යහපාලනය තිත්ත වේ.. විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ (Futa) සියළු නිලධාරීන් ඉල්ලා අස්වේ…

September 21, 2016 at 10:00 am | lanka C news
යහපාලනය තිත්ත වේ.. විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ (Futa)  සියළු නිලධාරීන් ඉල්ලා අස්වේ…

රටේ පැන නැගී ඇති කිසිදු ගැටළුවක් ගැන අදහස් පල නොකර සිටීමේ නිහඬ ප්‍රතිපත්තිය හමුවේ සාමාජිකයන්ගෙන් එල්ල වූ දැඩි පීඩනය හමුවේ විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සියලු නිලධාරීන් ඊයේ ඉල්ලා අස් වී ඇත.

මොරටු විශ්ව විද්‍යාලයේ ආචාර්ය රංගික හල්වතුරගේ සභාපතීත්වයෙන් යුත් නිලධාරී කණ්ඩායම මෙසේ ඉල්ලා අස් වී ඇත.

විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවතින රජයට විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂ දේශපාලන නායකයන්ට සුවච කීකරු පිරිසක් ලෙස හැසිරීම විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ දැඩි විවේචනයට ලක් විය.

මේ අතර නිර්මාල් රන්ජිත් ඇතුළු කණ්ඩායමක් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ යලි බලය ලබා ගැනීමේ මෙහෙයුමක් අරඹා ඇති බවද මාධ්‍ය වාර්තා පල වෙමින් ඇත.

– Huta

28,086 Viewers

7 Comments to “යහපාලනය තිත්ත වේ.. විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ (Futa) සියළු නිලධාරීන් ඉල්ලා අස්වේ…”

  1. ඉතිහාස පාඨමාලාව රු. 20,000/- says:

    හය කී විට සැවොම දනී සියේ ට නම්
    දෙක කී විට සැවොම දනී රුපියල් නම්
    අට කී විට සැවොම දනී ජැනුවරි නම්
    මෙතුන් පදේ තෝරාලා කියාපන්

    • SJS says:

      තමුන්ගේම ජාතියට විරුද්ධව වැඩකරන පිරිස් ඕනෑම රටක සිටී. උදාහරණවශයෙන්, පලස්තීනුවන් පෙනී සිටින යුදෙව්වන්ද, ලිබියාව, ඉරාකය සහ සිරියාව වෙනුවෙන් පෙනී සීටින ඇමරිකානුවන්ද සිටිති. මෙම පිරිස් ප්‍රමාණාත්මකව ඉතා කුඩා වන අතර, කිසිසේත්ම එම රටවල ඉහල දේශපාලන තනතුරු හෝ වෙනත් වැදගත් සමිති සමාගම්වල ප්‍රමුඛතා ලබා නොදේ. එම රටවල ජනතාව මෙම පුද්ගලයින්ට එම අදහස් දැරීමේ අයිති පිළිගන්නා අතර, බොහෝ විට මෙම පිරිස් රටේ ප්‍රධාන තීරනාත්මක තනතුරුවලට පත්වීමට ඉඩනොදේ.

      නමුත් මෝඩයින් බහුල වශයෙන් සිටින සිරි ලංකාවේ, කැබිනට් මණ්ඩලයටත් වඩා ඉහලින් ඇති ව්‍යවස්ථාදායක සභාවට වික්‍රමභාහු, සම්බන්ධන් සහ හකීම් වැනි පුද්ගලයින් පත්වෙති. දෙමල බෙදුම්වාදයට සහයෝගය පලකරන කුමාර් ගුනරත්නම් විශ්ව විද්‍යල සිසුන්ගේ ප්‍රධානම සංගමය වන “අන්තරය” මෙහෙයවයි. විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ නායකත්වය, දෙමල ඊලම වෙනුවෙන් පෙනීසිටින නිර්මාල්ලා හසුරුවයි.

      මේවා ගැන කල්පනාකරන විට, “මෝඩ පරපුරේ” නළුවා, තම මවගෙන් අසන ප්‍රශ්නය අපටත් අපේ දෙමව්පියන්ගෙන් ඇසීමට සිතේ.

    • මම විකුණුවාට කමක් නෑ says:

      හය ගැන කියා රැවටුවදෝ නොවේදෝ
      දෙක ඉල්ලා ගුටි කෑවදෝ නොවේදෝ
      අට කල විප්ලවේ හරියාදෝ නොයාදෝ
      මේ වගේ ගොනෙක් තව ඇද්දෝ නොවේදෝ

  2. නිර්මල ප්‍රජාතන්ත්‍රවාදය says:

    විද්‍යුත් හැඳුනුම්පතට එරෙහි අන්තරේ, විශ්ව විද්‍යාල වලට එන නවක ශිෂ්‍යයන්ට හඳුනා ගත හැකි එක් නිශ්චිත ෆයිල් කවරයක් රැගෙන යාමට බල කරන්නේ ඇයි?

    අන්තරේ දම්මලා මට ගස්සවන පෙසප, කුමාර් ගැන පුවත්පත් සාකච්ඡාවලට මට එන්න කියන්නේ ඇයි?

    අන්තරේ හරහා විශ්ව විද්‍යාලවල වල ප්‍රජාතන්ත්‍රවාදී පරිසරය ට බාධා වන අයුරින් කටයුතු කරන පෙසප, රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ ඇයි?

    අන්තරේ සමග එකට වැඩ කරන සුමනසිරි ලියනගේ, සණස කැම්පස් එකේ රස්සාවක් කරන්නේ ඇයි?

    මෙම සියළු ප්‍රශ්න වලට මම දැන් පිළිතුරු සපයා ඇත. මගේ පිළිතුර, හක්ක පනින ගැටළුවට දී තිබූ පිළිතුර ට වඩා ද දියුණු එකකි.

    මගේ පිළුතුර මෙසේයි:-
    ඒ, අධ්‍යාපනය වාණිජකරණය ට එරෙහිව මැරෙන්න හදන මම, ඉතිහාසය සහතික පත්‍ර පාඨමාලාව රුපියල් විසිදාහක ට විකුණන නිසා ය. අඩුම තරමින්, කොළඹ විශ්වවිද්‍යාලය විසින් එසේ අද්‍යාපනය මුදලට විකිණීම, මා විසින් උත්කර්ෂයට නංවන නිසා ය.

    • OLU says:

      යහපාලන පාර්ලිමේන්තුවේ සිදුවන ජනතා විරෝධී ක්‍රියා මාර්ග වලට විරුද්ධව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සියලු නිලධාරීන් ගත් තීරණය අපි අගය කරමු එයට අපේ ස්තුතිය
      තිත්ත උනත් ඇත්ත මේකයි ……සිතා බලන්න
      අසාධාරනයට ලක්වූ අපේ රණවිරුවො හිරබත් කනවා (..මේජර් විමල් වික්රමගේ රණවිරු වා අත්අඩංගුවෙන් පැන යන කොටියෙකුට වෙඩි තබා මැරු වට දඬුවම වසර 10 ක අත් හිටවූ සිර දඬුවමක් සමග රැ. ලක්ෂ 20 ක් වන්දි ගෙවීම )..LTTE ත්‍රස්තවාදීන්ගේ පවුල් වලට දැන් වන්දි මුදල් .අපේ රටජාතිය බේරාගත් රණවිරුවන්ට කුඩම්මාගේ සැලකිලි ..විශ්‍රාම වැටුප් කපයි රණවිරු පවුල් අනාථ යි මේකද මේ රටේ සිදුකරන සාධාරණය ? ලෝකයේ කුමන රටේද ත්‍රස්තවාදීන්ට වන්දි මුදල් ගෙව්වේ ගෙවන්නේ ? විල්පත්තු වන විනාශය …යාපනේ විශ්ව විද්‍යාලයේ සිසුන්ට පහර දීම ..නැගෙනහිර මහා ඇමති හමුදා නිලධාරියෙකුට බැනපු එක මේ අවස්ථාවල දී ජනතාව කිව්වා නිතිය ක්‍රියා කරන්න කියා එත් අද වෙන කම් ක්‍රියාත්මක උනාද ? නැහැ නේද?
      මේ සිදුවීම් අවසන් උනේ ඇමතිකම් දීලා කෑම වේල් දීලා ඔන්න ඔහොමයි යහපාලනය නිතිය ක්‍රියාත්මක කරන්නේ දෙමල මුස්ලිම් ජාතිකයින්ට එත් අපේ ගෞරවනීය සංඝයා වහන්සේලා කි දෙනෙක් චෝදනා මත හිරේ දැම්මද ?දේශප්‍රේමී දේශපාලකයින් කි දෙනෙක් හිරේ දැම්මද ? හාමුදුරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ නිතිය අනිත් උන්ට අදාළ නැද්ද ? මේ ලියා ඇත්තේ කීපයකි ….නිතිය කාටත් පොදුයි කියන් නේ කට වචනයට විතර ද ? මේ විධිහට පුලුවන්ද ජාතින් අතර සමගිය ඇති කරන්න රටේ මහා ජාතියට කුඩම්මාගේ සැලකිලි ..දෙමළුන්ට විශේෂ වරප්ප්‍රසාද .මේ දේවල් සිරිසේනලාට රනිල්ලාට අමතක උනත් ජනතාවට අමතක නොවේ ඇත්තටම මේ පාලකයින් ගැන අපට ඇත්තේ කලකිරීමක් පිළිකුලක් මේවා කියන අපිට ජාතිවාදීන් කියනවා එත් මේ තමයි ඇත්ත

  3. CAT says:

    මේ දේශද්‍රෝහී යමපාලනයට විරුද්ධව මුළු රටට පෙරට ආ යුතුයි
    මොරටු විශ්ව විද්‍යාලයේ ආචාර්ය රංගික හල්වතුරගේ සභාපතීත්වයෙන් යුත් නිලධාරී කණ්ඩායම ට අපේ ප්‍රණාමය
    වත්මන් රෙජිමයට පක්ෂව කටයුතු කරන්නේ බල වාසියට වැඩකරන දේශද්‍රෝහී නිවටයින් පමණි
    ලංකාවේ සියලුම විශ්වවිද්‍යාලවල ආචාර්ය වරු ඇතුළු නිලධාරින් සිසුන් සිසුවියන් මේ රෙජීමයේ අකටයුතු පාලනයට විරුද්ධව දැන්වත්
    පාරට බැසිය යුතුයි …බලා සිටීමට කාලයක් නැත ….මේ සිදුවන්නේ සිංහලයාගේ විනාශයයි

    • Suba Anagathayak says:

      සෙසු උදවිය ජරාවක් බව දැනගෙන මගහැර ගියද, ෆුටා කාරයන්ට ඒක ජරාවක් බව යන්තමින් හෝ තේරෙන්නේ පාගාගෙන, ගාගෙන, තවරාගෙන, රටම ගඳ ගස්වා කාලයක් ගිය පසුවය!

Main News