ඉඩමක කැනීම්වලින් මිනිස් ඇටසැකිලි හමුවෙයි…
October 28, 2019 at 5:30 pm | lanka C news
මුලතිව්, පුදුකුඩිඉරිප්පු, සුගන්දිරපුරම් ප්‍රදේශයේ පිහිටි ඉඩමකින් පසුගිය 20 වනදා මිනිස් ඇට සැකිලි හමුවු ස්ථානය මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතාගේ හා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.ඉලන්ගෝවන් මහතා ඇතුළු පිරිසගේ ඉදිරියේදී මේ දිනවල කැනීම් කටයුතු සිදු වෙමින් පවති.
අදාළ කැනීම් වලදී එම ස්ථානයේ තිබි මිනිස් අස්ථි බවට සැකකෙරෙන අස්ථි කොටස් කිහිපයක් හමු වී ඇති අතර තවදුරටත් අදාළ ස්ථානයේ කැනීම් කටයුතු සිදුකළ කරන ලෙසට මුලතිව් මහේස්ත්‍රාත්වරයා පොලීසිය වෙත නියෝග කොට ඇත.
මුලතිව් පුදුකුඩිඉරිප්පු, සුගන්ධිපුරම් එස්.නගුලේශ්වරන් නැමැත්තෙකු සිය ඉඩම වගාවන් වෙනුවෙන් සකස් කිරීමේදී අදාළ ඉඩමේ ගසක් පාමුල තිබී ඔක්තෝම්බර් මස 20 වැනිදා අස්ථි කොටස් කිහිපයක් නිරීක්ෂණයෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කොට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.
මුලතිව් අතුරුදහන් වූවන්ගේ ඥාතීන්, මානව හිමිකම් නියෝජිතයින්, පුදුකුඩිඉරිප්පු නිලධාරීන්, පුරාවිද්‍ය නිලධාරීන් ඇතුළු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ අදාළ ස්ථානය කැනීම් කටයුතු මේ වන විට සිදුවෙමින් පවතියි.
අදාළ ස්ථානයෙන් විවිධ ප්‍රමාණයේ අස්ථි කොටස් කිහිපයක් හමුව ඇති අතර අදාළ අස්ථි වෝහාරික පරීක්ෂණ වෙනුවෙන් යොමු කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කොට ඇත්තේ අදාළ ස්ථානය සම්බන්ධයෙන් එළැඹෙන අද දිනයේද කැනීම් කටයුතු සිදුකරන ලෙසයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
මේකත් ගොටභයාගේ වැඩක් තමයි අනිවාර්යෙන්ම .මෙසේ නොකීවොත් තමයි පුදුමේ?
මීට අවුරුදු කීපයකට ඉස්සර ඔය පලාත්වල ගොවි සංවිධානයක් පිහිටුවාගෙන එක පුද්ගලයෙක් වගා කරපු ඒවා තමයි ඔය මතුවෙන්නෙ….මොකද උන්දැ මංඤොක්කා හිටෙව්වෙ නෑ නොවැ ….
මං එපා කියද්දි ගෝඨා තමයි ඕව වල දැම්මේ.
Sure ekata ape soldaduwan mara yatakarapu prabhakaran ge wedak.
ඔය ඒකාලේ පිරිපාකරන් මාමා පැකොරපු හමුදා හෝ පොලිස් ගස් ???????????