කතානායකගෙන් සජිත් පිලට අන්තිම ප‍්‍රහාරය එල්ල වේ.. නොකවුට් වී බිමටම ඇද වැටේ…

November 21, 2019 at 10:13 pm | lanka C news
කතානායකගෙන් සජිත් පිලට අන්තිම ප‍්‍රහාරය එල්ල වේ.. නොකවුට් වී බිමටම ඇද වැටේ…

එක්සත් ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා ලෙස පත් කරන්නැයි කර තිබූ ඉල්ලීම කථානායක කරු ජයසූරිය මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා පූර්වාදර්ශ සලකා බලමින් එම ඉල්ලීම ඉවත දැමීමට කතානායකවරයා කටයුතු කර ඇති බව වාර්තා වේ.

2015 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් විපක්ෂය නියෝජනය කරමින් සිටි අවස්ථාවේ කටයුතු කළ අන්දමටම මෙවරද විපක්ෂ නායකයා තීරණය කරන බව කථානායකවරයා සදහන් කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂයට ඇතුළු කණ්ඩායම් 2015 වර්ෂයේ දී ගියද ඔහුට විපක්ෂ නායක ධුරය ලබා නොදුන්නේ ඔහු නියෝජනය කරන පක්ෂ නායකයා නොවීම නිසා බවත් ඒ ආකාරයෙන්ම මෙවර එක්සත් ජාතික පක්ෂයේ නායකයා වන රනිල් වික‍්‍රමසිංහ මහතාට විපක්ෂ නායක ධුරය ලබා දීමට පක්‍ෂ නායක හමුවේදී තීරණය වී ඇත.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකයා ලෙස පිළිගන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල කාරියවසම් මහතා කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ලෙස පිළිගන්නා ලෙස ඉල්ලමින් එජාප මන්ත‍්‍රීන් 40ක් පමණ පිරිසක් ලිඛිතව කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.

81,069 Viewers

9 Comments to “කතානායකගෙන් සජිත් පිලට අන්තිම ප‍්‍රහාරය එල්ල වේ.. නොකවුට් වී බිමටම ඇද වැටේ…”

  1. sathya says:

    Paw ane

  2. Lavariyage Kolla says:

    Very soon this fellow will go mad!

  3. True news says:

    Dittadammawedaniya karmaya

  4. yvonne- chula says:

    owama tama sajith mahindata kele – ethakota ubata hari – dan weradi- api kiyanna ohegw wachnawalin – karuuge hari prajathanrawadaya rakinawa – hahaha

  5. Nihal says:

    Give Gebi Sajiya a Set of pads.

  6. Boo says:

    අර ෆොන්සේකා කියන මෝඩ තකතීරුවට කියල කියෙවුවනං හරි මට විපක්ෂ නායක කම දුන්නේ නැත්තන් ගැඩවිලෙක් වෙලා උපන්නම උදලු පාරක් ගහනවා කියල දෙකට කැපෙන්න. එතකොට කරු බයවෙලා වැඩේ කරලා දෙයි.

  7. sw says:

    සජියව අන්දලා වටේ හිටපු උන් සජියව කෑවා .දැන් සජියා කපුටන්ට නරිට අහුවුන අලි කුණක් විතරයි .මස් ටික ඉවර වෙනකම් නරියි කපුටොයි ඉදීවි .

  8. Nihal says:

    Now frogs are asking Saji Saji

  9. ciminal says:

    සජියටමයි කිව්වත් වැරදියි…
    රනිල තමයි කිව්වත් වැරදියි…
    එබැවින් ජෙප්පනි ටොයියනි පවසමි…
    දෙන්නට දෙමුය කියා… ආ…. 😀

Main News