සජිත් මෝඩ පුතාණෝ කියා රනිල් දන්නවා.. සජිත්ව ගැටයට අහු කළා..- ගම්පහින් අභියෝගයක්..

October 20, 2019 at 3:50 pm | lanka C news
සජිත් මෝඩ පුතාණෝ කියා රනිල් දන්නවා.. සජිත්ව ගැටයට අහු කළා..- ගම්පහින් අභියෝගයක්..

ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් අගමැති ලෙසින් නම් කරන්නේ කවුදැයි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලෙසට සජිත් ප්‍රේමදාස මහතාට තමන් අභියෝග කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති ධුරයට පත්වුවහොත් ආරක්ෂක ඇමැති ධුරය සරත් ෆොන්සේකා මහතාට ලබාදෙන්නේ යැයි කියන්නට හැකි නම් අගමැති ධුරයට සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමටත් සජිත් ප්‍රේමදාස මහතාට පුළුවන්කම තිබිය යුතු බවත් රණතුංග මහතා පැවසීය

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් මැතිවරණ කාර් යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට මිනුවන්ගොඩ දී  එක්වෙමිනි. රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් අද මෙම කාර් යාලය විවෘත කරන්නට ලැබීම ගැන මම ඉතාම සතුටු වෙනවා. අද අපි යෙදිලා ඉන්නේ ජයග්‍රාහී මැතිවරණ ව්‍යාපාරයක කියන එක මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. නොවැම්බර් මස 16 වැනි දා පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී නියත වශයෙන්ම ජයග්‍රහණය කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා බව මම කියන්න කැමැතියි.

මෙවරට ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ දේශද්‍රෝහී පිල සහ දේශප්‍රේමී පිල අතර බව රහසක් නෙමෙයි. ත්‍රස්තවාදයට අන්තවාදයට උඩගෙඩි දෙන පක්ෂ නායකයන්ගෙන් සමන්විත සජිත් පිලට එරෙහිව ත්‍රස්තවාදය නසපු, අන්තවාදයට එරෙහි ගෝඨාභයගේ පිල අද ජනාධිපතිවරණ සටනට පිවිස තිබෙනවා. මේ රටේ ජනතාව ගන්නා වූ ඵෙතිහාසික තීන්දුවෙන් පස්සේ නොවැම්බර් මස 17 වැනි දා ඡන්ද ප්‍රතිඵල නිකුත් වන විට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපති ලෙසින් පත්වන බවට සැකයක් නැහැ.

අද රටේ ජාතික ආරක්ෂාව, ආර්ථිකය, සංවර්ධනය කියන අංශ සියල්ලම බින්දුවටත් වඩා පහළට වැටිලා තිබෙනවා. වසර හතරහමාරකට පෙර මහින්ද මහත්තයාගෙන් මේ ආණ්ඩුව රටේ පාලනය භාරගන්නා විට අපේ රට ආසියාවේ ඉහළම ආර්ථික වර්ධන වේගයක් සහිත රටක් බවට පත්වෙලා තිබුණා. නමුත් වසර හතරහමාරකට පස්සේ අපේ රට ඇෆ්ගනිස්ථානයටත් වඩා පහළට වැටිලා තිබෙනවා.

වේදිකා දෙවනත් කරමින් සජිත් මහත්තයා මොනවා කිව්වත් අද රට අගාධයට වැටීම ගැන එයත් වගකියන්නම ඕනේ. අවුරුදු හතරහමාරක් ඇමැති මණ්ඩලයේ ඉඳලත් සජිත් ප්‍රේමදාස රට වෙනුවෙන් එක වචනයක්වත් කතා කරලා නැහැ. රනිල්ගේ නායකත්වයෙන් මහ බැංකුව කොල්ල කනකොට සජිත් කතා කළේ නැහැ. හම්බන්තොට වරාය වගේ ජාතික සම්පත් විකුණා දමන විට සජිත් වචනයක්වත් කතා කළේ නැහැ.

දැන් මැරිලා ඉපදිච්චි කෙනෙක් වගේ කතා කරනවා. විපක්ෂයේ අපිටත් වැඩිය ආණ්ඩුවට බනින්නේ සජිත්ලා. එතකොට අපිද දැන් ආණ්ඩුව? සජිත් ආවත් ඔච්චර තමයි. කිසිම දැක්මක්, වැඩපිළිවෙළක් නැති සජිත් ප්‍රේමදාසට මේ රට තියා ප්‍රාදේශීය සභාවක්වත් පාලනය කරගන්න බැහැ. තමන්ගේ ආසනය කවදාවත් දිනලා නැති මිනිහෙක් කොහොමද ජනාධිපතිවරණය දිනන්නේ කියන ප්‍රශ්නය අද අහන්නේ අපි නෙමෙයි, එක්සත් ජාතික පාක්ෂිකයන්මයි.

රනිල් තරම් කපටි මොළයක් යූ. ඇන්. පියේ තවත් නැහැ. රනිල් දන්නවා මේ පාර ගෝඨාභය පරද්දන්න බැරි බව. ඒ නිසා මුල ඉඳන්ම රනිල් උත්සහ කළේ වෙන කෙනෙක් දාලා ඇඟ බේරාගන්නයි. සජිත් පුතාණෝ මෝඩ පුතාණෝ කියලා රනිල් දන්නවා. හෙමිහිට රනිල් සජිත් ගැටයට අහු කළා. සජිත් දිනුවත් රනිල් දිනුම්, සජිත් පැරදුණත් රනිල් දිනුම්. නොවැම්බර් 17 වැනි දා ගෝඨාභය මහත්තයා ජනාධිපති ධුරයට පත් වෙන කොට රනිල් විපක්ෂ නායක වෙනවා. සජිත් කැලේට විසිවෙලා යනවා.

අපි මුල ඉඳළම කියනවා ගෝඨාභය ජනාධිපති වුණොත් මහින්ද මහත්තයා අගමැති ධුරයට පත් කරනවා කියලා. නමුත් සජිත්ලා කියන්නේ නැහැ කවුද අගමැති වෙන්නේ කියලා. සජිත් දන්නවා රනිල් අගමැති කිව්වොත් යු. ඇන්. පීකාරයොවත් ඡන්දෙ දෙන්නේ නැහැ කියලා. ජනාධිපති දිවුරුම් දුන්නම අගමැති ප්‍රමුඛ කැබිනට් එක ඉබේම විසිරිලා යනවා. එහෙනම් කවුරු ජනාධිපති වුණත් අලුත් අගමැති කෙනෙක් පත් කරන්න ඕනේ.

මම සජිත්ට අභියෝග කරනවා පුළුවන් නම් අගමැති අපේක්ෂකයා කවුද කියලා නම් කරන්න කියලා. පුළුවන් නම් සජිත් මහත්තයෝ කියන්න රනිල්ට අගමැතිකම දෙන්නේ නැහැ කියලා. නැත්නම් කියන්න රනිල්ට අගමැතිකම දෙනවා කියලා. මට හොඳටම විශ්වාසයි සජිත් ඕක වේදිකාවේ කියන්නේ නැහැ කියලා. සජිත්ට එහෙම කියන්න තරම් කොන්දක් නැහැ. සජිත් කියන්නේ කොන්ද පණ නැති නායකයෙක් බව මේකෙන්ම තේරෙනවා.

සජිත්ලගේ වේදිකාව මඩවලින් පිරුණු වේදිකාවක්. ඒ වේදිකාවේ ප්‍රතිපත්ති ගැන කතා කරන්නේ නැහැ. වැඩපිළිවෙළක් ගැන කතා කරන්නේ නැහැ. කතා කරන්නේ ගෝඨාභය ගැන විතරයි. ගෝඨාභයගේ වේදිකාව එහෙම නෙමේ. ඒකේ මඩ නැහැ. ඒකේ තියෙන්නේ ප්‍රතිපත්ති, සැලසුම්. මේ වෙනස ජනතාවට හොඳට පේනවා. ඒ නිසා නොවැම්බර් 17 වැනි දා මේ රටේ නායකත්වයට පත් වන්නේ රට හදන නායකයා මිස කටමැත දොඩවන නායකයා නොවන බව අපට විශ්වාසයි.

– ප‍්‍රදීප් අනුර කුමාර

34,358 Viewers

8 Comments to “සජිත් මෝඩ පුතාණෝ කියා රනිල් දන්නවා.. සජිත්ව ගැටයට අහු කළා..- ගම්පහින් අභියෝගයක්..”

  1. chandapala says:

    සජිත් කියන දේ හරියට මොකක් වැනී
    හීනෙන් බයවෙලා කැගහනවා වැනී
    දහසවෙනිදාට එන ප්‍රතිපල කුමක්වැ නී
    එකතැන උඩ පැනල කුණුබඩ ගියාවැනි

    • Rata Wenuwen says:

      කොපමණ කට ගැසූවත් සජියා බය රනියාටයි
      ඒනමුත් චන්ද අවසන බය මැතිඳු ගෝටාභයටයි,
      කියන කයිවාරුවේ කෙලවර නැත ගොන්පාටයි,
      විරුදාලත් බලු සින්හයා මූද අහෝ පව් !පාටයි

  2. Lakshman says:

    Prasanna, you have said it all.

  3. Hirugal Bandara says:

    Amatasiri Mara Ugathek Kiyannay…

  4. Lavariyage Koluwa says:

    ” Ranil is a Cunning Fox ” – Anton Balasingham said in 2002!

  5. 77 UNP says:

    මම, මගේ, කියල නිතරම කියවන මේ කොටළු සජිත් රට ගැන නෙවෙයි හිතන්නේ කොහොමද තමුන්ට බලය ලබාගන්නේ කියල විතරයි. මොළේ නැති, කිසිම ප්‍රතිපත්තියක් නැති, වැඩපිළිවෙලක් නැති මේ මෝඩයා රටේ නායකයා වෙන්න තරම් ශ්‍රී ලංකාවේ ඉන්න ජනතාව කරුමක්කාරයෝද ? මම හිතන්නේ නැහැ කියල.

  6. Open mind says:

    මහා ලොකු මන්ත්‍රී ලා. පාර්ලිමේන්තු බහුතරය කැමති කෙනා අගමැති ලෙස තෝරන්න ඕනැ කියල මේ අය දන්නෙ නැහැ.

  7. සුදු පිම්පියා says:

    රනිල් තරම් කපටි මොළයක් යූ. ඇන්. පියේ තවත් නැහැ. රනිල් දන්නවා මේ පාර ගෝඨාභය පරද්දන්න බැරි බව. ඒ නිසා මුල ඉඳන්ම රනිල් උත්සහ කළේ වෙන කෙනෙක් දාලා ඇඟ බේරාගන්නයි. සජිත් පුතාණෝ මෝඩ පුතාණෝ කියලා රනිල් දන්නවා. හෙමිහිට රනිල් සජිත් ගැටයට අහු කළා. සජිත් දිනුවත් රනිල් දිනුම්, සජිත් පැරදුණත් රනිල් දිනුම්. නොවැම්බර් 17 වැනි දා ගෝඨාභය මහත්තයා ජනාධිපති ධුරයට පත් වෙන කොට රනිල් විපක්ෂ නායක වෙනවා. සජිත් කැලේට විසිවෙලා යනවා.

    සජිත් දන්නවා රනිල් අගමැති කිව්වොත් යු. ඇන්. පීකාරයොවත් ඡන්දෙ දෙන්නේ නැහැ කියලා.

    මම සජිත්ට අභියෝග කරනවා පුළුවන් නම් අගමැති අපේක්ෂකයා කවුද කියලා නම් කරන්න කියලා. පුළුවන් නම් සජිත් මහත්තයෝ කියන්න රනිල්ට අගමැතිකම දෙන්නේ නැහැ කියලා. නැත්නම් කියන්න රනිල්ට අගමැතිකම දෙනවා කියලා. මට හොඳටම විශ්වාසයි සජිත් ඕක වේදිකාවේ කියන්නේ නැහැ කියලා. සජිත්ට එහෙම කියන්න තරම් කොන්දක් නැහැ.

Main News