ජනාධිපතිවරණයෙන් ආරක්‍ෂක ඇමති ලෙස ෆොන්සේකා පත් කරයි.. ඒත් අගමැති නම් නොකරයි.. රනිල්ට ගෝල්ෆේස් රැලියේදී සජිත්ගෙන් ප‍්‍රහාරයක්…

October 11, 2019 at 10:40 am | lanka C news
ජනාධිපතිවරණයෙන් ආරක්‍ෂක ඇමති ලෙස ෆොන්සේකා පත් කරයි.. ඒත් අගමැති නම් නොකරයි.. රනිල්ට ගෝල්ෆේස් රැලියේදී සජිත්ගෙන් ප‍්‍රහාරයක්…

තමන් ජනාධිපති වූ පසු මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ ඇයි ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ගෝල්ෆේස් පිටියේ දී පොරොන්දු වෙද්දී එම වේදිකාවේ රිෂාද් බදුර්දීන් ඇමතිවරයාද සිටි බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

පසුගිය පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප‍්‍රහාරකයන්ට බෝම්බ නිෂ්පාදනය සඳහා තඹ ලබා දුන්නේ යැයි ඔහුට චෝදනා ඇති බවත් ඇතැම් බෝම්බකරුවන් නැවතී සිටියේ ද බදුර්දින් ඇමතිවරයා ගේ සහෝදරියගේ නිවසේ බවද මුසම්මිල් මහතා පැවසීය.

වේලාසනම ආර්යාවද නම්කර ඇති සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දිනයේ ආරක්ෂක ඇමතිවරයා ද නම් කිරීමට කටයුතු කළ නමුත් තම ආණ්ඩුවක අගමැතිවරයා කවුදැයි පැහැදිලිවම ප්‍රකාශ නොකරන බවත් එම ප්‍රශ්ණය විමසද්දී පැන යන බවත් ඒ මහතා පැවසීය.

තම තේජස පෙන්වා ජනාධිපති අපේක්ෂකත්වය බලෙන් ගත්තේයැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසීමෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්ට අපහාසයක්ද එහිදී සිදුකළ බවත් එහිදීද එජාප අර්බුදය එලියට පැන්න බවත් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩි දුරටත් කියා සිටියේය.

43 views

18 Comments to “ජනාධිපතිවරණයෙන් ආරක්‍ෂක ඇමති ලෙස ෆොන්සේකා පත් කරයි.. ඒත් අගමැති නම් නොකරයි.. රනිල්ට ගෝල්ෆේස් රැලියේදී සජිත්ගෙන් ප‍්‍රහාරයක්…”

  1. Dp says:

    මෙයාගේ කටටත් බ්රේක් නෑ.දැන් ජනතාවගෙන් සමාව ඉල්ලූවා. මේකට රනිල්ගෙන් සමාව ගන්න වෙයි .

    • 🌷 82% 🌷 82% 🌷 82%🌷 says:

      ආගමට කොපමන ඔබ නිගා කලත්….සජිත්
      මාෂල් කල නිගා නිතර අප සිහියට…. ඇවිත්
      හරීන් කල පාස්කු නිගා සුසුම දැනුත්..ඇවිත්
      17 වැනිදා පොහොට්ටු රටේම පිපිල….ඇවිත්

  2. ranjan says:

    ගයන්ත කියන්නේ සජිත් ගේ දකුණු අත. සජිත්ට ගැම්මක් අරන්දෙන්න එතුමා ඇල්පිටියේ බැහැල වැඩ. වජිරගේ කැපිලි නිසා රැස්වීම කඩාකප්පල් වුනාට අපි ඉන්නේ ඉතා ශක්තිමත්ව. 63% ගන්න එක අමාරු නැහැ . දෙමල කම්කරු චන්ද අපිට තියෙන්නේ

  3. nimal says:

    සජිත් ගේ බලය අපි පෙන්නන්න පටන්ගන්නේ ඇල්පිටියෙන්. රනිල් අකමැති උන් සජිත්ට ගොඩක් කැමතියි . අපි 55% ක් ගන්නවා

  4. aruna says:

    ඇල්පිටිය අපි වසර 10 ට වඩා දිනාගෙන ඉඳල තියෙනවා . රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ කලේ ඇල්පිටිය දිනුවේ අපි . නැවත සජිත් යුගේ ඇරඹුම ඇල්පිටියෙන් පටන් ගන්න අපි හැමෝම චන්ද පොලට යනව

  5. wilson says:

    රැස්වීම් වලට මිනිස්සු අදින විදිය අපි පෙන්නුවනේ. රැස්වීම් වලින් නෙවෙයි මෙහෙ ජනතාවගෙන් අහන්න ඕන . සජිත් මහතාට ශක්තියක් වෙන්න අපි 60% න ඇල්පිටිය දිනනවා

  6. roshan says:

    ඇල්පිටියේ ඉන්නේ තේ වගාව කරන අය සහ දෙමල වතු කම්කරු ජනතාව. ගයන්ත මහත්තය කුඩා තේවතු සංවර්දන අදිකාරියේ සබාපති ලෙස කල සේවයට කෘතගුණ සලකන්න මේ පාර අපි එජාපය ඉහලටම ඔසවා තබනව

  7. ruwan says:

    ඇල්පිටියට අපි සජිත් ආණ්ඩුවේ සබානායක දුරය ගේනවා

  8. රන්බණ්ඩා says:

    අවුරුදු හතරහමාරකදි රටට මෙහෙව් විනාශයක් කළ මේ අම්බරුවන් රැළට ආපහු චන්දයක් දෙන්නේ තමන්ට රැකගන්නට පරපුරක් නැති, හරි හමං ජාතියක් ජන්මයක් නැති මෝඩ තකතීරුවන් විතරමැයි.

  9. gamarala says:

    මුන් එකාට එකා වැනසී යනවා රණවිරුවන් පාරට දැම්ම නිසා

  10. රන්බණ්ඩා says:

    විද්‍යාත්මක ක්‍රමවේදය අනුගමනය කරමින් කෘත්‍රීම බුද්ධි මැෂිම රෙකමදාරු කොරපු උන්නැහැ වෙන්න ඇති මේ.
    ඉතිං ඔය විදියට ඇමති මණ්ඩලයත් දැන්මම කියලා දාපල්ලකෝ.
    තොපෙන් තවත් චන්ද ලක්ෂයක් විතර අඩුවෙයි එතකොට බොලව්.

Main News