පාස්කු බෝම්බය ගෝටාට පටවන විඩියෝවේ මුල-මැද-අග මෙන්න..

October 30, 2019 at 6:26 am | lanka C news
පාස්කු බෝම්බය ගෝටාට පටවන විඩියෝවේ මුල-මැද-අග මෙන්න..

පාස්කු ප්‍රහාරයට ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ බවට ව්‍යාජ වීඩීයෝ පටයක් නිර්මාණය කර ප්‍රචාරය කිරීමේ එක්සත් ජාතික පක්ෂ කුමන්ත්‍රණයක් පිළිබද ව තොරතුරු අනාවරණය වේ.

පාස්කු ප්‍රහාරයේ වගකීම ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පටවා කතෝලික ඡන්ද සජිත් ප්‍රේමදාස මහතාට ලබා ගැනීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂය මෙ‍ම නිර්ලජ්ජිත කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරන බවට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ කතෝලික මන්ත්‍රීවරු චෝදනා කළහ.

ඔවුන් මෙහි දී අනාවරණය කළේ බත්තරමුල්ල ප්‍රදේශයේ ස්ථානයක මෙම රෑ ගත කිරීම් මේ වන විට සිදු වන බවයි. ඒ සදහා අදාළ ප්‍රචාරක ආයතනයට රැපියල් කෝටි 08 ක මුදලක් ලබා දී ඇතැයි ද මන්ත්‍රීවරැ පෙන්වා දුන් හ.

මීගමුව කොච්චිකඩේ රෙනොවෙල් හෝටලයේ දී පැවැති මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වන නිමල් ලාන්සා‚ සනත් නිශාන්ත‚ අරුන්දික ප්‍රනාන්දු‚ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. ඊට අමතරව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති ට්‍රෙවින් ප්‍රනාන්දු‚ හිටපු පළාත් සභා මන්ත්‍රී උපුල් රාජිත‚ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කුමාර ගුණරත්න යන මහත්වරුන්ද ඊට එක්ව සිටියහ.

මෙ‍ම ව්‍යාජ විඩීයෝ පටය සමාජ මාධ්‍ය වෙත මුදාහැර පසුව  එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් මාධ්‍ය හමුවක් කැදවීමටත් දේවස්ථාන ජනතා උද්ඝෝෂණයක් සංවිධානය කර ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ආණ්ඩුවට බල කිරීමට මෙම පිරිස සැලසුම් කර ඇතැයි මන්ත්‍රිවරු මෙහි දී පෙන්වා දුන් හ.

මෙම කුමන්ත්‍රණය පිටුපස  මංගලසමරවීර‚ තුසිත හල්ලොළුව සහ දයාන් ජයතිලක ඇතුළු පිරිසක් සිටින බව පෙන්වා දුන් මන්ත්‍රීවරු මේ සම්බන්ධයෙන් ‍සොයා ගැනීම සදහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්‚ මෙයට විශේෂ ජනාධිපති කොමිසමක් ද පත් කර එහි අවසන් වාර්තා ද  ඉදිරිපත් කර ඇති අවස්ථාවක මෙවැනි කුමන්ත්‍රණයක් සිදු කරන්නේ එජාපය 16 වෙනිදා ලැබෙන නියත පරාජය හමුවේ වියරු වැටී සිටින නිසා බව ද පෙන්වා දුන්හ.

එහි දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැක් වූ අදහස් මෙසේ යි..

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා

“එක්සත් ජාතික පක්ෂයට කතෝලික ඡන්ද ලක්ෂ 10ක් වත් ලැබෙන්නේ නෑ. පරාද වන බව දන්න නිසා මේ වගේ කුමන්ත්‍රණ හරහා බලය ගන්නැ’යි එක්සත් ජාතික පක්ෂය මාන බලන්නේ. පාස්කු ප්‍රහාර ගැන අනූ හත් පාරක් ආණ්ඩුවට තොරතුරු ලැබිලා තිබුණා. CID එක TID එක හිටියා. පොලිසිය බුද්ධි අංශ හිටියා. ප්‍රහාරයෙන් පස්සේ තේරීම් කාරක සභාවක් පත් කරා. විශේෂ විමර්ශන කොමිසමකුත් පත් කරා. හැබැයි මේවයින් කළේ පාස්කු ප්‍රහාරයේ සැබෑ වග කිව යුත්තන් වසන් කිරීමයි.

අපි කතෝලික ජනතාවගෙන් ඉල්ලනවා රැවටෙන්න එපා. ජනතාව ඉදිරියට යන්න බැරි එක්සත් ජාතික පක්ෂය උත්සාහ කරන්නේ බොරු වපුරලා ජනතාව රවට්ටලා ඡන්ද ගන්නයි. මේ විඩීයෝ ව කරන්න බත්තරමුල්ල දැන්වීම් ආයතනයකට රුපියල් කෝටි 08 ක් ලබා දී තිබෙනවා. දැන් බත්තරමුල්ලේ මේ විඩීයෝ ව රූ ගත කරන බව අපි දන්නවා. මේ විඩීයෝව එළියට දාලා රට තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබද ව වැරදි මතයක් නිර්මාණය කරලා ඡන්ද මංකොල්ලයන්ට ආණ්ඩුව සැලසුම් කරනවා. කතෝලික ජනතාවගෙන් ඉල්ලනවා පල්ලි ඉස්සරහා මේ වගේ අය උද්ඝෝෂණය කරන්න ආවොත් හොද පාඩමක් උගන්වන්න කියලා. ”

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත

“පාස්කු ප්‍රහාරය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සැලසුම මත ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සිදුකෙරුණු බව පෙන්වීම තමයි මේ ව්‍යාජ විඩීයෝව නිර්මාණය කිරීමේ අරමුණ. රටේ ජාතික ආරක්ෂාව බිද වැටී ඇති බව ජනතාව තුළට කා වද්දා ජනාධිපතිවරණයේ දී වාසියක් ලබා ගැනීම එහි අරමුණ වී තිබෙනවා. මේ විඩීයෝව සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරිමෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ කතෝලික මන්ත්‍රීවරු මාධ්‍ය හමු පවත්වමින් ගෝඨාභය මහතාට එරෙහිව නීතිමය පියවර ගත යුතු බව ප්‍රකාශ කිරිමටත් ඉන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් කතෝලික දේවස්ථාන ඉදිරිපිට උද්ඝෝෂණ සිදු කිරිමටත් සැලසුම් කර ඇති බවටත් තොරතුරු ලැබී තිබෙනවා.

මේ වීඩීයෝවේ පෙනී සිටින පුද්ගලයින් පිළිබදවත් මේවා කරන අය ගැනත්‚ කරවන අය ගැනත් සියලු තොරතුරු අප සතුව තිබෙනවා. මේ අයට විරුද්ධ ව අපි නීතිමය පියවර ගන්න සියල්ල සූදානම් කරලයි තියෙන්නේ.

තේරීම් කාරක සභා පත් කර විශේෂ කොමිශන් සභා පත් කර විමර්ශන සිදු කරායින් පසු ආණ්ඩුව අලුතින් නටන්න හදන මේ නාඩගම මොකක් ද? මේ කරන්න හදන්නෙ මැතිවරණය ඉලක්ක කර ගත් උප්පරවැට්ටියක්. මේවාට රැවටෙන්න එපායැ’යි අපි කතෝලික ජනතාවගෙන් ඉල්ලනවා.”

පාර්ලිමේන්තු මන්ත්‍රී අරැන්දික ප්‍රනාන්දු

“මේක නින්දිත සැලසුමක්. මේ පිටුපස ඉන්නේ මංගල සමරවීර‚ තුසිත හල්ලොළුව‚ දයාන් ජයතිලක වගේ අය. මංගල හැමදාම කළේ මේ වගේ කුමන්ත්‍රණ.  රිෂාඩ්ලා‚ හකීම්ලා බේර ගන්න  ගහපු උප්පරවැට්ටියක් තමයි තේරීම් කාරක සභාව. ඡන්දය ඉලක්ක කරගෙන මේ වගේ තුච්ඡ වැඩ කරලා හිතාගෙන ඉන්නේ අපේ කතෝලික ජනතාව රවට්ටන්න. අපි මේ පිළිබද ව සාක්ෂි සහිතව කාදිනල් උන්නාන්සෙට පැමිණීලි කරනවා.  ඒ වගේම මේවට සම්බන්ධ අයට විරුද්ධව නීතිමය පියවර ගන්නවා.”

පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ 

“ පාස්කු ප්‍රහාරයට ලක්වුණු කතෝලික ජනතාවට මේ ආණ්ඩුවෙන් සාධාරණය ඉෂ්ඨ වුණේ නෑ. පරීක්ෂණ ගැන සෑහිමකට පත් වෙන්න බෑ. තේරීම් කාරක සභා වාර්තාව ඵුස්සක්. මේ ආණ්ඩුවට තව දුරටත් මෙරට කතෝලික ජනතාව රවට්ටන්න අපි ඉඩ තියන්නේ නෑ.”

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ගුණරත්න මහතා ද මෙහි දි කථා කළේ ය.

67 views

8 Comments to “පාස්කු බෝම්බය ගෝටාට පටවන විඩියෝවේ මුල-මැද-අග මෙන්න..”

  1. NAK says:

    If any one benefited from the Easter sunday bombing it the was the Indian PM Modi.It helped PM Modi’s election campaign immensely.

    • Boo says:

      මේක අර ජනපති තුමාගේ ජාතිය අමතා කරන්න බලාගෙන ඉන්න විශේෂ කතාවේ ප්‍රධාන කතා වස්තුවයි.

      මේවා ඔක්කොම ලැස්ති කරලා හිටන් රට ගියා, ඇවිල්ලා බලනකොට ප්ලෑන් කරපු විදිහටම අලුත්ම චෝදනාවක්, රට උඩ -යට හරවන දරුණු චෝදනාවක් එලියට ඇවිල්ලා, මිනිස්සු පල්ලි ළඟ උද්ගෝෂණ කරනවා.

      ඉතින් මිස්ටර් බීන් වගේ තමන්ම ලැස්ති කරපු ප්ලෑන් එකේ හැටියට ජාතිය අමතා ගොටාව අත්අඩංගුවට අරන්, ඊට පස්සේ ජනතාව කුපිත වුනාම හදිසි නිතිය ප්‍රකාශ කරලා මැතිවරණය කල් දානවා.

      කොහොමද ටිකිරි මොලේ ?

    • Salute India says:

      ඉන්දියාවට වැදපල්ලා.ඉන්දියන් බුද්ධි අංශ කියපු දේ ඇහුවනම් පාස්කු ප්‍රහාරයෙන් බේරෙන්න තිබුනා.අද ලංකාවේ ආරක්ෂාවට ලොකු පිටුවහලක් ඉන්දියන් බුද්ධි අංශ.
      ලංකාවේ බුද්ධි අංශ වගේ ආණ්ඩු වෙනස් වෙන විදියට ඉන්දියාවේ බුද්ධි කටයුතු වෙනස් වෙන්නේ නෑ.මෙහේ වගේ එහේ බුද්ධි අංශ නිලධාරින්ව කප්පම් ගන්නයි ජනමාධ්‍යවේදියෝ මරාදමන්නටයි යොදා ගත්තා කියලත් නෑ.
      2009 දෙමල සිවිල් වැසියන් බේරගන්න මුවාවෙන් ලංකාව දෙසට US නාවුක බලඇණියක් එනකොට කොටි බේරගන්න මහින්ද, ෆොන්සේකා රට ඇතඇරලා දිව්වා..ගෝටා හැංගුනා.ඒ වෙලාවේ US නැව් එන එක බ්ලොක් කලේ ඉන්දියන් Navy එකෙන්.තව ටිකෙන් ඇමෙරිකන් හමුදාව ලංකාවට බහින්නේ ඒ වෙලාවේ.

  2. praba says:

    අන්තවාදයට ගෝටාභය සම්බන්ධ උණානම් මේ දක්වා කරන ලද පරීක්ෂණ, බුද්ධි තොරතුරු වලට අහුවුනේ නැද්ද? මේ මඩ ව්‍යාපාර ගෙනියන්න මුන්ට පොඩි මොලයක්වත් නැද්ද? දැන් මිනිස්සු මේවට රැවටෙන්නේ නැහැ. මෙවැනි දේවල් කරන්න කරන්න මිනිස්සුන්ට සජිත් ප්‍රේමදාසවත් හොඳටම එපා වෙනව. බලය වෙනුවෙන් කරන දේවල්. ඇත්තටම පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධවු සමර මුස්ලිස් අන්තවාදීන් මේව බලල හොඳටම හිනා වෙනවා ඇති. සිංහලයා බලය පිණිස නොකරන දෙයක් නැහැ අපි කරපු අපරාධ උන්ගේ පිට දමාගන්නවා කියලා. අනේ මෙහෙම කාලකණ්ණි. මේව කරන එවුන්ට වැහි නැති හෙන ගහනව සත්තයි. සත්‍ය කෙදින හෝ ජයගනීවී.

  3. ක්‍රිමිනල් says:

    හප්පට හිටියේ නැත්තේ එක දවසයි ඒ ටිකට , වැටට කලින් කෙහෙල් කැණ එලියට පැනලා.මෙතන සුදර්ශණී ප්‍රණාන්දුපුල්ලේ හැර අනිත් කබ්බන්ට කතෝලික මන්ත්‍රී වරුන් කියා අමාන්ත්‍රණය කල නොහැක , එතනෝල් , කුඩු -ගංජා වෙළදාමක් කිරීම තියා කිතු බැතිමතෙක් එය අනුමතවත් නොකරයි. දැන් , දැන් පාස්කූ ප්‍රහාරයේ කරුණු එක දෙක එලිවේගෙන ,සත්‍ය ජනතාව අතරේ ගැවසෙනකොට , ගෙඩිය පිටින් වැටෙන්න තිබුනු කිතුනු චන්ද ටික එහාට මෙහාට වෙනකොට මේ ගොල්ලා දැන් තක්බීර් වෙලා. දැං පාස්කූ ප්‍රහාරයට වගකිව යුතු කට්ටි ,එම කමිටුවේ වාර්තාවන් ප්‍රතික්ශේප කරන තත්වෙට පත්වෙලා.

  4. Sajita candey dena katholika janathawa deyviyan whanseyta apahasa karana papa tharayo hatiyata apita hithanna wanawa neyyyyda.

  5. Dr.Janaka Withanage says:

    People, the conspiracy has been launched against Gota. Please everyone stick together and fight for it at ones.

  6. Dr.Janaka Withanage says:

    UNP පාක්ෂිකයින් බොහොමයක් බුද්ධි අංශ සේවා වල පිරිස් බව කරුණාවෙන් සලකන්න.