16 වැනිදාට කලින් මරණ දඬුවම ක‍්‍රියාත්මක කරනවා.. 04 දෙනෙක් එල්ලන්න අත්සන් කලා..- ජනාධිපති

October 21, 2019 at 12:00 pm | lanka C news
16 වැනිදාට කලින් මරණ දඬුවම ක‍්‍රියාත්මක කරනවා.. 04 දෙනෙක් එල්ලන්න අත්සන් කලා..- ජනාධිපති

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඬුවම ක්‍රියාත්මක කිරීමට පක්ෂව තීන්දුවක් දුනහොත් තම ධුර කාලය අවසන් වීමට පළමු මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති සාකච්ඡාවකදී ජනාදිපතිවරයා මේ බව සදහන් කලේය.

වරදකරුවන් 4 දෙනෙකුට මරණ දඬුවම දීම සඳහා තමන් අත්සන් කළ බව ද කී ජනාධිපතිවරයා ඊට විරුද්ධව විවිධ විරෝධතා පැමිණ තිබෙන බව ද පැවසීය.

රෝයල් පාර්ක් සිදුවීමේ විත්තිකරුට ජනාධිපති සමාව දීම ගැන සලකා බලන බව ද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

98 views
Main News