කිලිනොච්චියේ නිවසක අවි ගබඩාවක් අල්ලයි.. හිටපු කොටි සාමාජිකයෙකු කතුන් දෙදෙනෙකු අත්අඩංගුවට..

October 13, 2019 at 12:00 pm | lanka C news
කිලිනොච්චියේ නිවසක අවි ගබඩාවක් අල්ලයි.. හිටපු කොටි සාමාජිකයෙකු කතුන් දෙදෙනෙකු අත්අඩංගුවට..

සේරුනුවර යුදහමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් හා කිලිනොච්චිය පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සිදුකරන ලද සෝදිසියකදී කිලිනොච්චිය අම්මාබල්කුලම් ප්‍රදේශයේ  නිවසක තිබී එල්.ටී.ටී.ඊ. ආයුධ රැසක් සමග හිටපු කොටි සාමාජිකයෙකු හා කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සේරුනුවර යුධ හමුදා කදවුරේ නිලධාරියෙකුට ලද තොරතුරකට අනුව හිටපු කොටි සාමාජිකයා පළමුව ඊයේ (12) දින සේරුනුවර කිලිවෙඩ්ඩි පාලම අසලදී ටී. 56 ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු 36 හැවිරිදි කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ජෝසප් පීටර් රොබින්සන් යන පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇත.

සැකකරු වූ හිටපු කොටි සාමාජිකයාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී  සිදුකිරීමේ දී ඔහුගේ නිවසේ සඟවා තිබියදී යුද උපකරණ ඇතුලු පුපුරණ ද්‍රව්‍ය රැසක් පොලීසියේද සහය ඇතිව සොයාගෙන ඇති අතර අදාල නිවසේ සිටි කාන්තාවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

එම නිවසේ තිබී පිස්තොල් 03, පිස්තෝල මැගසින් 03ක්, අත්බෝම්බ 5ක්, සී ෆෝ පුපුරණ ද්‍රව්‍ය, මිලිමීටර් නවය වර්ගයේ සජීවි පතරෝම් 62ක්, මිලිමීටර් හත වර්ගයේ සජීවි පතරොම් 9ක්, ටි 56 ගිනි අවියක්, ටි 56 සජීවි පතරොම් 154ක්, දුර විදින අර්ධ ස්වයංක්‍රීය රයිෆලයක්, මැගසින් එකක්, ඩෙට් කෝඩ්, විවිධ වර්ගයේ ඩෙටනේටර් 62ක්, එම්.ජි.එම්.සජීවී පතරොම් 5ක් පිහියක් ජි.පී.එස්. උපකරණයක්, කැමරාවක්, ලැප්ටොප් පරිගණකයක්, ඩොංගල් එකක්, ජංගම දුරකථන 4ක්, හිටපු එල්.ටි.ටි.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූපය සහිත ටි ෂර්ට් 4ක්, කළු මුහුණ ආවරණයක් සොයාගත් දෑ අතර වන බවට කිලිනොච්චිය පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු හිටපු එල්.ටි.ටි.ඊ. සාමාජිකයෙකු වන බවට මේ වන විට හඳුනාගෙන ඇති අතර එම නිවසේ පදිංචිව සිටි සැකකරුගේ බිරිඳ සහ සහෝදරියක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙතට භාර දීමට පියවර ගෙන ඇති බවටද කිලිනොච්චිය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

193 views
Main News