දයාසිරිගෙන් චන්ද‍්‍රිකාට කුණු බැණුම්..

October 23, 2019 at 10:00 am | lanka C news
දයාසිරිගෙන් චන්ද‍්‍රිකාට කුණු බැණුම්..

2015 ජනාධිපතිවරණයේ දී චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ගත් ක්‍රියාමාර්ගය වැරදි එකක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

එම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට විවිධ හේතු තිබුණ ද චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය කටයුතු කරන ලද්දේ රාජපක්ෂවරුන් සමග ඇති පුද්ගලික වෛරය නිසාම පමණක් යැයිද ඔහු සඳහන් කළේය.

මහ ලේකම්වරයා මෙම අදහස් පල කරන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පසුගිය වසර කිහිපය තුළ එක්සත් ජාතික පක්ෂය සමග ආණ්ඩු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද දැඩි ලෙස හානි වූ බවත් ඊට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද වගකිව යුතු බවත් ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගන ලද්දේ ම එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී නිසා ශ්‍රී ලංකා ශ්‍රීලනිපය ආරක්ෂා කිරීමට යයි කියා නැවතත් එජාපයට එක් වූවොත් එය ආපස්සට යාමක් බවද මහ ලේකම්වරයා තවදුරටත් පැවසීය.

34,589 Viewers

10 Comments to “දයාසිරිගෙන් චන්ද‍්‍රිකාට කුණු බැණුම්..”

  1. බන්ඩා says:

    සිරිසේනත් චන්ද්‍රිකා තරම්ම බොරැ කියල බොරැ කරල විතරක් නෙවෙය් ශ්‍රිලනිප අලි නැට්ටෙ එල්ලලා පක්ෂය විනාස කල නායකයෙක්.

  2. ක්‍රිමිනල් says:

    දයාසිරි මහත්තයලට තමන්ගේ හෙළුව බලාගන්න පුළුවන් ඊලග එන මහමැතිවරණයෙදී , ඔය පොහොට්ටුවේ දෑත් ශක්තිමත් කරන්න පැනපු අයගෙන් සියට 99 අන්ත පරාද වෙනවා ! පරාද කරන්නේ කවුරුත් නෙමෙ පොහොට්ටුවේ උදවියමයි.මංගලලා , චන්ද්‍රිකාල , ශ්‍රිපති ලට කොන්ඩම් තියරි වැටුනනං , බොලාට වැටෙන්නේ ට්‍රිපල් එකසෙල් කොන්ඩම් තියරි. 😂😂😂

    • john the baptist says:

      ක්‍රිමිනලයෝ, උඹ දවල් හීන බල, බල හිටපන්,  හකීම් නානා ඇවිල්ලා උඹේ කටට කක්ක බෙට්ටක් දාල යනකම්.
       

  3. Gamini says:

    This guy was in the SLFP and jumped to UNP then again to SLFP and says that he is protecting the SLFP and pinpointing others who crossover.

    Hopeless takers, did not do anything to the Country or electorates he represented. He can not be in an electorate for a long time because of his inability. He is ruining SLFP.

  4. ruwan says:

    දයාසොරි ඔයා දැන් මොනවා කිව්වත්, වීරයා වෙන්න හැදුවත් ඊලග පාර ගෙදර තමා. අපි තීරණය කරලා ඉවරයි පොහොට්ටුවෙන් පාර්ලිමේන්තු යවන කට්ටිය.

  5. sara says:

    යකෝ මූ කවුද මැඩම්ට බනින්න. චන්ද්‍රිකා කියන්නේ අපේ රටේ හිටපු රැජිනක්.

    • ගිරවා says:

      මෙලෙච්චේද මිනීමරු පිරපාකරන් ත්‍රස්තවාදියාට මහත්තයා කිව්ව චෞර රැජිනද ? මේ වගේ දේශද්‍රෝහිනියක් කෙසේද රටක රැජිනක් වන්නේ
      sara ඔබට අන්දකයිප්පු කැවිලද ? එහෙම නැත්නම් මෝලේ වර්ධනය වෙලා මදිද?

    • දප්පුල says:

      ඔවු, චෞර රැජිනක්!

  6. Anoosh says:

    Former President Chandrika Kumaratunga is a queen who served Sri Lanka without any issues as a woman. She is a great lady in SL history.

Main News