනවලින් කියනවා නම් ලක්ෂ පහක සෙනගක් ගේනව. නමුත් එතුමා දන්නෙ නැති කතන්දරය තමයි බොහොම අමාරුවෙන් ලක්ෂ 5ක් ඡන්ද හදාගන්න ජනතා විමුක්ති පෙරමුණත් ඔතන පිරෙව්වා. ඒ වගේම අප තමයි පිරිලා ඉතිරිලා යන්න ගාලුමෝදර රැස්වීම් කළේ. ඔය පිට්ටනියේ සම්පූර්ණ හැකියාව ගැන අපට නම් හොඳ අවබෝධයක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ නම් ඈතින් ඈතින් පුටු දාලා තමයි ගාලු මුවදොර පිට්ටනිය පිරෙව්වේ. ඒ විදිහට ජනතා විමුක්ති පෙරමුණ පිට්ටනිය පිරෙව්ව අවස්ථාවේ අපි ගණන් හදලා බැලුවහම පුටු 20,000 කින් තමයි ගාලුමෝදර පිට්ටනිය පුරවා තිබුණේ. ගාලුමුවදොර පිට්ටනියෙන් තුනෙන් එකකටත් වඩා මෙහාට අරගෙන තමයි එජාපය වේදිකාව ඉදි කරන්නේ. එජාපය අද හැත්තෑපන් දහසක් අරන් ආවොත් ඔවුන් වේදිකාව ඉදි කරලා තියෙන තැන දිහා බලද්දි යන්තමින් ගාලුමුවදොර පිට්ටනිය පුරවා ගන්න පුළුවන්. අපි වගේ අර කිටිකිටියේ පිරිලා ගාලු පාර වැහෙන්න නම් ඔවුන්ට දැවැන්ත සෙනඟක් ගේන්න වෙනවා. ඒ නිසා ලක්ෂ හතළිහක් පුංචි ඡන්දයේදී ඡන්ද ගත්ත එක්සත් ජාතික පෙරමුණ ගාලු මුවදුර පිට්ටනිය පුරවලා තමන් දිනනවා කියලා පෙන්නන්න බෑ. ඒක ඉලක්කම් වලින් පෙන්නන්නට ඕන. අපි කොහොමද අපි දිනනවා කියලා පෙන්වන්නේ. අපි ඉලක්කම් වලින් හදලා පෙන්වනවා අවම වශයෙන් 61% ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ වන විටත් තියෙනවා.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු සංධානය 5,140,411 ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන තිබෙනවා. 42% ප්‍රතිශතයක් එයට තියෙනවා. ඒක හැදෙන්නේ කොහොමද ? පහත දැක්වෙන ආකාරයටයි එය හැදිලා තියෙන්නේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ද ඒ ආකාරයෙන්ම සන්ධාන ගත වෙනවා. එම සන්ධානය සමග ඒ අවස්ථාවේ ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය, ජාතික කොංග්‍රසය, ලංකා කම්කරු කොංග්‍රසය, ලිබරල් පක්ෂය ඉන්නවා. ඔවුන් එක්ක හිටපු හිස්බුල්ලා මන්ත්‍රීතුමන් දැන් එතැනින් ඉවත් වෙලා ස්වාධීනව ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා තියෙනවා. එතුමා ඒ ප්‍රදේශවල ගත්ත සියලුම ඡන්ද අපි එතුමාටම ලියලා දීලා අපි ඡන්ද 35000ක් ඉවත් කරමින් ගණනය කලා. ඒය අපට මෙලෙසින් දැක්විය හැකියි.

14% ඡන්ද ප්‍රතිශතයක් මෙයට අයත් වෙනවා. 42% සහ 14% එකතු වූ විට 6,844,595 යි. එය 56% ප්‍රතිශතයක්. 56% අපි ගන්නවා කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ 6% ද අයින් කළහම අලුත් ඡන්ද ඔක්කොම ගත්තත් ස්වාධීන කණ්ඩායම් සියල්ලේම ඡන්ද එකතු කරගත්තත් එජාප සන්ධානයට ලබා ගත හැකි උපරිම ඡන්ද ප්‍රමාණය වන්නේ 38% යි. අනෙකුත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 4% ලබාගෙන තියෙනවා පුංචි ඡන්දයේ දී. ඒ 4% න් සාතිශය බහුතරය අපට මේ වන විටත් සහයෝගය දක්වා තියෙනවා. මේ ගණනය කිරීමේදී එයත් අප සමානව 2% බැගින් දෙපසට බෙදා ගණනය කළා.

2012 වසරේ සිදු කරන ලද අවසන් ජන සංගණනයට අනුව කතෝලික සහ ක්‍රිස්තියානි ජනතාව 8% සිටිනවා. මේ 8% සාමාන්‍ය එක්සත් ජාතික පක්ෂයට බරවයි තිබුණේ. සාම්ප්‍රදායික කතෝලික ඡන්ද වැඩි ප්‍රදේශවල එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වීමෙන් එය පැහැදිලි වෙනවා. ඒ නිසා එම කතෝලික ඡන්ද 8% න් අපට තිබුණේ 3% සහ එජාපයට 5% ලෙස තිබුණු බව සිතමු. නමුත් ආණ්ඩුව පාස්කු ප්‍රහාරය වළක්වාගැනීමට හැකියාව තිබියදීත් ඒ වලක්වා නොගැනීම සහ වාස්තු ප්‍රහාරයට සම්බන්ධ ආණ්ඩුවේ ඇමතිවරුන් නීතිය ක්‍රියාත්මක නොකිරීම කියන කාරණා දෙක මත කතෝලික ඡන්දයේ දැවැන්ත වෙනස්වීමක් තිබෙනවා. ඒ කතෝලික මන්ත්‍රීවරුන් පවා ප්‍රකාශ කරනවා. ඒ නිසා අපට තිබූ 3% ඡන්ද ප්‍රතිශතය 6% දක්වා වර්ධනය වෙතැයි ගත්තොත් අපට තවත් ඡන්ද 3% ක් එකතු වෙනවා. ඒ අනුව සියල්ලෙහි එකතුව ගත්විට 61% චන්ද ප්‍රතිශතයක් තිබෙනවා.

ආර්ථිකය කඩා වැටීම, පාස්කු බෝම්බ ප්‍රහාරය, ආණ්ඩුවේ හොරකම් මැරකම් එළියට පැමිණීම යනාදිය නිසා කලකිරුනු සිංහල බෞද්ධ ඡන්ද එකක්වත් අප මෙතනදි සලකා බලා නැහැ. මේ ගණනය කිරීම් කරන්නේ 2018 පෙබරවාරි තිබුණු ඡන්ද ටිකම එහෙට මෙහෙට වීම විතරක් සලකා බලලා. නමුත් ජාතික ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්නය මත එක්සත් ජාතික පක්ෂයේ තවත් චලනය වීම් සිදුවී තිබෙනවා. මා මිත්‍ර සජිත් ප්‍රේමදාස මැතිතුමා කතා පවත්වන්න පවත්වන්න අපේ ඡන්ද වැඩි වෙනවා. මධ්‍යම පන්තියට ඡන්දය දීමට හිරිකිතයක් ඇතිවෙනවා එතුමා කියන විහිළු කතා ඇහුවහම. හිස් මිනිසෙකු, පිළිවෙළක් නැති වැඩ පිළිවෙළක් ඇති මිනිසෙකු බව එතුමා ඔප්පු කරමින් සිටිනවා. ඒ වගේම එජාපයේ නායකයින් සජිත් ප්‍රේමදාස මහතාගේ කකුලෙන් ඇද ගෙන යෑමේ ව්‍යාපෘතිය සිදුවෙමින් පවතිනවා. එනිසාම එජාපයට හිතවත් මාධ්‍ය ආයතන අපට ගහනවාටත් වඩා වේගයෙන් එජාපයෙන් නායකයන්ට පහර දෙමින් සිටිනවා. මෙලෙස එජාපයේ අභ්‍යන්තර බෙදීමෙන් මෙතනට විතැන් වෙන ඡන්ද පිළිබඳව කිසිදු ගණනය කිරීමක් සිදු නොකර තමයි 61% ඡන්ද ප්‍රතිශතය ගැන අප කතා කරන්නේ. අද මැතිවරණයක් පැවැතුණහොත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිටින්නේ 61% කේ.

ගාලු මුවදොර පිටියට හැත්තෑපන් දහසක් විතර පුරවලා අප දිනනවා කියන්නෙ නැතුව තමන් දිනන ක්‍රමවේදය සංඛ්‍යාලේඛන සහිතව ඉලක්කම් සහිතව ඉදිරිපත් කරන්න, ගණන් හදලා පෙන්නන්න කියලා විශේෂයෙන්ම මේ මැතිවරණය මෙහෙයවන සජිත් පිලට අප අභියෝග කරනවා.

– අරවින්ද අතුකෝරල

112,014 Viewers

24 Comments to “ගෝටාභය 61%යි.. ඡන්ද ලක්‍ෂ 68යි.. ජනාධිපතිවරණයේ අලුත්ම පුරෝකතනය මෙන්න…”

  1. Mad says:

    77 එක දාපන් ,සජිය 85% එතකොට

    • සමන්කුමාර says:

      පුරෝකතන සදහා ගන්නේ ආසන්නම ඡන්ද ප්‍රථිපල කියල නොදන්න එකෙක් කියනව 77 එක දාන්නලු. ඇත්තටම මේ මෑඩ් කියන එකාට පිස්සු

      • වජිර says:

        මේ සංඛ්‍යාලේකණයට එජාපය පට්ට බයයි. ඒ කයි මේ හෝ ගාල ඇවිස්සිලා තියෙන්නේ. ඇබැයි මේ දත්ත ඉතාම නිවැරදිකියල දන්න රනිල් මහත්තයා හෙමිහිට ගේමෙන් ඉවත් වුනා. පව් සජිය

        • Saman says:

          පව් ගම්මන්පිල. රාජපක්ෂලට තියෙන්නෙ සිංහල ඡන්ද විතරයි. ලංකාවෙන්ම 50% ගන්නනම් සිංහල ඡන්ද වලින් 70%ක් ගන්න ඕන. ඒත් හම්බ වෙන්නෙ 55% ට අඩුවෙන්. ඒ කියන්නෙ ගෝටා උඩින්ම පරාදයි.

  2. එක්නැලිගොඩ says:

    එජාපයේ රෙදි ගැලවෙන පැහැදිලි කිරීම ක්.

    • දේවක says:

      පිවිතුරු හෙල උරුමෙ දෙන්නයි හිටියෙ එයින් මදුමාදවගෙ රෙදිනම් කලින්ම ගැලවුනා බන්. ඊ ලගට ගම්මන්පිලගෙ 😀 😀

      • දයා says:

        මෙ කතා කරන්නේ දෙන්නෙක් ගැන නෙමෙයි බං. ලක්ෂ හැටලානක් ඡන්ද ගෝඨාභයට

        • Saman says:

          ලක්ෂ හැට ගානක් ගැන කතා කරන්නෙ ගම්මන්පිලනෙ. 😀

  3. Ian says:

    Baiyyobayawela kiyana katha!!!!!!!!!! 🙂 🙂 🙂

  4. Na Jayasingha says:

    හරි පුතා, තේරුණා

  5. Don says:

    අංක ගණිතයෙන් ජනාධිපතිවරණ මනින්න බෑ ගෙම්බෝ ඒවාට තමයි සමීක්ෂණ තියෙන්නේ 😂😂😂

    • කුසල් says:

      යූ ඇන්පිය තියපු සමීක්ෂනවලත් දිනුය ගෝඨාභයටග ඒකනේ රනිල් සජිතට දීල පැත්තකට උනේ.

  6. kamal says:

    එක්සත් ජාතික පක්ෂය වගේ සන්හිදියාව නැති කොටලුවෙකුට පුලුවන්ද රටක් පාලනය කරන්න

  7. Nalaka says:

    Bloody gommanpila, how can u explain like this, first question, do you think you will get the same vote you got in 2018.no and never. Second question, will SLFP get the same vote again, completely no, answer is very less, so don’t teach us common sense, you better check your brain

    • NUwan says:

      උඹ අහන්නේ එදා ජන්දය අදත් තියෙනවද කියලනෛ්. මෙච්චර කෙලවෙද්ද රටට ඒ ඡන්දය තව දෙතුන් ගුණයකින් වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නෑ

  8. Susantha says:

    ගම්මන්පිල මේකෙන් බලාපොරොත්තුවෙන්නෙ පොහොට්ටුවේ චන්දහ්දායකයන් දිරිමත් කිරීමටනම් ඒක හොන්දයි, හැබැයි බොරු ගනන් පෙන්නලා අදිතක්සේරුවක හිටියොත් බබා තමා. පලාත්පාලන මැතිවරන්යේ සුලු ජාතික චන්ද අපේක්ශකයන් 2500 කට වඩා හිටියා, ඔවුන් එක්කෙනෙක් චන්ද 500 ක් ගත්තා කියලා ගනන් හැඩුවොත් 1250000 ක්. ඒවා මේ මැතිවරන්යෙදි ලැබෙන්නෙ නැහැ. ජයගත්තු අය 10,000 15000 චන්දත් ගත්තා. බොරු ගනන් හදන්නෙ නැතිව සුලු ජාතීන්ගෙ හා තරුන චන්ද ගොඩ වැඩිකරගන්න මහන්සි වෙමු

  9. Gayantha says:

    මොකටද මේ හිස්බුල්ලෙක් ගාවගත්තේ. මට නම් හිතෙන්නේ මේ පිවිතුරුකාරයෝ යුන්පි එකේ පිල්ලියක්ද කොහෙද..

  10. Plato says:

    Nalaka

    You are again proving what Gammanpila said .

    If you are a born UNPer, then kindly comment on the services rendered by your party after the last local government election to attract more votes.

    However it is a known fact that the UNPers are not engaged in issue based politics.

  11. පොඩි බයියා says:

    ඔය වගේ දේවල් 2015 ජනවාරි මාසෙත් ඉදිරිත්කලා. හැබැයි චනද ගණන් කරන කොට බයියො පරාදයි. දැනට සැනසියල්ල.

  12. සෙමා says:

    ඔය ගනන් හිලව් අපි බලමු නොවැම් බර් 17 වෙනිදාට​

  13. රටට වින කරන මොඩ රැල says:

    එකනේ උෟ මැඩ් කියලා දාලා තියෙන්න පිස්සු හින්දා තමයි බං

  14. නෙවිල් says:

    අනිවාර්යයෙන් ගෝටාභය රාජපක්ෂ 70% ගන්න බව කියන්නෙ ජාතික තොරතුරු තාක්ෂණ ආයතනය විසින් . විශේෂයෙන් පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් , මහාබැංකු මංකොල්ලයෙන්, ජාතික සම්පත් විකිනීමෙන් , ඇමේරිකානු පක්ෂග්‍රාහී වීම , රනවිරුවන් සිරගත කිරීම , බෞද්ධ ආගම විනාශ කිරීම , උද්දාමය වැඩි වීම , ආර්ථික වර්ධනය 2% දක්වා පහල වැටීම ආදි හේතු රාශියක් නිසා 70% ක චන්ද ප්‍රතිශතයක් ගෝටාභය රාජපක්ෂ ලබා ගන්නා බව සහතිකය.

  15. sinha le says:

    සුලු ජාතිකයන්ටත් නිදහසේ ඉන්න පුලුවන් වසර 71 පසු සිංහල රජයක් ජය ශ්‍රී

  16. සනත් ඉතාලිය says:

    ගම්මන්පිල මහත්තයෝ මමත් උදේ රාත්‍රියේ ගෝඨාභය මහත්තයට කඩේ යන්නෙ හැබැයි පොහොට්ටුවට නෙමෙයි ගෝටාබය මහත්තය කොහොමත් දිනනව නමුත් ඔය විදියට සන්ක්‍යාලේකන ඉදිරිපත් කරන්න එපා ස්‍රිලන්ක එක ආවත් නාවත් ගොටට දිනන්න පුලුවන් ඒක නිසා මහින්ද සුලග නුගේගොඩ හරහා රජගෙදරින් අවසන් කරමු නිහඩවම

Main News