ජනාධිපති කඩුව අතට ගනී.. එජාපයට කඩේ ගිය සුලං කිරිල්ලීගේ හුලං යවයි..
October 15, 2019 at 12:02 am | lanka C news
පසුගිය 3 වැනිදා පැවති එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සමුළුව ජාතික රූපවාහිනීය ඔස්සේ සජීව ලෙස විකාශනය කිරීම පිළිබද විනය පරීක්ෂණයක් පැවැත්වෙයි.
ජනාධිපති කාර්යාලයේ උපදෙස් පරිදි ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම පරීක්ෂණ මෙහෙයවයි.
සජීව විකාශයට අවසර ලබාදුන්නේ කෙසේද යන්න පිළිබද විමසීමට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මියට හා අධ්යක්ෂ ජනරාල් සාරංග විජයරත්න අද දිනයේ ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.
පසුගිය 3 වැනිදා සිද්ධිය වු ආකාරය සොයා බැලීමට සිකුරාදා දිනයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් ශ්‍රීලංකා රූපවාහිනී සංස්ථාව වෙත පැමිණියහ.
මුලික පරීක්ෂණයට අදාලව සේවකයින් රැසකගෙන් එහිදී සාක්ෂි සටහන් කරගෙන ඇත.
මෙි අතර පසුගිය 03 වැනිදා මහා සමුළුව සජීව ලෙස විකාශය වන අවස්ථාවේ රූපවාහිනී සංස්ථාවට කඩා වැදුන මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වහාම සජීව විකාශය අත්හිටුවන ලෙස නියෝග කළේය.
– රූපවාහිනී වාර්තාකරු