ගෝඨාභයට ජය පතා ශ්‍රීලනිප වැඩ බලන සභාපති පුජාවක..

October 20, 2019 at 4:40 pm | lanka C news
ගෝඨාභයට ජය පතා ශ්‍රීලනිප වැඩ බලන සභාපති පුජාවක..

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට ආශිර්වාද පතා ශ්‍රි ලංකා නිදහස්  පක්ෂයේ වැඩ බලන සභාපති රෝහන ලක්ෂ්මන් පියදාස මහතා සහ මහනුවර දිස්ත්‍රික් පා.ම එස්.බි දිසානායක යන මහතුන් විසින් අද (20) මස්කෙලිය මවුස්සාකැලේ සමන් දේවාලයේදි විශේෂ ආශිර්වාද පුජාවක් පවත්වනු ලැබුහ.

නුවරඑලිය දිස්ත්‍රික් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ඩබ්ලිව්.ජි රණසිංහ මහතා විසින් සංවිධානය කර තිබු සමන් දේව ආශිර්වාද පුජාවට මස්කෙලිය ආසනයේ ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන් විශාල පිරිසක්ද සහභාගි වි සිටියහ.

මවුස්සාකැලේ සමන් දේවාලය වෙත පැමිණි රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සහ එස්.බි දිසානායක මන්ත්‍රිවරයාව  ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන් විසින් පිලි ගැනිමෙන් අනතුරුවයි සමන් දේවාලයේ විශේෂ ආශිර්වාද පුජාව පැවැත්වුණි.

සමන් දේව ආශිර්වාද පුජාවෙන් පසුව මාධ්‍යයට අදහස් දැක් වු එස්.බි දිසානායක මන්ත්‍රිවරයා කියා සිටියේ  ගෝඨාභය රාජපක්ෂ 50% ට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් මේ රටේ ජනාධිපතිවරයා වන බව ස්ථිර බවයි.

මෙවර ජනාධිපතිවරණයේදි අපෙක්ෂකයන් අතරේ සුළු ඡන්ද ප්‍රමාණයක් බෙදි ගියද සමස්ත රටේ  බහුතර ඡන්ද දායකයින්ගේ ඡන්දය ගෝඨාභය රජපක්ෂ මහතාට හිමිවන බවයි

– හැටන් රංජිත් රාජපක්ෂ 

25,504 Viewers

4 Comments to “ගෝඨාභයට ජය පතා ශ්‍රීලනිප වැඩ බලන සභාපති පුජාවක..”

  1. Aye Ye Homosapiens, thou stll dealth in useless Pujas in thy blessed country, all to no.avail, I say.
    The results thou expect cometh not with thy stupid god worshipping but by thy votes.
    Thou art should spend thy money in millionths and could buy some votes and maky thy candidte winth.

  2. MD says:

    Before you go to exam or etc.(good things)you or your Perants attend to temple or church for warship.that is common things.dont worry be happy

  3. Elakiri says:

    Thope puja walin nemei pako ape chanden janadipathi wenne.tho paththakata wela hitu. Thopi koheda hitiye mechcharakal.

Main News