ජනාධිපතිවරණයෙන් ආරක්‍ෂක ඇමති ලෙස ෆොන්සේකා පත් කරයි.. ඒත් අගමැති නම් නොකරයි.. රනිල්ට ගෝල්ෆේස් රැලියේදී සජිත්ගෙන් ප‍්‍රහාරයක්…

October 11, 2019 at 10:40 am | lanka C news
ජනාධිපතිවරණයෙන් ආරක්‍ෂක ඇමති ලෙස ෆොන්සේකා පත් කරයි.. ඒත් අගමැති නම් නොකරයි.. රනිල්ට ගෝල්ෆේස් රැලියේදී සජිත්ගෙන් ප‍්‍රහාරයක්…

තමන් ජනාධිපති වූ පසු මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ ඇයි ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ගෝල්ෆේස් පිටියේ දී පොරොන්දු වෙද්දී එම වේදිකාවේ රිෂාද් බදුර්දීන් ඇමතිවරයාද සිටි බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

පසුගිය පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප‍්‍රහාරකයන්ට බෝම්බ නිෂ්පාදනය සඳහා තඹ ලබා දුන්නේ යැයි ඔහුට චෝදනා ඇති බවත් ඇතැම් බෝම්බකරුවන් නැවතී සිටියේ ද බදුර්දින් ඇමතිවරයා ගේ සහෝදරියගේ නිවසේ බවද මුසම්මිල් මහතා පැවසීය.

වේලාසනම ආර්යාවද නම්කර ඇති සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දිනයේ ආරක්ෂක ඇමතිවරයා ද නම් කිරීමට කටයුතු කළ නමුත් තම ආණ්ඩුවක අගමැතිවරයා කවුදැයි පැහැදිලිවම ප්‍රකාශ නොකරන බවත් එම ප්‍රශ්ණය විමසද්දී පැන යන බවත් ඒ මහතා පැවසීය.

තම තේජස පෙන්වා ජනාධිපති අපේක්ෂකත්වය බලෙන් ගත්තේයැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසීමෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්ට අපහාසයක්ද එහිදී සිදුකළ බවත් එහිදීද එජාප අර්බුදය එලියට පැන්න බවත් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩි දුරටත් කියා සිටියේය.

30 views

18 Comments to “ජනාධිපතිවරණයෙන් ආරක්‍ෂක ඇමති ලෙස ෆොන්සේකා පත් කරයි.. ඒත් අගමැති නම් නොකරයි.. රනිල්ට ගෝල්ෆේස් රැලියේදී සජිත්ගෙන් ප‍්‍රහාරයක්…”

  1. Malvathu Asgiri Girigoris says:

    නිකම් බොරුවට කහිනවා. ඊළඟ වාරයේදී ජනාධිපති යනු නම මාත්‍රිකයෙක් පමණි, කිසිම බලතලයක් නොමැති අතර අමාත්‍යංශයක් වත් නොමැත. සියල් බලතල ඇත්තේ අගමැතිටය. මේ පිං ගොනා මෙතරම් දඟලන්නේ ඇයිදැයි අපට නොතේරේ.
    රනිල් කපටියා මෙය හොඳින් දනී. ඌට අවශ්‍ය උනේ උගේ යටතට්ටුවක් (අකිල විරාජ් ) ජනපති කරගැනීමටය.

    මු හදිසියෙවත් ජනපති වුවහොත් රනිලයට මුව අල්ලේ නැටවිය හැක. මූට අබ සරණයි.

  2. VAT says:

    Sajith is emptier than my3 .

  3. gamarala says:

    මැතිවරණයෙන් පසු

    ඔන්න පිස්සෙක් ඔය පිස්සන් කො‍ටුවෙන් පැනලා යන්ට දවස් ගාණක් තිස්සේ කල්පනා කරලා කල්පනා, කරලා පැනලා යන්න ක්‍රමයක් හොයා ගත්තලු.අහ් කියන්න අමතක උනා.මේ පිස්සන් කො‍ටුව වට කරලා තාප්පයක් හදලා තියෙන්නෙ හරිද?.ඔන්න මූ පැනලා යන්ට හදාගත්ත ක්‍රමේ මොකක්ද දන්නවද? ඉනිමගක් තාප්පෙට තියලා එහා පැත්තට පැනලා යන්න.මේ යකා කොහොමින් කොහොමින් හරි ඉනිමග තියලා පැනලා යන්ට පුරුදු උනා කියමුකෝ….
    ඔන්න මේ පිස්සා පැනලා යන්ට පුරුදු වෙලා යන්ට දවසකුත් ලෑස්ති කරගත්තලු.ඉන්පස්සේ මූ පොරගේ යාලුවන්ටත් කිව්වලු මම අහවල් දවසේ මෙහෙන් පැනලා යනවා කියලා.ඉන්පස්සේ ඔන්න මේ යකා පැනලා යන දවසත් ආවා.ඒ දවසත් කොහොමින් කොහොමින් හරි ගෙවිලා ගිහින් පහුවෙනි දවස උදාවුනා.
    මෙන්න බොලේ අර පිස්සා දාහට(1000) අරන් සත පහටවත් දී ගන්ට බැරිවුනා වගේ පැත්තකට වෙලා එපා වෙලා ඉන්නවලු…. ඒ ගමන අනික් පිස්සෝ මුගෙන් අහනවලු.මොකෝ බන් උඹ ඊයේ රෑ පැනලා යනවා කිව්වට ගියේ නැද්ද බං කියලා.
    එතකොට මූ කියාපි මෙන්න මෙහෙම.
    “බලපන් බං අපිටමනේ වෙන්නේ.ඊයේ රෑ වැහැලා තාප්පේ කඩා වැටිලා.ඉනිමග තියාගන්න විදිහක් නෑ බං.ඉහි…… ඉහි…… ඉහි……”

    • damian says:

      උගේ නම තිබුණේ S.ප්‍රේමදාස කියල ද? සජිත් රණසිංහ කියල ද?

  4. දිනේශි says:

    මොකක්ද මේ විකාරේ, සජිත්ට රෙදි නැතිව කඩේ යනවා මෙතන කමන්ට් දාන කෙනෙක්, විවිධ නම් භාවිතා කර

  5. සනත් ඉතාලිය says:

    ආශාවනේ දිනේශි නො.16 වෙනකල් සිගිති ආතල් එකක් ගත්තුදෙන්.වෙනසකටත් එක්ක

  6. සිහින ලොවේ සිහින මවන රාලේ - ඇමති කමට රට විකුණන ආලේ.... says:

    සිහින ලොවේ සිහින මවන රාලේ – ඇමති කමට රට විකුණන ආලේ….අනේ මෙහෙම තණ්හාවක්…..දීකිරි දීකිරි ගෙනාව දීකිරි…සජිත් පුතා ඔය ගෙන දුන් මීකිරි….සිහිනෙන් කාපන් සරත් පුතේ අනේ මුට්ටිය බිදුනම ඔක්කොම ඉවරයි….

Main News