වාහන Dash Boardවල බුදු පිලිම තහනම්ද.. පොලීසියෙන් නිවේදනයක්..

October 22, 2019 at 4:40 pm | lanka C news
වාහන Dash Boardවල බුදු පිලිම තහනම්ද.. පොලීසියෙන් නිවේදනයක්..

පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

මෝටර් රථයක සවිකර තිබූ බුදු පිළිමයක් ඉවත් කරන ලෙසට රථ වාහන පොලිස් නිලධාරියෙකු විසින් දැනුම් දුන් බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පල වූ අසත්‍ය පුවතක් සම්බන්ධව.

පසුගිය දිනක පුද්ගලයෙකු විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත වීඩියෝ පටයක් නිකුත් කර තිබූ අතර, එය තුල අන්තර්ගතව තිබුණේ යම් රථ වාහන පොලිස් නිලධාරියෙකු විසින් මෝටර් රථයේ ඉදිරියේ ඇති කුඩා බුදු පිළිමයක් ඉවත් කරන ලෙස දැනුම් දුන් බවයි.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිගේ නියමය මත පොලිස් මූලස්ථානයේ රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ඉන්දික හපුගොඩ මහතා විසින් විමර්ශනයක් සිදු කරන ලද අතර, එම විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ප්‍රධාන වින්ස්ක්‍රීනය අවහිර වන ලෙස මැද කණ්නාඩියේ පහතට වැටෙන සේ සවි කර තිබූ මල් මාලා ඉවත් කිරිමට අදාල පොලිස් නිලධාරියා විසින් උපදෙස් ලබා දී ඇති බවයි. කිසිම විටක පොලිස් නිලධාරියා බුදු පිළිමය ඉවත් කිරීමට උපදෙස් ලබා දී නැත.

මෙම විමර්ශනයට අදාලව අදාල පුද්ගලයාගේ ප්‍රකාශයට අමතරව තවත් 04 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. එම ප්‍රකාශ අනුවද පැහැදිලි වන්නේ බුදු පිළිමයක් ඉවත් කිරිමට පොලිස් නිලධාරියා උපදෙස් දී නොමැති බවයි.

වාහනවල ඉදිරි වින්ස්ක්‍රීනය වැසෙන සේ මල් මාලා, කුඩා මල් පෝච්චි එල්ලාගෙන යෑම හා ඩ්‍රෑෂ් බෝඩය මත සවි කිරීම තුලින් ඉදිරි දර්ශන අපැහැදිලි වන අතර එමගින් අනතුරු සිදුවේ. එම වරද සම්බන්ධව රියදුරුට දැනුම් දී ඇත. රියදුරු විසින් වෙනත් ආකාරයට අර්ථ නිරූපනය කරමින් බුදු පිළිමය ගැලවීමට පොලිස් නිලධාරියා උපදෙස් ලබාදුන් බව පවසා වීඩියෝව නිකුත් කර ඇත.

අදාල පුවත මගින් ජාතීන් අතර, ආගම් අතර විසන්වාදය, වෛරය ඇති වන ආකාරයට කටයුතු කර තිබෙන බවට බැලූ බැල්මට පෙනෙන බැවින්, එම පුවත පළ කල පුද්ගලයා සහ චේතනාන්විතව සමාජ මාධ්‍ය ජාලා හරහා එය බෙදා හරින ලද පුද්ගලයින්ට එරෙහිව 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද අන්තර්ජාතික සම්මුතික පනතේ 3 වන වගන්තිය යටතේ වරදක් සිදුකර ඇද්දැයි විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එම විමර්ශනය මගින් අනාවරණය වන කරුණු අනුව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට නියමිතය.

– police midea

85,568 Viewers

20 Comments to “වාහන Dash Boardවල බුදු පිලිම තහනම්ද.. පොලීසියෙන් නිවේදනයක්..”

  1. saman says:

    policiye evunge lamayinta rassavak vath denna hoda na

    • ➰☸☸👮‍♂️➰👮‍♂️➰☸☸👮‍♂️➰👮‍♂️ says:

      වාහන ඩෑෂ්බෝඩ් මත බුදුපිලිම තහනම්ද
      අල්ලන පොලීසියෙ ලාංචනය ධර්ම චක්‍රයද
      නිවේදනයක් කෙරුවොත් රටටම නරකද
      ‘තොන්ඩුව’ නව පොලීසි ලාංචන අද සිටද

    • john the baptice says:

      ඇයි උබ ගාව රස්සා තියෙනවද? 😀

  2. ruwan says:

    අපරාදේ ඇයි මේක දැන්ම එලි කලේ. ඒ විදියටම නිවුස් එක ගියානම් ගෝටට නේ වාසී.

    • Nawur says:

      පොලිසියෙ වැඩෙන් වාසිය සජිත්ට. දැන් සුළු ජාතික ඡන්ද ඔක්කොම ලැබෙනවා

  3. චන්ඩි මල්ලි says:

    දේව රූප, කුරුස සලකුණු එල්ලාගෙන යාම කොහොමද?

    • රජින්ද says:

      මෙන්න තවත් කුරුස ඇමේනියා කාරයෙක්…!!

  4. Siri says:

    ප්‍රශ්නෙ මල්මාලා නම් මල්මාලා කියල ලියපල්ලා. මොකටද දඩ කොලේ ඉෂ්ට රූප කියල ලිව්වෙ?

  5. ටොමියා says:

    දැන් එතකොට සුමන්තිරන්ලාගේ ඉල්ලීම් වලින් ඕය කියන 2007 අංක 56 දරණ පනත උල්ලංඝනය වෙන්නේ නැද්ද?

    ගුරු කන්ද විහාරය ගැන කරන කථා ආදාලම නැද්ද ඔය 2007 අංක 56 දරණ පනතට?

    ජාති ද්‍රෝහී පොලිසිය

  6. Bald Citizen says:

    ගෝඨා පොහොර නොමිලේ දෙනවයි කියපුහම සජිතුත් ඒක කොපි
    කරල මිනිහත් පොහොර නොමිලේ දෙනවයි කියනව.

    ගෝඨා ක්ෂ්‍රද්‍රා ණය කපා හරිනවයි කියපුහම සජිතුත් ඒක කොපි
    කරල මිනිහත් දැන් ක්ෂ්‍රද්‍රා ණය කපා හරිනවයි කියනව.

    What a copy cat!

  7. සුරා says:

    ඉස්ට රූප , මල්මාලා කියන්නෙ දෙකක්නේද ,

  8. Dissa says:

    If the Police office only advised the person, Why he issued the fine ticket.

  9. ඉෂ්ට රූප says:

    තායිලන්තෙන් ලංකාවට පූජ කරන්න ගෙනාපු බුදුපිලිම වලට පවා ලක්ෂ ගණන් බදු නියම කරපු පාලනයක් මේක…

  10. සරා says:

    පාහර බලු ආන්ඩුව පන්නා දැමිය යුතුමයි.

  11. Siri pala says:

    Ara panatha… me panatha. .. ara waganthiya. . Me waganthiya. .. okkoma apply wenne api wage samanaya minissunta vitharai. .. Neethiya ballata giya. . Mee haraak hora thakkadi palanaya karana ratak..

Main News