ප‍්‍රභාකරන්ගේ නිල ඇදුම වල දමා තිබූ යකඩ පෙට්ටියකින් හමුවේ..?

October 22, 2019 at 12:40 pm | lanka C news
ප‍්‍රභාකරන්ගේ නිල ඇදුම වල දමා තිබූ යකඩ පෙට්ටියකින් හමුවේ..?

මුලතිව් පුදුකුඩිඉරිප්පු ඉරණපලෙයි ප්‍රදේශයේ ඉඩමක වලදමා තිබියදී ඊයේ (21) දින හමු වූ යකඩ පෙට්ටියේ තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් නිල ඇඳුම් හා අනෙකුත් උපකරණ එම සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේදැයි ආරක්ෂක අංශ විසින් සැක පල කර සිටියි.

ඉරණපලෙයි ප්‍රදේශයේ වැසියෙකු විසින් සිය ඉඩමේ ඉදිකිරීමක් වෙනුවෙන් පොළව හාරමින් සිටින අවස්ථාවේදී මෙම යකඩ පෙට්ටියක් හමු වී ඇති අතර පසුව එය පුදුකුඩිඉරිප්පු පොලීසියට හා යුද හමුදාවට දැනුම් දීමෙන් පසුව එම පෙට්ටිය පරික්ෂා කරනු ලැබීය.

එහිදී යකඩ පෙට්ටියේ තිබී ඇත්තේ කොටි සංවිධානය විසින් පළඳින නිලඇඳුම් කිහිපයක් කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් හා එම සංවිධානයේ යුද ක්‍රියාකාරකම් ඇතුලත් වීඩියෝපටයක්ය.

යුද සමයේදී නිඇඳුම් ආරක්ෂා කිරීම සඳහා මෙලෙසින් යකඩ පෙට්ටියකට දමා වලදමා ඇත්තේ කොටි සංවිධානයේ නායකයෙකු පරිහරනය කරන ලද නිඳුම් විය හැකි බවටත් එය ප්‍රභාකරන්ගේමදැයි සැකයක් පවතින බවට ආරක්ෂක අංශ වැඩ දුරටත් කියා සිටි අතර පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩි දුර පරික්ෂණ සිදු කරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

57,036 Viewers

10 Comments to “ප‍්‍රභාකරන්ගේ නිල ඇදුම වල දමා තිබූ යකඩ පෙට්ටියකින් හමුවේ..?”

  1. Heisenberg says:

    ගෝඨාභයට දිනන්න ඕන නිසා ප්‍රභාකරන් උනත් වලෙන් නැගිටින්න බැරි නෑ 😂

  2. suresh says:

    රෝයල් ගිහිල්ලත් සාපෙළ වත් සමත් නැති. ජීවිතේට රස්සාවක් කරලා නැති. අමුතුම හීන මානයකින් පෙලෙමින් ගස් නගින ඒ දණ්ඩේ යන්න දඟලන, අම්මගේ සංගීත ලෙඩේ ඒ විදියටම තියෙන, යටට අදින්නේ නැතිව රෑට ගෙවල් වලට පැනල සතුට හොයන, අණදීලා පඩි වැඩි කරන්න , බඩු මිල අඩුකරන්න පුළුවන් කියල හිතන, ආර්යාව මැදුරේ තියල වෙනම ජීවත් වුන තාත්තගේ ලෙඩ තියෙන, බොත්තමකින් රටේ තොරතුර දැනගන්න හිතන පිස්සු මිනිහෙක් ට චන්දෙ දෙන්න අපට පිස්සුද ?

  3. මේක සජිතාට අන්දමු. පප්පා දීපු ආයුදත් ඇති නේද පුතනෝ? says:

    මේක සජිතාට අන්දමු. පප්පා දීපු ආයුදත් ඇති නේද පුතනෝ?

  4. shamil says:

    Chande lan wenakota thawa thawa dewal hamba wei

  5. Good what ever found has to destroy and that is it . lets do it

  6. Warewa! we need this kind of news

Main News